IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මත වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව අද (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 

ශ්‍රී ලංකාව ද ඇතුළුව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්‍රහකත්වය දැරීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් නම් කර ඇති වාර්තාව එලෙස සම්මත විය. සම්මත වූ එම යෝජනාවෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් ලබා දී ඇත.  

ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර 46 වැනි සැසිවාරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල වාර්තාව පෙරේදා (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කළාය. 



අදහස් (28)

මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මත වෙයි

rathna Thursday, 21 March 2019 05:42 PM

මෙතරම් නිවට රටක ජීවත් වීමට සිදුවීම අප කළ කරුමයකි.

:       815       1400

d.upulThursday, 21 March 2019 07:04 PM

"මෙතරම් නිවට පාලකයින් සිටින රටක" යනුවෙන් වෙනස් වුනානම් තමයි නිවැරදි.

:       0       65

KumaraFriday, 22 March 2019 12:36 AM

නිවට පාලකයින් සිටින කලක , ඉපදීම නම් පෙර කල කරැමයක්ම තමයි

:       0       12

BamunuarachchiFriday, 22 March 2019 01:40 AM

ඕක තමයි බමුණුආරච්චි පුන පුනා කීවේ. මේ නායකයින් රට ජාතිය සියල්ලම පාවා දුන්නා. දැන් හමුදාව රටේ පාලනය ගැන හිතුවොත් කොහොමද?

:       174       47

Chanak Los angelesSaturday, 23 March 2019 05:16 AM

මෝඩ කතා ...

:       0       31

athuraFriday, 22 March 2019 04:12 AM

ඉතින් වෙන රටකට යන්නකෝ මහත්මයා. අපි නම් මොනදේ කොහොම වුනත් ඉපදුනෙත් මේකේ, ජීවත් වෙන්නෙත් මේකේ, අන්තිමට මැරිලා පොලවට පොහොර වෙන්නෙත් මේකේ.

:       155       320

BamunuarachchiFriday, 22 March 2019 04:40 PM

අනේ ඉක්මනට පොහොර වෙන්නකෝ.... ඒ වගේ සේවයක්වත් මෙරටට කරන්න. එසේවීම දෙමළුන්ට කත් අදිනවාට වඩා හොඳයි...

:       184       44

BamunuarachchiFriday, 22 March 2019 04:36 PM

නිවටයින් ලෙස ජීවත්වීමට කැමති පාදඩ සිංහලයෝ ලංකාවේ පමණක් නොව ලොස් ඇන්ජලීස් වලත් ඉන්නවා

:       172       73

NishanSaturday, 23 March 2019 12:06 AM

එඩිතරයි කියාගත් නායකයන් තමයි ප්‍රශ්නේ අවුලුවලා ගියේ. දැනුත් එළියේ ඉඳන් ප්‍රශ්නේ අවුලුවලා දේශපාලන වාසි ගන්නෙත් එයාලා. මේක සම්‍යක් ප්‍රයෝගෙන් ජයගත යුතු ප්‍රශ්නයක්. ඒ කෙසේ වෙතත් සියලු ජාතින් එක්ව සමගියෙන් ජීවත්වීමට රටේ ජනතාව ඉගෙනගත යුතුයි. යුද්ධයට මුවාවී ඝාතන සිදුකල අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණය ක්‍රියා කල යුතුයි.

:       64       279

Dr. vajira FernanadoSaturday, 23 March 2019 06:47 AM

ඔයා මේ යෝජනාව අධ්‍යයනය කරලද මෙහෙම කියන්නේ? මේ යෝජනාවෙන් දෙමල ඩයස්පෝරාවේ කිසිම බලාපොරොත්තුවක් ඉටු වෙලා නැහැ. පාට කණ්නාඩි ගලවලා බලන්න. මේ යෝජනාව අපේ රටට ඉතාමත් සහනයක්. මිට අවුරුදු හතරකට කලින් තිබුන තත්වය අමතකද? ඉදිරි අවුරුදු දෙකේදී රටේ මානව හිමිකම් කඩ නොකර ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගනිමින් ජාතිකත්වයන් අතර සහජීවනය තහවුරු වෙන ආදර්ශමත් රාජ්‍ය පාලනයක් ගෙන ගියොත් මේ චෝදනා ඉබේම අහෝසි වෙනවා.

