ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමේ යුද්ධයේ අවසාන සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ වගවීම් සම්බන්ධයෙන් වන කරුණු එම යෝජනාවේ අඩංගු වේ. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහභාගීත්වය ද සහිතව යුද අපරාධ විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.
අපේ හමුදාව යුද අපරාධ නොකළ අතර දරුණුතම අපරාධ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය යැයි ද ජීනිවාහිදී සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා කීය.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් ඇතිවිය හැකි වාසි සහ අවාසි සම්බන්ධයෙනුත් විදේශ කටයුතු අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බව ද වාර්තා වේ. එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 විසින් වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.
එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාව 2015 වසරේ සිට දැරූ නිල ස්ථාවරයේ සිදුවන සැලකිය යුතු වෙනසක් බව ද පැවසේ.
ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ආරම්භ වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී.
එම යෝජනාව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව ශ්‍රී ලංකාව එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් නව රාජ්‍ය තාන්ත්‍රික ගැටළු රැසක් ඇතිවිය හැකි අතර එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමක් ද වේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය නිසා එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 22 සිට මාර්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
055
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මානව හිමිකම් යෝජනාවට දැක්වූ අනුග්‍රහයෙන් ඉවත් වීමේ සූදානමක්
විජිත් Sunday, 24 February 2019 08:52 PM
හැකියාවක් තිබෙනවානම්, කවුරු මොනවා - කොහොම කීවත් මෙම අදහස ඉතාමත් කාලෝචිතය.මට මතක හැටියට පිලිපීනයේ නව ජනාධිපතිවරයාත් මේවගේ දෙයක් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඒ රට වෙනුවෙන් ඉදිරිපත්කලා . ඔහු කිවේ අපරාධ පිලිබඳ එකසත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයත් සමග ඔවුන් අත්සන්කළ ගිවිසුමෙන් ඉවත්වෙන බව කියලයි මට මතක. දැන් අපිට හොඳටම වැටහිලා තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන " කොටින් " ට අසාමාන්‍ය සහයෝගයක් දක්වන බව. අපි ..නැහැ නැහැ කියා කියා හිටපු යුධ අපරාධ චෝදනා පිළිගන්න තරමට හිටපු විදේශ ඇමති මංගල සමරවීරගේ ක්‍රියාකලාපය නිසා නැවතත් පන ලැබුව කොටි සහ එන් ජි ඕ කාරයින්ගේ කට වැසීමට මෙය ප්‍රභල පිටුවහලක් වේවි.
Nuwan Monday, 25 February 2019 01:00 AM
පුලුවන් නම් කරල පෙන්වන්න . මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ මතයටත් ගරු කල යුතුයි .ඒක තමා හොදමදේ .මොකද එතකොට ඔය රාජතාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ.
rocky Monday, 25 February 2019 01:52 AM
මේ සැරේ නම් ඉල්ලන් කන්නයි හදන්නේ! අපේ රටේ නමත් "ඉල්ලන්කාව" කියල වෙනස් කර ගනිමු! මෝඩ යක්කු!
Prabha Monday, 25 February 2019 10:29 AM
අපේ ජනාධිපතිතුමාව නාගන්නේ නැතිව කරපු එක වැඩක් තියනවද?