IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


'මම යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිනවා'

(ඩයනා උදයංගනී)

තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

යුග දනවි ගිවිසුමෙන් රට පාවා දෙන බවට, රටේ සම්පත් විකුණන බවට හා එයින් දූෂණයක් වී ඇති බවට නැගෙන චෝදනා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මේ ගිවිසුම සම්බන්ධයෙන් ගත් කැබිනට් තීරණවලින් රටේ විදුලි බිල අඩු වන බව කී ඇමතිවරයා විදුලි ඒකකයක් මිලදී ගැනීමට වැය වන මුදල සියයට 50 කින් පමණ අඩු වන බව ද කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම වෙනුවෙන් දායක වූ රාජ්‍ය හා පෞද්ගලික අංශ විශිෂ්ටයින්  ඇගයීමේ “විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය”ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මහුනවර, අර්ල්ස් රිජන්සි හෝටලයේදී මෙම උත්සවය පැවති අතර, ග්‍රාමීය මාර්ග, පාලම් ඉදිකිරීම්, පැළ මිලියන දෙකක් සිටුවීම යන අංශයන්හි දක්වා ඇති දායකත්වය ඇගයීම වෙනුවෙන් මෙම ”විශිෂ්ඨතා ඇගයීම් රාත්‍රිය” පවත්වනු ලැබිණි.

විදුලිබිල අඩුවන තීන්දුවකට ඇතැම් දේශපාලනඥයින් විරුද්ධ ඇයිදැඩි තමන් නොදන්නා බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පීඩිත පන්තිය ගැන කතා කරන අනුර දිසානායක මහතා ද මෙම ගිවිසුමට විරුද්ධවීම සිතාගත නොහැක්කක් බව කීවේය.



අදහස් (20)

'මම යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිනවා'

ලලිත් අම්බලන්ගොඩ Monday, 20 December 2021 01:55 PM

අනේ පව්,හය හතර නොතේරෙන පුංචි බබා.මුන්ට තැන ලැබෙනව නම්, රටම උනත් විකුණාවි. අරක්කු මුදලාලිලාගෙන් මොන උපදෙස්ද.

:       2       88

පිටිගල මිලානෝ Monday, 20 December 2021 01:58 PM

බල්ලෙක් වුනත් හාම්පුතා වෙනුවෙන් බිරිය යුතු සීමාවක් තියෙනවා. නැත්නම් මිනිස්සු කියයි බුරන බල්ලා හපා නොකයි කියලා.

:       2       87

pradeep Monday, 20 December 2021 02:05 PM

මෙවැනි අපතයින් දේශපාලනයෙන් එලවන තෙක් මෙරට දියුණු කල නොහැක

:       1       89

Lalith M Monday, 20 December 2021 02:08 PM

රටට ජරා අරක්කු පොවන පව්කාරයන්. සල්ලි දෙනවනම් ඉතින් ගෙදර අම්මන්ඩි වුනත්......

:       1       81

gamage Monday, 20 December 2021 02:37 PM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අ.පො.ස සා/පෙළ සමත් අය ඉන්නේ 40%...

:       1       58

Hafeel Monday, 20 December 2021 02:46 PM

මේකට තමයි කියන්නේ වහල්ලු කියලා. ඉතිහාසයේ මුලදී හැම ගිවිසුමක් පිළිබඳව රටට වාසියි කියලා තමයි පවතින ආණ්ඩුව කියන්නේ. නමුත් ප්‍රායෝගිකව එහෙම ප්‍රතිලාභයක් පේන්න නම් නැහැ. අනික අනුර කුමාර දිසානායක මේකට විරුද්ධ වෙන්නේ කරුණු කාරණා කිහිපයක් මුල්කරගෙන. මේ ගිවිසුම අන්තර්ගත වූ දේවල් අවුරුදු දෙකට හෙළි නොකරන බව දෙපාර්ශවයම එකඟ වෙලා තියනවා. මේක ඉතා භයානකයි. අවුරුදු දෙකක් ගතවන විට වෙන්න තියන හානි සේරම වෙලා අවසන්. අනික කැබිනට් මණ්ඩලයට කොලේ වහලා මේ ගිවිසුම අත්සන් කරලයි තියන්නේ... තවද ඇයි මේ ඇමරිකානු සමාගම අපිට අඩුවට හෝ පාඩුවට දෙන්නේ..?

