හර්ෂණ තුෂාර සිල්වා
විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවත් ආර්ථිකය කොතරම් වේගයෙන් වර්ධනය වුවත් මිනිසුන්ගේ මනස් තුළ සාමය ගොඩනැගීමට ලෝකය අසමත්ව ඇතැයි ආචාර්ය නියංගොඩ විජිතසිරි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ අද (27) ප්‍රකාශ කළහ.
අද ලෝකයේ හැමතැනම ගැටුම් ඇති වී ඇතැයි ද මේ සෑම ගැටලුවකටම බුදු දහමේ ඉගැන්වීම්වලින් විසඳුම් ලබා දී ඇතැයි ද අනුනායක හිමියෝ කීහ.
අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ ආරම්භක සැසියේ දේශනයක් කරමින් අනුනායක හිමියෝ එම කරුණු සඳහන් කළහ.
ආචාර්ය නියංගොඩ විජිතසිරි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ එහිදි මෙසේ ද කීහ.
“අපි අද ජීවත් වෙන්නේ වේගයෙන් ආර්ථිකය වර්ධනය වන ලෝකයක. අපි අද ජීවත් වෙන්නේ විද්‍යාව සහ තාක්ෂණය වේගයෙන්, ශීඝ්‍රයෙන් දියුණුවන සංවර්ධනය වන ලෝකයක. විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවත්, ආර්ථිකය වර්ධනය වුවත් අපේ මනස්වල සාමය ගොඩනැගී නැහැ. සාමය මනස තුළට ගෙන ඒමට නොහැකි වී තිබෙනවා. අද ලෝකයේ බොහෝ තැන්වල ගැටුම් සිදුවෙනවා. විවිධ ජාතීන්, රට රටවල්, පුද්ගලයන් මෙන්ම පවුල් තුළත් පවුල් අතරත් ගැටුම් තියෙනවා අපට දකින්න පුළුවන්. මේ ප්‍රශ්නවලට පැහැදිලි විසඳුම් බුදුදහම විසින් ලබා දී තිබෙනවා. මේ සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ථේරවාද බෞද්ධ විශ්ව විද්‍යාලවල සංවිධානයත් ථේරවාද බුදු දහම ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. අප සියලු දෙනාට ද ථේරවාද බුදු දහම ආරක්ෂා කරගැනීමේ වගකීමක් තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම අප ලද මහඟු භාග්‍යයක් හා අවස්ථාවක්”.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හිමි උත්සව සභාවේ පිළිගැනීම කතාව කළහ.
සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඤානිස්සර හිමි ද මෙහිදි දේශනයක් කළහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි අශීන් ඤානිස්සර හිමියන්ට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ඤානිස්සර හිමියෝ ජනාධිපතිවරයා බුද්ධ ප්‍රතිමාවක් පිළිගැන්වූහ.
මෙම අවස්ථාවේදී සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඤානිස්සර හිමියෝ අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවට එක්සත් ජනපද ඩොලර් 50,000ක මුදලක් ද ප්‍රදානය කළහ.
වරකාගොඩ ඤානරතන අස්ගිරි මහා නිකායේ මහනායක, නාපාන පේමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනායක, අග්ගමහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර උත්තරීතර මහ නිකායේ උත්තරීතර මහනායක යන මහනායක හිමිවරුන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති කනත්තෙගොඩ සද්ධාරතන හිමි, ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ සංගමයේ විධායක ලේකම් කම්මායි ධම්මස්සාමි හිමි ඇතුළු මහ සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පාර්ශවය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘මිනිසුන්ගේ මනසේ සාමය ගොඩනැගීමට ලෝකය අසමත් වෙලා’