IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මන්ත්‍රීවරු 17 දෙනකුට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු

(ඩයනා උදයංගනී)

ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු වෙත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූර ලබාදීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (27) සිදුකෙරිණි.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුවිය.

කොළඹ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

ආචාර්ය විජයදාස රාජපක්ෂ

 

ගම්පහ දස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

 

කළුතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

පියල් නිශාන්ත

 

මහනුවර දිස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

ආචාර්ය සරත් අමුණුගම

 

මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

ලක්ෂ්මන් වසන්ත පෙරේරා

 

මොණරාගල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

සුමේධා ජී. ජයසේන

 

නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

මුත්තු සිවලිංගම්

 

ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

චන්දිම වීරක්කොඩි

 

මාතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

නිරෝෂන් පේ‍්‍රමරත්න

 

යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

අංගජන් රාමනාදන්

 

මන්නාරම දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටු සභාපති

කාදර් මස්තාන්

 

මඩකලපුව දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

එස්.වියලේන්ද්‍රන්

 

අම්පාර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

ශ‍්‍රියාණි විජේවික‍්‍රම

 

අනුරාධපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති

වීරකුමාර දිසානායක

 

බදුල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

තේනුක විදානගමගේ

 

කෑගල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල

 

රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති

දුනේෂ් ගන්කන්ද

 

යන මහත්ම මහත්මීහු මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.

 

 



අදහස් (15)

මන්ත්‍රීවරු 17 දෙනකුට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු

පාලිත. Wednesday, 27 November 2019 02:46 PM

සුදර්ශනී පුුනාන්දුපුල්ලේ මැතිණිය නම් ඕකත් නොගත්තා නම් වටින්නේ ජෙයරාජ් මහත්මයා නැතිවුණු දවසේ ඉඳලාම කෙරුවේ අසාධාරණකම්ම තමයි. කොහෙවත් නැති මැටි මෝල්ලුන්ට පට්ටම් දෙනවා. හදයි රට ඔය විදිහට...

:       62       222

සමන්ත Wednesday, 27 November 2019 02:59 PM

බලාගෙන ගියාම මෙතන රට බේරාගන්න කතාවට යටින් තිබිලා තියෙන්නේ පෙරේතකම නිසා ඇති වුනු තනතුරු බෙදා ගැනීමේ ප්‍රශ්නයක්...

:       3       266

Hafeel Wednesday, 27 November 2019 04:33 PM

එ්ක තමයි කියන්නේ... දැන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සේරටම තනතුරු ලැබුණා. හරියට පහුගිය ආණ්ඩුව හොරු එල්ලුවා වගේ... දූෂණ, චෝදනා තියන අයට තනතුරු දෙන්නේ නැහැ කියලා, දැන් සතියකින් සේරම අමතක වෙලා...

:       0       148

Chathuri Wednesday, 27 November 2019 03:05 PM

මිනිස්සු මෙතරම් මෝඩයි කියලා. පිටරට වැසියන් දන්නේ මේ ඡන්දයෙන් පසුවයි. මිනීමරු, හොරු දූෂිතයින් රටේ අගමැති, ජනපති, අසරණ මිනිසුන්ට අකුණුසැර වදිනවා. ඇයි මේ වගේ අයට වඳින්නේ නැත්තේ...? ලංකාවේ අධිකරණ වල තියෙන්නේ , නායකයින්ට වැරදි කරන්න පුළුවන්, වැසියන්ට බැරි නීතියක්... කියන්නේ බෞද්ධ කියලා අරබි රටවලවත් මෙවැනි දේවල් සිදුවෙන්නේ නැහැ.

:       28       524

ගැමුණු Wednesday, 27 November 2019 03:25 PM

අපි නම් බෙදා ගත්තා.

