IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බවත් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවැසීය. 
 
සිංගප්පූරුවේ දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය. 
 
එහිදි සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයකු ලෙස තමා දැඩිව විශ්වාස කරනවා. මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩ නැඟීමටත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව කිව යුතුයි. පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ද ඉතා වැදගත්.  
 
ප්‍රෞඨ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක් වන ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව පියවර රැසක් ගෙන තිබෙනවා. ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කළ යුතු යැයි මම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට යෝජනා කරනවා. 
 
තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගීතාවයන් ඇති කිරීමට දියුණු ජාතීන්ගේ සහය අවශ්‍ය වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස අරමුදල් ලබාදීමේ යාන්ත්‍රණයක අවශ්‍යයි. 
 
වර්තමානයට වනවිට කාලීන අවශ්‍යතාවලට අනුකූල ලෙස නව පියවර ගැනීමටත්, පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයත් ඇති වී තිබෙනවා. පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම උදෙසා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද මම මෙහිදි මේ සමුළුවට යෝජනා කරනවා.  
 
එමෙන්ම පරිසර පද්ධතිය විශේෂයෙන්ම තෙත්බිම් රසායනික අපද්‍රව්‍ය වලින් සුරැකීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම බව ද සිහිපත් කරන්න ඕනේ.  කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජිකයකු ශ්‍රී ලංකා ඉටු කරන සුවිශේෂ කාර්යභාරය ද මම මෙහිදි මතක් කළ යුතුයි.
 
කඩොලාන සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්නත් මම කැමැතියි. 
ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැදවුවද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වුණා. එය පාරිසරික වෙනස්කම්වල බලපෑම අවම කර ගැනීමට ගත් එක් පියවරක් බව ද මෙහිදි කිව යුතුයි”.
 
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිංගප්පූරුවේ  මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (25) ආරම්භ විය. 
 
සිංගප්පුරු නියෝජ්‍ය අගමැති ටියෝ චී හීන්, ටුවාලු රාජ්‍යයේ අගමැති එනෙලා සොසීන් සෝපෝආගා  යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමුළුව පැවැත්වෙන ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පිළිගත්හ. 
 
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම්, යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
 
 
055



අදහස් (3)

‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’

ase Saturday, 26 January 2019 10:19 AM

ජනාධිපතිතුමනි, ඔබ පත් වුනු දවසේ ධර්මේ ගමෙන් ගියානේ...

:       0       1

de silva Sunday, 27 January 2019 03:03 AM

බලයේ සිටි අවරුදු කිහිපයේ ඔබ බොරුවට එක එක විකාර දොඩවමින් ඔක්කොම අවුල් කල එක මිසක් රටට වැදගත් දෙයක් කලේ නැත , කලදෙයක් නැත , ජන්දෙට කලින් දුන් මැතිවරණ පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක කලෙත් නැත.

:       0       1

sandy123 Sunday, 27 January 2019 06:25 AM

වචනයේ පරිසමාප්ත අර්ථය නොදැන ඔහේ වාචාල කමට බාල ගැලරියට හුදු සුරංගනා කතා කියන අපේ ජනාධිපති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 11 0

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 86 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 332 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 220 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 213 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 179 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site