(අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක් මාතර සිට)
“තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය.
එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව කී සජිත් ප්‍රේමදාස මහතා මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මෙවර ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන“සජිත් එනවා”දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.
මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්විණි.
පැය 15 කට අධික කාලයක් තිස්සේ මාතරට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණ ද එය නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිවිල් සංවිධාන නියෝජියෝ සහ පළාත් පාලන නියෝජිතයෝ විශාල පිරිසක් ද රැළියට සහභාගී වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’
සමන් - ඕමානය Friday, 23 August 2019 02:25 PM
අනේ අනිච්චං, බදුල්ලට ගිය කට්ටියමනේ මාතරටත් ඇවිත් තියෙන්නේ!!! ආපු සෙනගත් බදුල්ලට ආපු සෙනග ම වෙන්න ඇති...!!!
RaveendraFriday, 23 August 2019 04:14 PM
කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව පැහැදිලිය..// මන්දිරවල සිට නිධන්වදුලු ගල්තාලා බැහැ නොව සොයන්නට..// කොළඹ සිටද දඩයම් කිරුමට රිංගන්නට බැහැ නොව කැලේට..// එබැවින් ගොයියා සත්‍යම පවසා ඇත්තේ රටවැසියන්ටම නොවේද..//
WasudewaSaturday, 24 August 2019 02:15 AM
රවින්ද්‍ර මයා...සජිත් රට පුරාම ගමේ පොඩි මිනිහට ගෙයක් දීල දුප්පත් මිනිසුන්ට විසාල යමක් කරගෙන යනවා.අයි මේ හැම දෙයක්ම වපර ඇහෙන් බලන්නේ.එතුමා මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් පැය 24 රේම වැඩ කරලා අවංකව යමක් කරනවා.ලොකු වගකීමක් පවරුනොත් දැන් ඉන්න කම්බ හොරුන්ට වඩා රටට යමක් කරය්.නැවත කම්බ හොරුන්ට රට ගියොත් වෙන දෙය දන්නවනේ.
chinthakaSaturday, 24 August 2019 03:56 AM
වීදි ගානේ ඇවිදින්නේ එක්කෝ පිස්සෝ, නැත්නම් හිඟන්නෝ. රට වටේම නිධන් කඩලා පිස්සෙක් වෙලාද? නැත්නම් අර "රට දියුණු වුනොත් විදේශ ආධාර ලැබෙන්නේ නැති වෙයි" කියලා ප්‍රකාශයකුත් කරපු එකේ හිඟන්නෙක් වෙලාද?
ගල්කටස් Friday, 23 August 2019 02:26 PM
සමනළයින් එක්කද ඔයාගේ ගමනත්.... මහත්මයා අර බදුර්දීන්, හිස්බුල්ලා, සාලි වැන්නවුන් ගැනත් ඔබගේ අදහස රටට පවසන්න.
siraj Friday, 23 August 2019 02:41 PM
කෙහෙල් කොලේ බත් කාලා බෝල්පොයින්ට් පෑනෙන් ලියපු කෙනාම වගේ...
Prabha Friday, 23 August 2019 03:07 PM
කියන කතා වලින් හිතාගන්න පුළුවන් කෙරුවාව කොහොම වේවිද කියලා...? මෙයා දින්නොත් තව අවුරුදු 5ක් විනෝද සමය බැලිය හැකිය.
ChathuriFriday, 23 August 2019 03:55 PM
අවුරුදු 5කින් විනෝද සමය බලන්න පුලුවන්නම් කොයිතරම් වාසනාවක්ද? සුදු නැතිනම් මාස හයක් යන්නත් ප්‍රථමයෙන් සුදුවෑන් යනකොට, හැංගෙන්නත්, තමන්ගේ අයිතිවාසිකම් කියනකොට පැහැරගෙන යන්නත්... අනේ දෙවියනේ!!! එහෙම කාලයක් නම් උදාවෙන්න එපා. අපිට විනෝද සමයම දෙන්න, යුද්ධයෙන් බැටකාපු අපි කණාමැදිරි එළියටත් බයයි..
Prabha Friday, 23 August 2019 05:22 PM
යුද්ධයෙන් බැටකෑව චතුරි ඉල්ලන්නේ සජිත්ව.. මගේ හිතේ මෙයා ඉපදිලා වැඩි කලක් නැතිව ඇති.