:       0       156

rohana kumara mendis Thursday, 21 March 2019 06:14 PM

කෝ අර කව්ද කීවා නේද ලංකාව සියල්ල සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඒක නිසා එක්සත් ජාතීන්ගේ කාර්යාල ඕනි නැහැ කියලා. වැඩිය ඕනි නැහැ බලන්න දවසකට මිනි මරණ විදිහ එලිපිට. කී දාහක්ද අපරාද දුෂණ වංචා

:       9       314

sarathFriday, 22 March 2019 01:29 AM

වෙන රටවල පුවත් බලන්න.ලෝකයේ හැම රටකම පොලිසියක්,දඬුවම් ,නීතියක් තියෙන්නේ නීති කඩන මිනිස්සු ඉන්න නිසා. ලන්ඩන් වල විතරක් පිහා අනුම්වලින් මේ වසරේ මැරුණු සංඛ්‍යාව 20 කට අධිකයි. සමහරක් පැතිවල වාහනයකින් යන්න බැහැ, හතර පස්දෙනෙක් ඇවිත් වාහනේ ඩ්‍රයිවර් එලවල වාහනේ අරන් යනවා. (පිස්තෝල පින්නල හොඳේ ) .මේ ක රනිලේ තියෙන නොහැකියාව .

:       0       13

smnFriday, 22 March 2019 02:02 AM

ඒක පුද්ගල ආදායම, සමාජය සහයෝගිතාව , සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවදානය යොමු කර රටවල් 156ක කළ සමීක්ෂණයෙන් පෙනෙන්නට තියෙන්නෙ ලංකාවේ තත්ත්වය ඉතාම දුර්වල බවයි…. එහිදී අපි ඉන්නේ 131 වැනි.ස්ථානයේ…. අන්තිමට වගේ ... ...එහෙම තියෙද්දී ''ලංකාව සියල්ල සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක්'' කියා සඳහන් කිරීම විහිළුවක් නොවෙයිද ?

:       0       14

nali Thursday, 21 March 2019 07:28 PM

බලකාමයෙන් මත්වූ නිවට රැලක් . මේවා මෙතනින් ඉවර වෙන්නේ නැහැ මිතුරනේ. කාලකන්නි ඩයස් පෝරාව විදේශගතව කුලී වැඩ කරමින් වෙසෙන ද්‍රවිඩ ජනතාව රවට්ටමින් ගරා ගන්නා මුදල් වලින් කිව නොහැකි තරම් මහා ධනයක් උපයාගෙන තිබෙනවා. මේවා එකතු කරන නිවටයෝ ඒ සල්ලි වලින් යුරෝපයේ රජසැප විඳිනවා. මම අවුරුදු 35ක් යුරෝපයේ මේවා සක්සුදක් සේ දැකබලා තියෙනවා. මොවුන්ගෙන් එකෙක් වතාවක් ඉන්දියාවෙන් අමු කෙසෙල් ගස් ආනයන කර සුඛෝපභෝගී හෝටලයක සැරසිලි කර එයාගේ දුවකුගේ කොටහළු මගුල පැවැත්තුවා. ද්‍රවිඩ ජනතාවගේ සල්ලිවලට මොනවා හෝ කරලා පෙන්නන්න ඕනේ නිසා කලින් කලට මොකක් හෝ ගල්පැලෙන මුසාවක් වාර්තා කර යුරෝපයේ තුච්ඡ දේශපාලකයින්ට ජරාව කවා අපේ රටට අපහාස කරනවා. අසරණ ද්‍රවිඩයෝ මාස්පතා උපයන මුදලෙන් කප්පම් ගෙවනවා. කප්පම් එකතු කරන්නෝ එම මුදල් යොදවා නගරවල ටැක්සි, ඉන්ධන පිරුම්හල් ආසියාන් කඩ හා මහා පරිමාණයේ ව්‍යාපාර කරනවා. මේ සල්ලිවලට යට වෙලා ජරාව කන තමාගේ නමගම පවා වෙනස් කරගෙන සිටින පාහර සිංහලයෝ පිරිසක්ද මේ කප්පම් කාරයින්ගේ උදව්වෙන් දේශපාලන රැකවරණ ලබාගෙන මේ ද්‍රෝහීන්ට උදවු දෙනවා. අපේ දේශපාලකයෝ දෙමල ඡන්ද ටිකට ජාතිය පාවා දෙනවා.

