( කේෂර ගුණතිලක)
ලංසු තැබීමකින් තොරව වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ භාණ්ඩ කීපයක් කූඨ ලේඛන මගින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොණරාගල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහැරීමට මොනරාගල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්.ඩී.එස්.පී දොඩම්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස ඇප නියම වූයේ මොනරාගල දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලෙස සේවය කළ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පදිංචි බෝධියාබදුගේ ශ්‍රියානි කුසුමලතා සහ ඇයගේ සැමියා වන උබේසිංහ වීරබද්දන ආරච්චිගේ වසන්ත උබේසිංහ යන දෙදෙනාටය.
2018 දෙසැම්බර් මස 1 වැනි දින මොනරාගල දිසා මහේස්ත්‍රාත් උසාවියේ පැවති වෙන්දේසියේ භාණ්ඩ රැසක් ලංසු තැබීමට ඉදිරිපත් නොකොට රෙජිස්ට්‍රාර්වරිය විසින් රැගෙන ගොස් ඇති බවට අධිකරණය මගින් පොලීසියට දැනුම්දී තිබිණි.ඒ අනුව ක්‍රියාත්මක වූ මොනරාගල පොලිස් කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මගින් සැකකාරියගේ නිවසේ තිබී ලංසු නොතබා වෙන්දේසියෙන් රැගෙන ගොස් තිබූ භාණ්ඩ රැසක් සොයා ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබියදී ඔවුන් නීතිඥ කේ.පද්මනාදන් මහතා මගින් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.
අනතුරුව ඒ පිළිබඳව තීරණය ප්‍රකාශයට පත් කිරීම අදට (19) තිබිණි ඇය අද නීතිඥවරුන් මාර්ගයෙන් නඩුවට ඉදිරිපත්වූවාය.
ඇප අයදුම්පත ඉල්ලා අස්කැර ගැනීම නිසා මහේස්ත්‍රාත්වරයා විසින් චූදිතයින්ට මෙලෙස ඇප නියම කෙරිණි.
අධිකරණය සතු භාණ්ඩ වෙන්දේසියෙන් වංචනික ලෙස ලබාගැනීම ,කූට ලේඛන සකස් කිරීම සොර බඩු ළඟ තබා ගැනීම,සොරබඩු මුදලට බැහැර කිරීම,රජයේ සේවකයෙක් ලෙස සිටිමින් විශ්වාසය කඩ කිරීම, අධිකරණයේ කාර්ය මණ්ඩලය හා එක්වී සංවිධානාත්මක සොරකම් කිරීම යන චෝදනා යටතේ රජයේ දේපළ අවභාවිතය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මොනරාගල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට ඇප