Lal Friday, 23 August 2019 03:11 PM
මෙයාගේ පියාණන් වගේම මෙයාත් හොඳ ඩබල්ගේම් කාරයෙක් තමයි.
sirimal Friday, 23 August 2019 03:20 PM
අනේ අනිච්චන්... හම්බන්තොටින්, තිස්සමහාරාමයෙන් එපිටට අඩියක් නොතියපු කෙනෙක් කියනවා ලංකාව පුරා වීදි ගානේ යනවා කියලා. අදට පක්ෂය දෙකට කඩලා 2025දී දිනන්න කියලා ඔය දිරච්ච ලණුව දුන්නේ කවුද කියලා අපි නම් දන්නවා. ඔහොම ඉඳලා එයා අනිත් තරඟකාරයා එයාගේ පක්ෂයෙන් ඉදිරිපත් කරපුදාට තමයි සජිත් මහත්තයට එලොව පොල් පෙනෙන්නේ...
SENASaturday, 24 August 2019 12:18 PM
එයා ඔය කියන්නේ ලංකාවේ පාරවල් ගැන නෙවෙයි ආර්යාවත් එක්ක පිටරට වල පාරවල්වල රවුම් ගහන ඒවා ගැන...
Deepal Friday, 23 August 2019 03:44 PM
අනේ රජතුමනි,...
සේනක Friday, 23 August 2019 03:55 PM
අනේ සමනළයෙකුගේ කතාවකට අනිත් සමනල්ලු ටිකත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මහත්තයෝ සමනලුන්ට රට දීලා මේ කරගත් වින්නැහිය හොඳටම ඇති නේද? අපේ දේශපාලකයන් බලයට එන්න කලින් කියන දේ ඇවිල්ලා කෙරුණා නම් අද අපේ රටේ දුගී, දුප්පත් ජනතාවක් නැහැ. හැමදාම රටේ ජනතාව මෝඩයින්ට අන්දවන එක තමයි කලේ... ලංකාවේ දේශපාලකයන් ඉතිහාසයේ ඉගෙන ගත් නැති පාඩමක් රටේ ජනතාවගෙන් ඉගෙනගන්නේ මෙදාපාර තමයි.
Thilina Friday, 23 August 2019 04:05 PM
අද කිව්වා කියලා ලියලා තියාගන්න. මෙයා ජනාධිපති වුණොත් සිරිසේනට වඩා හපන් කෙනෙක් වෙනවා ඒකේ දෙකක් නැහැ. මෙයා ජනාධිපති වුණු ගමන් ආධාර සමුළුවක් තියලා මේ රට දුප්පත් හිඟන රටක් කියලා පෙන්නලා ආධාර අරගෙන රට සුඛිත මුදිත කරනවලු. දෙයියනේ මෙච්චර අවම මානසිකත්වයක් තියෙන කෙනෙක්ද? මේ ජනාධිපති කරන්න දඟලන්නේ...
AmilaSaturday, 24 August 2019 05:26 AM
සිරිසේන කියන්නේ ඇමතිකාලේ මෙලෝ වැඩක් කරලා නම් නැහැ. ඒකයි ඔහු රටේ ඉහළම පුටුවට ගියත් අසාර්ථක වුනේ. අනික ඔහුට භාෂා ප්‍රශ්නයත් තියෙනවා. නමුත් සජිත් ඇමතිවරයෙක් විදියට නිවාස ප්‍රොජෙට් හරහා වැඩක් කරන්න පුලුවන් පලපුරුද්ද හදාගෙන තියෙනවා. අනික ඉංග්‍රීසිත් හොඳට පුළුවන් නිසා වැඩකරන්න පහසු වෙනවා. ආණ්ඩුවේ ඉන්න අනිත් ඇමතිවරු අතරින් වැඩක් කරන්න පලපුරුද්ද තියෙන්නේ පාඨලීට සහ මංගලට විතරයි. රනිල්ලා, කරූලා වයසත් වැඩියි.
ok kumara Friday, 23 August 2019 04:25 PM
රටට හොඳක් වෙනවා නම් පක්ෂ, පාට අපිට වැඩක් නෑ. හොඳ නායකයෙක්...
Chanak los angelesFriday, 23 August 2019 04:55 PM
එක තැනක කියනවා සජිත්ව නම්කරගන්න රැලි සංවිධානය කරනවා කියලා.. තව තැනක කියනවා පක්ෂයේ සහයෝගයෙන් සජිත් අපේක්ෂකයාට නම් කර අවසානයි කියලා.. තවත් තැනක කියනවා අපි ගෝල්ෆේස් පිටියේ අපේක්ෂකයාව හඳුන්වා දෙනවා කියලා. අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවට තමයි...
