(සුජිත් හේවාජුලිගේ )
කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.
මාදිවෙලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනෙක සියැසින් නොදුටු අය පවා මේ මන්ත්‍රීවරුන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඇතැම් මන්ත්‍රීවරුන් තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද ලබාදී ඇති බව තොරතුරු දැන ගනීමට ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව අය කෙරෙන්නේ රුපියල් දහසක පමණ අවම ගාස්තුවකි. මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට නිවෙස් ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුද මෙම නිවාස ලබාගෙන මෙලෙස ඥාතීන්ට හිතවතුන්ට හෝ වෙනත් අයට ලබාදීම පුරුද්දක් කරගෙන සිටින බව කියති.
මේ අතර "සමිට්" නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී ඇත. මේ අනුව එම සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් වහාම එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන් පදිංචි කරලා
රටවැසියා Saturday, 23 October 2021 08:16 AM
කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පදිංචි අයට නිවාස දෙන්නේ කුමටද? අධිවේගී මාර්ග තිබෙන ප්‍රදේශවල අයට දෙන්නේ කුමටද? වත්කම්, බැරකම් බලන්නේ කුමටද? රජයේ සේවකයෙක් කළොත් අධිකරණයට යන රටේ පාලන නීති හදන අයට නීති වලංගු නැද්ද? මෙහෙම වැරදි කරුවන්ට හා නිවාස භාර නිලධාරින්ට දඬුවම් දෙන ක්‍රමයක් නොපමාව ඇතිකළ යුතුයි...
ravin Saturday, 23 October 2021 08:40 AM
පැහැදිලි ලෙස පෙනෙන්නේ සම්බන්ධීකරණ දුර්වල තත්වයන්ය.. නිවාසය දුන්නේ කාටද? පදිංචිය කොහේද? කියන එක දන්නේ නැතිව කොච්චර කල්ද? එක පැත්තකින් ඕවා හොයන නිලධාරීන් යනවාට වැඩිය හොඳයි පාඩුවේ ඉන්න එක කියලත් හිතනවා ඇති. දේශපාලකයින්ගේ වරදවල් හොයන්න ගිහිල්ලා තූත්තුකුඩියට මාරුවෙනවාට වඩා දෙයියනේ කියලා ගෙදර ගිහිල්ලා නිදාගන්නවා ඇති.
Jagath Santha Arachchi kittuwa Saturday, 23 October 2021 09:44 AM
මේ අම්බලන්පාලුවන් පදිංචිකරපු, සිග්නල් කණුකාරයින්ට නමක් නැද්ද? ඒ අයට ඡන්දෙ දුන්නු හින්දනේ ඕවා කරන්නේ...! නම් ටික දාන්නකෝ... අපි ආයේ ඡන්දෙ නොදී ඉන්නම්...
mahinda Saturday, 23 October 2021 10:13 AM
රටේ නිවසේ කුලිය ගෙවා ගැනීමට නොහැකි අසනීපය බොහෙත්ටික ගැනීමට නොහැකි හා තුන් වේල පවා සරි කර ගැනීම නොහැකි මිනිසුන් සිටිද් දී මහජන මුදල් අවභාවිතා කර ආකාරය.
RaveendraSaturday, 23 October 2021 11:22 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය..
anton austria Saturday, 23 October 2021 11:50 AM
වැරදිකරු කවුද චන්දෙ දුන් අයම තමා දන්වත් තෙරුම් අරන් . එකෙක්වත් යවන්න එපා පර්ලිමෙන්තුවට
69lakshaya Saturday, 23 October 2021 11:20 AM
ප්‍රශ්නයක් නැහැ... ඥාතීන්ට ඉස්සෙල්ලා සලකන්න ඕනෑනේ...
Bamunuarachchi Saturday, 23 October 2021 11:44 AM
ගේ හිස්ව තියන්න බයයි... කව්රු හරි වැඩේ දෙයි කියලා. මන්ත්‍රිගේ වෙන්කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තු ආවම නවතින්න. හැමදාම කොළඹ ඉන්න බැහැ... එයා ඉන්න ඕනේ ගමේ. මන්ත්‍රී පාර්ලිමේන්තු එනකම් මේ ගෙදර හිස්ව තියන්නද? හිස්ව තිබෙන විට වෙන අයට ඉඳගත හැක යන කියමනින් බ්රෙන්න ලේන්සුව එලලා යනවා වගේ ඥාතියෙක් ඉන්දනවා. මොකක්ද ප්‍රශ්නය..?
Bamunuarachchi Saturday, 23 October 2021 11:46 AM
ඒ කාලේ හඬපටවලින් කියැවුණා... තවත් පදිංචි වෙච්චි අය ගැන එතකොට කවුරුත් මොකුත් කිව්වේ නැහැ...
laankikaya Saturday, 23 October 2021 12:21 PM
නම්, ගම් දැම්මා නම් තමයි හොඳ... මෙහෙම නම් දැම්මාම ඒ වගේ කුප්ප වැඩ කරන්නේ නැති සුළු පිරිසගේත් නම්වලට හොඳ නැහැ... මෙයා වගේ අය නම් එළිපිට කියන්න පුළුවන් මාධ්‍ය සංස්කෘතියක් හදන්න.
Nihal Saturday, 23 October 2021 02:13 PM
ගැහිල්ලේ හැටියට ඕක සුළු දෙයක් ගාණට හිතන්නේ...
Ranawaka Saturday, 23 October 2021 02:22 PM
නිලනිවාසවල ඉන්න ඕනේ තමන්ගේ අය තමයි... ඇයි අවුල්ද?
ජනතාව Sunday, 24 October 2021 12:45 PM
පුදුමෙ කියන්නෙ ලෝකෙ හොදම රංගධාරීන් සහ නරඹන්නොත් ඉන්නෙ මෙහෙ. කාටවත් සබ කෝලය ගෑවිලාවත් නැහැ. ආඩම්බරද? 69 සතුටින් ඉපිලිලා.
BamunuarachchiTuesday, 26 October 2021 07:59 AM
අපි ඔය ගොබ්බ සතුට ගන්නේ මන්ත්‍රිලගේ නිවාසවල ඉන්නේ කවුද කියලා බලලා නොවෙයි. අහවලා ගේ හඬපටවල කියාවූනා නේද ඔය නිවාසවල ආවගිය කට්ටිය. ඒවා අහන කොට පොඩි චුන් එකක් එන්න ඇතිනේද? අනේද කියන්නේ.
Bamunuarachchi Monday, 25 October 2021 05:49 PM
මේ නිවාස, කාර් දෙන්න පටන් ගත්තේ කොයි කාලෙද...?