:       1       175

Champa Wednesday, 27 November 2019 04:22 PM

අම්මේ.. හැන්දක් අරන් ඇවිත් බෙදාගනිල්ලා කිව්වාම සවලක් අරන් ඇවිත් බෙදා ගන්නවා. අර කලින් දීපු ඇමති තනතුරු 54න් 16ක්ම අඩු කරන්න තිබ්බා. මම ලිස්ට් එක වෙන තැනක දැම්මා. ආයේ ලියන්න කම්මැලියි. මේ මෙතන තියෙන සභාපති තනතුරු වලට වැටුපුත් ගෙවනවද? මේ තනතුරු අතරින් සහ අර කලින් දුන්නු ඇමති, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති තනතුරු වලින්, කලින් වහල් ආණ්ඩුවේ තනතුරු දරපු අයට නොදී ඉන්න තිබ්බා. අවුරුදු 5ක් තිස්සේ කට්ට කාගෙන නඩු හබ වලටත් වියදම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනඑක වෙනම කාරණාවක්. නමුත් වහල් ආණ්ඩුවේ ඇමතිකම් කර කර ඉඳල ඡන්දෙ කිට්ටුව මේ පැත්තට පැනපු ශ්‍රීලනිප සහ යූඑන්පී මන්ත්‍රීලාට ඇමති හෝ වෙනත් තනතුරු දීපු එක වැරදියි. ඇයි මොකෝ වුනේ ශ්‍රී ලංකා කාරයෝ blackmail කළාද? භාරකාර ආණ්ඩුවක් අරන් මෙහෙම නම් ඡන්දෙන් ආණ්ඩුවක් ආවොත් එහෙම ලිස්ට් එක 100 පනියි. මොකක්ද ජනතාවට කරන්න තියෙන්නේ? වහල් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සියලු දෙනා පාර්ලිමේන්තුවට එන එක නවත්තනවා හැර වෙන විකල්පයක් නැත. ඔන්න වේලාසනම කියන්නේ. මේ ගොල්ලෝ ඡන්දෙට දැම්මොත් එහෙම දිනන සීට් ගාන අඩුවෙයි. ඇත්තමයි ලංකාවට අලුත් දේශපාලන පක්ෂයක් අවශ්‍යමයි.

:       24       319

ලැවොයිසියර් Wednesday, 27 November 2019 04:36 PM

මේ අයටත් පඩි ගෙවනවද?

:       0       25

Dasa P Wednesday, 27 November 2019 04:53 PM

ඕකට ගෙවීමකුත් කරනවද? ඇමති කෙනෙකුට ගෙවන ප්‍රමාණයෙන් කීයෙන් පංගුවක්ද?

:       0       27

Sanga pala Wednesday, 27 November 2019 06:25 PM

ඕගොල්ලෝ කොමෙන්ට් දදා ඉන්න. මහා රජා ආවත් ඕක තමයි වෙන්නේ..

:       0       27

Mahee Thursday, 28 November 2019 02:50 AM

කටු කෑලි විසිකරනකොට ඇඟේ වැදිලා තුවාලත් වුණාද දන්නේ නෑ. ඒත් හිනා මුහුණු පිරිලා. දකින්නත් ආසයි. අර සත්තු වුණත් කට්ටකින් දමලා ගැහුවාම සන්තෝසයෙන් ඒක අහුලාගෙන යනවා මිසක් ගොරවන්නේ නැහැනේ.

:       0       15

Mahesh Thursday, 28 November 2019 05:18 AM

මේකෙන් කියන්නේ මේ අයව ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට එවන්න එපා කියන එක..

:       0       20

MISHAL-MATARA Thursday, 28 November 2019 06:07 AM

තනතුරු නැතත් හදලා හරි දෙනවා..

:       0       16

sandyThursday, 28 November 2019 07:40 AM

කී දෙනෙක් කියලා සතුටු කරන්නද? භාජනේ මගේ. හැන්ද මගේ. පිඟාන මගේ. තියෙන්නේ බෙදලා තමන් කැමති කැමති අයට අඩු වැඩි වශයෙන් දෙන එක විතරමයි. ලංකාවේ දේශපාලනය යනු එයයි.

:       0       16

lanka Thursday, 28 November 2019 07:19 AM

දැන් හරි වෙනසක් පේනවා නේද?

:       0       13

sandy Thursday, 28 November 2019 08:20 AM

හරි වැරදි - හොද නොහොද මොහොතකට අමතක කරමු. නමුත් හැමදාම පත්වීම්. ඉවරයක් නැත. ඊට පසු නැකත් බැලීම්. ඊටත් පසු වැඩ බාර ගැනීම්. ටික දවසකින් නත්තල් නිවාඩු. වර්ෂ අවසාන නිවාඩු. වැඩ පටන් ගන්නේ කවදාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 38 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 58 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 309 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 127 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 372 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 584 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site