SankaSaturday, 24 August 2019 08:59 AM
චානක ලොසන්ජලිස් මයා නම් හොඳ ගොට්ටෙක් වගේ තමයි පේන්නේ. මොකද මෙයා පාට කණ්ණාඩි දාලා බලනකොට පේන්නේ අනිත් ඔක්කොම ඇදේට...
Chanak los angelesSaturday, 24 August 2019 06:08 PM
සංක පාට කන්නාඩි දමලා බලා තිබෙනවාද ? එවිට ඔබට දේවල් පෙනෙන්නේ ඇදේටද?බලන් ඉන්න හොඳ නැහැ අක්ෂි වෙද මහතෙක් හමුවෙන්න.
ගගන Friday, 23 August 2019 04:44 PM
වීදි ගානේ යන්නේ යාචකයෝනේ? ප්‍රතිපත්ති හදලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කරන කෙනාට මන්දිරයේ බැරි නම් ගුහාවක ඉඳන්හරි...
Saththaya Friday, 23 August 2019 04:46 PM
ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගූලව මතක් වෙනවා. ඒ ගොල්ලෝ නැති නිසා දැන් කව්රුහරි ඉන්න එපෑයෑ ජනතාව හිනස්සන්න...
Chanak los angeles Friday, 23 August 2019 04:47 PM
අහසේ තරුත් ගෙනත් දෙනවා. මුහුදේ මඩත් ගෙනත් දෙනවා.
NDK Friday, 23 August 2019 05:28 PM
පුංචි සිරිසේන..
Nanda Friday, 23 August 2019 06:46 PM
ලංකාවේ ගොඩ දෙනෙක් අමාරුවෙන් ගත කරනවා කියලා හිතෙන්නේ මට විතරද? මහින්දත් හිටියේ ඔහොම තමයි.
MP Saturday, 24 August 2019 01:49 AM
මේවට අහුවෙන මෝඩයන් තවමත් ඉන්නවා. යො ජනපති වුනොත් ඒ එන්නෙත් මේ කාලකණ්ණි ආංඩුවම තමයි කියල මේ මෝඩයන්ට නොතේරේද?
suranjith Saturday, 24 August 2019 02:59 AM
ඔබතුමාට දුප්පත් ජනතාවගේ සහයෝගය අසිර්වාදය හදපත්ලෙන්ම ලැබෙනවා. මේ රටේ සියට 50 ට වැඩිය ඉන්නේ දුප්පත් ජනතාව. අදහස් පළකරන්නට පරිගණක ඔවුන් ළඟ නැහැ. ඔවුන්ගේ හදවත් වලින් ඔබට අසිවාදයක් මිස මඩ ගැසිලි නැත. මෙතන ලියපු සමහර ය මම හොඳට දන්නවා පක්ෂය ඇතුලේ ඉඳන් සෑම නරක වැඩක්ම කරලා ඔබතුමාගේ චරිතයටත් මඩ ගහන්න ඒ අය දක්ෂයි රටට සේවය කරන ඔබතුමා නොසැලී ඉදිරියට යන්න
kamal Saturday, 24 August 2019 04:38 AM
“සජිත් එනවා” ආමර් විදියට...!!!
Raman Saturday, 24 August 2019 04:50 AM
සජිත් මොනවා කිව්වත් අන්තිමට කුමාර වෙල්ගම යූ.එන්.පී. කොඩියෙන් ආවොත් පුදුම වෙන්න එපා. ගියසුමානේ වෙල්ගමගේ සහෝදරයාගේ අයි.ඩී.එල්. මහින්ද්‍රා කාර් ෆැක්ටරිය විවෘත කළේ රනිල්... වෙල්ගම ඉන් පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා ජනාධිපතිකමට ඉල්ලන්න බලාපොරොත්තු බව කිව්වා. හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් වෙල්ගමගේ ලඟම නෑයෙක් එක්ක. අන්තිමට රනිල් වෙල්ගමව දානකම් දන්නෙම නැහැ.
