(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න)
හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යොදාගත් බව කියන දේශකයකු සැකපිට අත් අඩංගුවට ගත් හාලිඇල පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක දේශකයකු බව කියන හලාවත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ වායු රයිෆලය හා වෝකි ටෝකි යන්ත්‍රය ද පොලිස්ර බාරයට ගෙන ඇති අතර සැකකරුගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයන් තිදෙනෙකුද ඔහු හා පැමිණ ඇත.
මෙම සැකකරුට වායු රයිෆල් හා වෝකි ටෝකි යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර තිබේද යන්න හා පාසල් ළමුන් වෙනුවෙන් පවත්වන දේශනයකට මෙවන් උපකරණ රැගෙන ආවේ මන්දැයි යන්න සැකය මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු
කිරි පුතා Wednesday, 01 December 2021 04:56 PM
අහිංසක ළමයින්ව කොටි කරන්න හදන පොරක් වගේ. බලමු තව විස්තර..!!!
sharm warn Wednesday, 01 December 2021 05:10 PM
මේ පුද්ගලයාගේ මානසික තත්වය පරීක්ෂා කරන්න වෙනවා මුලින්ම. මෙවැනි මිනිස්සු නිසා උපදේශන මනෝ විද්‍යාව ගැනත් උපදේශකයින් ගැනත්, සමාජයේ තියෙන ප්‍රතිරූපයට හානිවෙනවා විතරක් නෙමෙයි දරුවෙකුට උපදේශන මනෝ විද්‍යාවෙන් උදව්වක් අරන් ජීවිතය ගොඩනගාගන්න තියෙන අවස්ථාවත් නැතිවෙනවා...
sampath Wednesday, 01 December 2021 08:10 PM
පාසල්වලට කිසිම දේශකයෙක් ගන්න දෙන්න එපා. පිළියන්දල ප්‍රදේශයේ පාසලක් දරුවෙක්ට පාන් කීමට දීලා මහා ජරමරයක් වුණා... මෙවැනි දේශනයකදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි බලධාරීන් හෝ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්, හෝ පිළිගත් වෘත්තිකයෙක් හැරුණුකොට කිසිම කෙනෙක් පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගන්න දෙන්න එපා. මේකට විරුද්ධව විදුහල්පතිවරයාටත් විනය පරීක්ෂණයක් තිබිය යුතුයි..