මානව ජාන සංස්කරණය සම්බන්ධ ප්‍රමිතීන් වර්ධනය කිරීමට විශේෂඥ කමිටුවක් නිර්මාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
චීන විද්‍යාඥ හී ජයන්කුයි විසින් ලොව ප්‍රථමවරට ජානමය වශයෙන් සංස්කරණය කරන ලද ළදරුවන් නිර්මාණය කිරීම සමඟ ලොව පුරා පර්යේෂකයන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වූහ.
මිනිස් සෛලවලට ජාන සංරක්ෂණ තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිඵල පිළිබඳ එම කමිටුවේ අවදානය යොමු කිරීමට අපේක්ෂිතය.
මෙම කමිටුවක් නිර්මාණය කිරීමේදී සිදුවන සමාජ බලපෑම , විද්‍යාත්මක බලපෑම , ආචාර ධර්මී හා නෛතික ප්‍රතිපත්ති ආදී පැතිකඩ කෙරෙහි ද අවධානය යොමු කරනු ඇත.
අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ප්‍රමුඛ පෙළේ පර්යේෂකයින් සහ විශේෂඥයින්ගෙන් එම කමිටුව ඇතුළත් කරගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ඇත.
(63226)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මානව ජාන සංස්කරණය සම්බන්ධ විශේෂඥ කමිටුවක්