Amila Saturday, 24 August 2019 05:33 AM
දැන් ඔය මහින්දව වීරයෙක් වගේ කරේ තියන් යන මිනිස්සුන්ට අමතකයි 2000, 2001 ආසනෙත් පැරදුණු ටෙලි ප්‍රොම්ටර් දාගෙන කතාකරපු මනුස්සයෙක් කියලා මහින්ද. නමුත් 2004න් පසු ඔහු දක්ෂ කථිකයෙක් වුණා වගේම නැවතිලා තිබුණු වැඩ... ඒවත් කරා. කොහොමත් රටට වැඩක් කරේ සේනානායකලා, ප්‍රේමදාසලා සහ මහින්ද රාජපක්ෂලා විතරයි. බණ්ඩලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා කරේ රට කාපු එකයි. සජිත්ගේ වයසත් එක්ක බලද්දී ඔහුට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕනෑ. ගෝඨාභය කියන්නේ 70ත් පැනලා.. සිරිසේනටත් වඩා භයානකයි. අනික තනියෙන් වැඩක් කරලා කිසිම පලපුරුද්දක් නෑ. ඒවගේම විකල්ප බලවේග කියලා එන අයත් කිසිම පලපුරුද්දක් නැති අය.
Thilina Saturday, 24 August 2019 08:36 AM
රටකට අවශ්‍ය වෙන්න නිවැරැදි දැක්මක් තියෙන නායකත්වයක් දෙන්න පුලුවන් කෙනෙක් මිසක් පාලම්, බෝක්කු හද හද පම්පෝරි ගහන පෙට්ටි ගෙවල් හදලා රටේ දුප්පත්කම පෙන්නලා ආධාර හිඟාකන පොරක් නෙමෙයි. අපිට වඩා විශාල රටවල් පවා තනි තනි ගෙවල් හදන එක නවත්තලා ගොඩක් කල්.. පහුගිය අවුරුදු 4 මෙයා හිටියේ ආණ්ඩුවේ නෙමෙයිද? එක වචනයක් කතා කළාද රටට අහිතකර තීන්දු තීරණ ගනිද්දී?
AmilaSaturday, 24 August 2019 02:33 PM
ඔහුට දැක්මක් තියෙන නිසා තමයි වටේ ඉඩ ටිකක් තියෙන කුඩා නිවාස ඒකක හදලා තියෙන්නේ... අනික ඔහු නිවාස ඉදිකරන්නේ බොහෝමයක් නාගරික ප්‍රදේශ වලින් පිට. ඕනෑතරම් ඉඩ තියෙනවා නිකන් මොකටද කුකුලු කූඩූ වගේ තට්ටු නිවාස හදන්නේ...? නාගරික ප්‍රදේශවලට ඔබින ලෙස වෙනම ප්‍රොජෙට් යනවනේ. උදාහරණයකට කොළඹ රනවක හදන්නේ තට්ටු නිවාස ඉඩ කඩ ප්‍රශ්න තියෙන නිසා. ගම්බදව ඉඩ කඩ තියෙන නිසා ගෙදර මිනිස්සුන්ට වත්තේ පිටියේ මොනවාහරි වවාගන්න පුලුවන්, කුඩාවට ගෙදරම ස්වයං රැකියාවක් කරන්න පුලුවන්. ඒ වගේ දේවල් ගැන හිතලා තමයි එවැනි ප්‍රොජෙක්ට් යන්නේ. අනික දේශපාලනය කරනවා නම් අනිවාර්යයෙන්ම තමන්ව මාර්කට් කරගන්න ඕනෑ මේ වගේ රටවල. එහෙම නැතුව කරහම තමයි මිනිස්සු අහන්නේ මොනවද හලෝ කරේ කියලා. අන්තිමට ඡන්දත් නෑ.. වායුසමනය කරපු කාමරවලින් එළියට බැහලා වට පිටේ ටිකක් ඇවිදින්න..
wimal Saturday, 24 August 2019 06:23 AM
මෙයාගේ බොළඳ දේවල්වලට ජනතාව රැවටෙන්නේ නැහැ. ගල්යුගයේ හිටිය 20%ක් විතර සිංහල මෝඩයන් තවමත් ලංකාවේ ඉන්නවා. එයාලා හැමදාම රැවටෙනවා.
sisira Saturday, 24 August 2019 06:51 AM
වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ...
Rata Perata Saturday, 24 August 2019 07:04 AM
තව සූත්තර පුංචෙක් රට කන්න දඟලවා වගේ. මෙයා ආවොත් යන්න වෙන්නේ හොම්බෙන්.
