IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘මන්ත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනයට වරම් ඉල්ලයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාකර දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන  සංවිධායකවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී (1) පැවැසීය

මේ අතර වෛද්‍ය පීඨවලට  මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගෙන ඇත්තේ දෙසීයක් අඩුවෙන් හෙයින්  ඒ පිළිබඳව සොයා බලන ලෙසද  කිරිඇල්ල මහතා මෙහිදී   රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

ඔහු මෙම ඉල්ලීම් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ  පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය. මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන පසුබිම ගැනද අද කතාබහට ලක්වන බවත්  ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට  වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බවත්  කිරිඇල්ල මහතා කීවේය. මේ පාර්ලිමේන්තුවට එන්නේ  බුද්ධියක් තියෙන හොඳ හැකියාවක් ඇති අය බව

පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එසේ නැතිනම් මෙතනට පැමිණිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ඡන්දයක්  දිනන එක  කොච්චර අමාරු  වැඩක්දැයි කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේ වසර පහක් හයක් සිටිද්දී ආභාෂයෙන් ලොකු දැනුමක් ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට,  නීති  විද්‍යාලවලට  ඇතුළත්වීමට අවස්ථාව උදා කළ හැකි බවත් ඔහු පැවසුවේය.

මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලදී  විභාගයක් නොමැතිව නීති විද්‍යාලයට ඇතුළත්වීමට හැකිවූ බවද  ඒ අවස්ථාව උදා කළේ සෑම් විජේසිංහ හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයා බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට  පවා නීති විද්‍යාලයට යෑමට එදා අවස්ථාව උදාවූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය . 



අදහස් (20)

‘මන්ත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනයට වරම් ඉල්ලයි‘

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 December 2021 01:53 PM

ඊට වඩා හොඳයි නේද උගත්කම තියෙන අය පාර්ලිමේන්තුවට ගත්තාම.නිසි සුදුසුකම් නැතිව දේශපාලන සුදුසුකම් වලින් පමණක් විශ්ව විද්‍යාල වලට හා නීති විද්‍යාලයට ගත්තාම මේ රටට මොකද වෙන්නේ.

:       1       35

mihiriWednesday, 01 December 2021 03:06 PM

දෙපැකත්තෙම ඉන්නේ ගොන් හරක් කියන එක සනාථ කලා.

:       0       23

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 01 December 2021 03:09 PM

කිරිඇල්ල මහත්තයා මේ උත්සාහ කරන්නේ, මන්ත්‍රීවරුන් පිරිසකගේ හිත් දිනාගෙන ඔවුන්ව තමන්ගේ පැත්තට හරවා ගැනීමට වෙන්නට පුළුවන් නේද? එහෙත්, මේ වැනි බොළඳ වැඩ නිසා ඔහු සජබෙට තියෙන මහජන ඡන්ද ටිකත් නැතිකරන්නයි මේ හදන්නේ...

:       1       17

RaveendraWednesday, 01 December 2021 04:43 PM

ඕන ගොනෙකුට ඕන විදියට තප්පුලන්න පුළුවන්නේ.. මෙය එයට කදිම උදාහරණයකි.

:       1       5

මොට්ටපාල Wednesday, 01 December 2021 05:04 PM

උගතුන් හදන්නේ නූගතුන් උගතුන් කරන්න. නූගතුන් කැමැති නැහැ.. අනෙක් අය උගතුන් වෙනවාට....

:       0       5

RaveendraWednesday, 01 December 2021 04:41 PM

අපගේ ජීවිත කාලයටම මේ ඇහුවාමයි.. මී හරකුන්ට, බූරුවන්ට සරසවිවල ඉගෙනුම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස වැඩකටම නැති වාචාලයෙක් ඉල්ලීමක් කිරීම...

:       1       5

ජල්තර Wednesday, 01 December 2021 02:00 PM

පහේ පන්තිය හා අටේ පන්තිය සමත් වූ පසුව මේ පිළිබඳව සළකා බලමු.

:       1       34

Malika Wednesday, 01 December 2021 02:10 PM

තවත් විනාශයකට මුල පුරන්න හදනවා. අටවත් පාස් නැතිව දූශනයෙන්, වංචාවෙන් හොර චන්දවලින් පාර්ලිමේන්තු ඇවිත් දැන් ඒක සුදුසුකමක් කරන් උසස් අධ්‍යාපනයට වරම් ඉල්ලනවා. එතකොට කෝ උගතුන්ට තැනක්. අපේ අධ්‍යාපනයත් නැති කරන්න හදන ඔලමොට්ටල අදහසක්.