:       0       107

Mahee Thursday, 21 March 2019 08:11 PM

අපි ලෝකය ඉස්සරහ මොනතම් ගල් කෙප්ප අැද බානවද? අධිකරණයේ ස්වාධීනත්වය, රටේ නීතිය ස්ථාපිත බව, නිල ඇඳුම්ලාගත් කිසිවෙකුත් අපරාධ නොකරන බව, ජාතික සංහිඳියාව නහුතෙටම පවතින බව, ළමයින්ට, ස්ත්‍රීන්ට ආරක්ෂාව පවතින බව. එහෙම කිව්වට කමක් නැහැ කියමුකෝ... අපේ ඇඟ බේරගන්න ඕන හින්දා. නමුත් ඒවා ඇත්ත බවට පත්කරන්න කව්ද වැඩ කරන්නේ? ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ...

:       0       6

Bandara Thursday, 21 March 2019 08:51 PM

රට නිවට නැත. රට කරවන අය නිවටය. එහි ප්‍රතිපල තව පටන්ගත්තෙවත් නැත.

:       0       14

PA - RA Thursday, 21 March 2019 11:57 PM

බියවන්න එපා, ඕනනම් ආර්ථික සම්බාදක පනවයි. අපි 1972 -1977 ගෙවපු හැටි හොදට මතකයි, අපි වවමු අපි ඕනෑම දෙයක් හදාගමු අපිම බුක්ති විදමු,

:       0       15

Chanak Los angeles Friday, 22 March 2019 01:45 AM

මේවට වගකියන්න ඕනේ රට කාපු පිරිසයි...

:       16       0

Bandula. Friday, 22 March 2019 03:45 AM

නොදකින්. මේ කියන මානව හිමිකම් නෝනලා මහත්තුරු අපේ මාලිගාවේ, අනුරපුරේ, කොළඹ, බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙනකොට කොහේද? දන්නේ නැහැ හිටියේ .......

:       0       73

Nuwan Friday, 22 March 2019 06:25 AM

බෝලෙ ලස්සනට පාස් කරලා අවුරුදු දෙකකට. ලබන සැසිවාරයේ මැතිවරණ අස්සෙ ජිනීවා නිවුස් ඒ තරම් ඇගට ගුන නෑ ආන්ඩුව. ඊලගට එන ආන්ඩුවට තමා පරිප්පුව හම්බ වෙන්නෙ . මරු.

:       21       10

hesa Friday, 22 March 2019 09:03 AM

හරිම නෝන්ජල් පාලනයක්... දැන් නම් හිතෙනවා නෙමෙයි පතනවා හැකි ඉක්මනින්ම මෙරට ඉතාමත් දරදඬු පාලනයක් යටතට පත්වේවායි කියලා. ඇස ඇරෙන්නේ එදාටයි.

