(*** සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුගේ කෑම වේල හා ඊට වැයවන මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් මැතිසබයට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් මැතිසබයට ඉදිරිපත් කරන්නැයි ආණ්‍ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර මෙම වාර්තාව මැතිසබයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුව යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
මේ අතර මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා වැයවන නියම වියදම ගණනය කරන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ආපනශාලා ගිණුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමකට නියෝග කර තිබෙන අතර එම ගණනය කිරීමේ කටයුතු ඊයේ (31) සිට අරඹනු ලැබ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කෑම වේල සම්බන්ධයෙන් පසුගිය දිනවල මැතිසබා රැස්වීම්වලදී ද උණුසුම් කතාබහක් ඇතිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ගණන් හිලව් ඉදිරිපත් වන හෙයින් ඒ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන මැතිසබයට වහාම ඉදිරිපත් කරන්නැයි ආණ්‍ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන් එම රැස්වීම්වලදී ඉල්ලා සිටියහ.
මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා රුපියල් තුන්දහසක පමණ මුදලක් වැයවන බවට පාර්ලිමේන්තු නිලධාරියකු පැවැසී යැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ද වාර්තා කර තිබූ අතර එම සමාජ මාධ්‍ය ජාලා වාර්තා නිසා ද මන්ත්‍රී ආහාර වේල සම්බන්ධයෙන් රටේ ලොකු කතාබහක් ඇතිවිය.
පාර්ලිමේන්තුව ලබන 8, 9, 10 හා 11 දිනවල රැස්වීමට නියමිතය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මන්ත්‍රී කෑමවේලේ පැටිකිරිය ලබන සතියේ මැතිසබේට