:       0       42

Sriland Wednesday, 01 December 2021 02:14 PM

ඔය හදන්නේ හොරපාරෙන් උපාධිය අරගන්න... ඇයි නාකිවෙනකම් පොල්ගෑවාද? ඉගෙන ගන්නේ නැතිව... දේශපාලකයන්ට හැමදේම නිකන් ගන්න අනිත් අයට වෙනම නීතියක්..!!! 

:       0       34

Bamunuarachchi Wednesday, 01 December 2021 02:17 PM

මූලික සුදුසුකම් සම්පූර්ණ කරන්න කියන්න. උසස්පෙළ සමත් වෙන්න කියන්න. රට කාල අධ්‍යාපනයත් කන්නයි හදන්නේ...

:       1       31

චමින්ද Wednesday, 01 December 2021 04:06 PM

අනේ බමුණෝ කිරිඇල්ල මංත්‍රිතුමා පැරණිතම නීතී විශාරදයෙක්. එතුමා පමණක් නොවෙයි දුවා දරුවො එංගලන්තයේ නීති උපාධි ලබා පැමිණි අයයි.

:       0       0

saman Wednesday, 01 December 2021 02:25 PM

මොවුන්ට මුලින්ම සා/පෙළ, උ/පෙළ පාස්වෙලා එන්න කියන්න. තවත් දක්ෂයෙකුට තියෙන අවස්ථාව නැති කරන්නේ නැතිව...

:       0       32

lal Wednesday, 01 December 2021 02:26 PM

ඒ කාලේ සෙල්ලම් අද කාලෙට හරියන්නේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට අවස්ථාව දෙනවා මිසක් අටපාස් වෙන්න බැරිව මගඩි කරලා පාර්මේලින්තු ආපු අයට මොකට දෙනවාද?

:       0       32

Hafeel Wednesday, 01 December 2021 02:32 PM

මේ මොන මෝඩ පිස්සු යෝජනාවක්ද? රටේ සාමාන්‍ය ළමුන් මහන්සි වෙලා විභාහ ලියලා තමයි විශ්ව විද්‍යාලවලට යන්නේ. ඊට වඩා හොඳ නැද්ද කලින්ම් උපාධිය දුන්නොත්? දැනටමත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන දීමනා, වරප්‍රසාද, නොමිලේ වාහන පර්මිට්... මහජන සේවයට කියලා ඇවිල්ලා ජීවත් වෙන්නේ මහජන මුදලින්...

:       0       26

පැරකුම්Wednesday, 01 December 2021 02:54 PM

අනේ ඉතිං ඔය ඉල්ලන්නෙ අපට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න නේ. කොහොමහරි ඔන්න ඕක දීලා දාමු.

:       11       4

Royfedricks Wednesday, 01 December 2021 02:49 PM

ඇයි කෙලින්ම ආචාර්ය උපාධි ගන්න ක්‍රමයක් නැද්ද? එස්.ටී.එෆ් ආරක්ෂාව යටතේ විභාගයට ලියලා හරි කමක් නැහැ. දැන් ඔය බලන්නකෝ අචාර්ය මර්වින් සිල්වා, ආචාර්ය තිලංග සුමතිපාල, ආචාර්ය චීචී රාජපක්ෂ.. ඔය වගේ උගත්තු අපේ රටට කොතරම් සම්පතක්ද?

:       1       18

rocky Wednesday, 01 December 2021 03:52 PM

මන්ත්‍රීවරු නොදන්න දෙයක් නැහැනේ. කෙළින්ම ආචාර්ය පදවි දෙමු. කුලපති උන්නාන්සේට කිව්වා නම් හරි..!!!

:       0       7

de silva Wednesday, 01 December 2021 04:31 PM

ශාලාධිපතිලාට පිස්තෝලයක් පෙන්වලා හරි විභාගේ පාස් වුනොත් කාටද ආඩම්බර

:       0       0

Sunil Wednesday, 01 December 2021 04:57 PM

ඔවුන්ට වටහාගත හැකි උසස් අධ්‍යාපනයක් නැහැ. අත්‍යාවශ්‍ය නම් වෘත්තීය සමිති කාරයෙක් කුලපතිකම දරන සරසවියකින් හොර උපාධි දෙමු..

:       0       2

Ruwan R Wednesday, 01 December 2021 05:34 PM

අධ්‍යාපනයත් බල්ලට යවන්න හදන්නේ.. මුලින්ම 6 වසරට ඇතුළත් වෙන්න කියන්න. ජීවතුන් අතර හිටියොත් එතැනින් එහාට පිළිවෙළට යන්න දෙමු. විභාග හොර කරන එක අඩු කරන්න නම්, එල්ලුම් ගහවත් ගේන්න වෙයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 451 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 146 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 156 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 620 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 210 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 656 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site