:       23       6

rasika Saturday, 23 March 2019 10:44 AM

ලංකාදීපයෙම පළ කරලා තිබුණු ජිනීවා වලදි විදේශ ඇමතිතුමාගෙ කතාව මෙතන බොරුවට කෑගහන කවුරුවත් කියවල නෑ වගේ. 01. දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට එකඟ නෑ. 02. පරීක්ෂණ කරලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ලංකාවේ තියෙන ආයතන ප්‍රමාණවත්. 03. ජිනිවා මානව හිමිකම් කාර්යාලයක් ලංකාවට අවශ්‍ය නෑ. 04. ලංකාවට විරුද්ධව එල්ල කරන යුධ අපරාධ චෝදනා බොරු. 05. මුදාහැරිය හැකි ඉඩම් සියල්ලම පාහේ නිදහස් කර අවසන්, ඉතිරි අක්කර 20,000 පමණ ජාතික ආරක්ෂාව නිසා දිගටම හමුදාව භාරයේ තබා ගන්නාවා. ඉතිං මේවායේ රටට අහිතකර දේවල් මොනවාද කියල කියන්න පුළුවන්ද උඩ කෑ ගහන අයට

:       0       36

rocky Sunday, 24 March 2019 02:30 AM

මෝඩ බමුණන් ඉන්න රටක ජීවත් වෙන්න සිදුවීමත් කණගාටුවට කරුණක්!

:       0       1

BamunuarachchiSunday, 24 March 2019 02:49 PM

එහෙනම් රටට පොහොර වෙන්න. හොඳ කඹයක් එවන්නද කරේ දා ගන්න..

:       1       0

athuraMonday, 25 March 2019 03:26 AM

මේ බමුණත් එයාගේ මහ ගොයියා වගේමයි. කොක්කෙන් හරි, කෙක්කෙන් හරි මෙයාගේ මහ හොරා බලයට ගේන්න දතකන්නේ. බමුණාගේ හොරා කාපුවත් දැන් හිඳිලනේ ඇත්තේ.

:       0       1

roshan Sunday, 24 March 2019 12:31 PM

තනිව නැගිටින්න පුරුදු විය යුතුය.. මා සේවය කරන වියට්නාම රට කිසිම රටකට හෝ සංවිධානයකට යටත් නැත. අවුරුදු 30කට වැඩි කාලයක් අමෙරිකාවත් සමග දරුණු ලෙස සටන්කර මොවුන් අද ස්වාධීනය.. මෙම රටෙහි ජනාධිපති කෙනෙක් නැත. මොවුන් සියලු දෙනාම බුද්ධාගම අදහන අය, දේශපාලන වේදිකා .. පාර්ලිමේන්තු ගුටි ගහ ගැනිලි කිසි දෙයක් නැත. මෙවන් රටවල් උදාහරණයට ගත යුතුය. මෙම සම්පාදක අපිට හොඳ පාඩමකි. දැන්වත් අපි ගම්මාන මට්ටමින් වෙනත් රටවලින් දේවල් එනකන් බලන් ඉන්නේ නැතුව ස්වාධීන විය යුතුය. අපේ දෙය අපේ රටේ නිෂ්පාදනය කළයුතු කාලය පැමිණ ඇත.

:       0       0

Bamunuarachchi Sunday, 24 March 2019 02:47 PM

"මේවට වගකියන්න ඕනේ රට කාපු පිරිසයි..." උන් එකිනෙකා රටින් පැන ලොස් ඇන්ජලීස් වල ඩ්‍රයිවර් වැඩ.

:       1       0

Chanak Los angeles Monday, 25 March 2019 01:23 AM

වදින තැන් වලට වැදිලා. බමුණෙක් තොප්පිය දමාගෙන...

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි
2024 ඔක්තෝබර් මස 18 4918 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණ


දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 17 4383 0

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය


ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි
2024 ඔක්තෝබර් මස 17 1949 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූම



’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’
2024 ඔක්තෝබර් මස 16 6491 37

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 2950 8

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site