Ari Saturday, 24 August 2019 07:14 AM
නාගානන්දගේ පුවත් එහෙම නැද්ද ?
Dilum Saturday, 24 August 2019 07:43 AM
සජිත් ආවොත් රටේ ඉතුරු ටිකත් ඉවරයි. ආයේ දෙකක් නැහැ. අපි අනාථයි මෙයා ආවොත්...
ඡන්දදායකයා Saturday, 24 August 2019 10:59 AM
අනිත් අමාත්‍යවරුන්ට වඩා මෙතුමා අවංකව යම් කාර්යයක් කළ බව පැහැදිලිය. අපේ පුංචි රටේ ඉඩම් සීමා සහිතයි. ඒ නිසා ගම්උදා, ව්‍යාපෘති පවා විනාශවීමට ඉඩ ඇත. එබැවින් චීනයේ මෙන් මහල් නිවාස සංකීර්ණ ඉදි කරනවා නම් වඩාත් සුදුසුයි. එමෙන්ම එතුමා ජනාධිපතිව දේශීය කර්මාන්ත සඳහා දිරිගැන්වීම රටේ ආර්ථිකයට මෙන්ම රැකීරක්ෂා ප්‍රශ්නයට විසඳුමක් විය හැක.
Bandula. Saturday, 24 August 2019 01:00 PM
අනේ එච්චර දුර ඇවිදින්න පුළුවන්ද? කකුල රිදේවි නේද? මේ අවුරුදු හතරෙන්ම කළ දේවල්වලට මහන්සිත් ඇතිනේ, ලොක්ක දේවිද නොවරදවාම?
Bishan Saturday, 24 August 2019 02:15 PM
ගෝඨාට වඩා නම් ඉදිරියෙන් ඉන්නවා. මිනිස්සු පෙට්ටි ගෙවල් ගැන කථා කරනවා. එහෙමවත් ගෙයක් ලැබෙන එක දුප්පත් මිනිහෙක්ට මදිද? පෙට්ටි ගෙවල් ගහලා හොරා කාලා තියෙනවද? තමන්ගේ අම්මා, අප්පාගේ සොහෙනෙන් හොරා කාපු අයට වඩා නම් හොඳයි. ජයවේවා අනාගත ප්‍රේමදාස යුගයකට...!!!
kumara Saturday, 24 August 2019 04:32 PM
මෙවැනි කථාවක් මට කළිනුත් ඇහිලා තියේ...!!
Ravindre r Saturday, 24 August 2019 05:03 PM
ඔයා රැස්වීමට අපේ නැන්දා කෙනෙකුත් ගියා . එයාව එක්කගෙන ගිහින් තිබුණේ සමෘධි ලිස්ට් එකට නම දාලා. ඔය ඉස්සරහ හුරේ දාන ගොඩක්අ ය මාතර අය නෙමෙයි . ස්ටේජ් එකේ ඉන්න අය එයාලගේ පැතිවලින් ම එක්කන් ආපු අය. ලැජ්ජයි . කාවද මේ රවට්ටන්නේ
kapSunday, 25 August 2019 08:56 AM
නැන්දට සමෘද්ධි ගන්න වෙලා තියෙන්නේ බෑනා හරියට සලකන්නේ නැතුව වගෙයි.
Bamunuarachchi Sunday, 25 August 2019 03:27 AM
හැබැයි ගම පලාත්වලට ගියාම ඒදඬුවල යන්න තිබෙනවා. ඒදඬුවල යන්න පුලුවන්ද? ඒදඬුවල ගිය හැටි අපි දැක්කා. ඒදඬුවල යන්න ඇඟ බැලන්ස් කරගන්න බැරි එකා කොහොමද රටක් බැලන්ස් කරගෙන යන්නේ කියලා මට හිතෙනවා.
Bandara Sunday, 25 August 2019 10:10 AM
බිෂාන්ට ප්‍රේමදාස යුගයක් ඕනෑවෙලා.. ටයර් එකක් උඩ යන්න ඔච්චර ආසද?
Ruwan Tuesday, 27 August 2019 01:09 AM
මෙයා ඔක්කොම දෙනවලු දෙසැම්බර් වලින් පස්සෙ... යල් පැනපු පොරොන්දු දීල දිනන්න... හිතන් ඉන්නෙ පාවෙන ඡන්ද මෝඩයන්ගෙ ඒව කියල නම් ඔයා ට වැරදිල පුතේ....