:       1       59

fairoos Monday, 20 December 2021 03:27 PM

කුරුණෑගල ඉන්න ඡන්ද දායකයින්ට කියන්න... ලබන සැරේත් පළවෙනියා වෙන්න පුළුවන්..

:       1       48

RAN Monday, 20 December 2021 03:30 PM

අන්තර් ජාලයේ මේ ගැන පළවූ වාර්තාවක තියෙන්නේ මෙයාගේ යාලුවෙක් ගැනද දන්නේ නැහැ. උපුටා ගැනීමක්. "යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුමේ ගැණුම්කරුවා වූ NFE Sri Lanka Power Holdings LLC නම් ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් අයෙකු බව වාර්තා වේ. ඔහු නමින් ආචාර්ය ජටිල රණසිංහ නම් අයෙකි. ජටිල රණසිංහ New Fortress Energy නම් මව් සමාගමට ඉංජිනේරුවෙකු ලෙස 2018 දී සම්බන්ධ වී ඇත. ඔහු ලංකාවේ මොරටුව සරසවියෙන් සිය මූලික උපාධිය ලබාගෙන ඇති අතර පසුව පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ඔරිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙනි. යුගදනවි බලාගාරය මිලදී ගත් NFE Sri Lanka Power Holdings LLC නම් අනුබද්ධ සමාගමේ අධ්‍යක්ෂවරුන් කව්දැයි හෙළි වී නැති නමුත් ජටිල රණසිංහ එම අනුබද්ධ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බව දැන ගන්නට තිබේ. ඔහු පේටන්ට් බලපත්‍ර 43 ක හිමිකරුවෙක් බව ද පැවසේ." උපුටාගැනීම අවසන්....

:       1       25

Kumara Monday, 20 December 2021 03:34 PM

මොවුන්ව අටළුගමට දැමිය යුතුයි.

:       2       36

Sunil Monday, 20 December 2021 03:45 PM

හොරුන් වෙනුවෙන් හොරුන්...

:       1       37

kapila Monday, 20 December 2021 05:01 PM

මොහු පවසන දේ සත්‍යයක් විය හැකිය. යථාර්ථය නම් රටේ සිදුවන කිසිම විදේශ ආයෝජනයක සම්පූර්ණ වාසිය රටට ලැබෙන්නේ නැහැ. අද බොහෝදෙනා කරන්නේ ආයෝජනයකින් රටට සම්පූර්ණ වාසිය නොලැබෙන්නේ නම් එය රටේ සම්පත් විකිණීමක් ලෙස හංවඩු ගැසීමයි. මෙවැනි මිනිසුන් සිටින රටක විදේශ ආයෝජන පිළිබඳ ගිවිසුම් රහසිගතව තබා ගැනීම කළයුතු දෙයක්...

:       30       4

දොලේවත්තTuesday, 21 December 2021 05:29 AM

ඔබ වැන්නන්ට නිරෝධායනය පිළිතුරක් නොවේ.. එකම පිළිතුර ඔබ වැන්නෝ වඳ වී යා යුතුයි..

:       0       0

නූගත් පණ්ඩිතයාTuesday, 21 December 2021 10:00 AM

අපෝ …මේ රටේ විදේශ අයෝජන ගැන කථා කරන්නෙ ඕ ලෙවල් ෆේල් කට්ටියනෙ. ඒ අය එක්ක කථා කරන්න මහාචාර්යලටත් බෑ. හරියට අපේ කෘෂි මහාචාර්යතුමන්ලාට මහින්දානන්ද එක්ක කාබනික පොහොර ගැන කථා කරන්න සමර්ථකමක් නෑ වගේ. ඇමරිකානු නොවෙන ඇමරිකන් සමාගම් සහ යුක්‍රේන නොවන යුක්‍රේන සමාගම් ගැන අපි නොදන්නවැයි.

:       0       0

Shan Monday, 20 December 2021 06:50 PM

ඉස්සරවෙලා ගිහිල්ලා අර ඇඳුම් ටික හෝදලා එන්න.

:       0       0

Nimal Monday, 20 December 2021 07:41 PM

ගිවිසුම දැක්කෙත් නැති, කියෙව්වෙත් නැති මිනිහෙක් ඒක වෙනුවෙන් පෙනී ඉන්නවාලු. අපි ඉතින් මෙයා කියන 50% අඩුවෙනකන් බලාඉන්න ඕනෑ... ඒ කාලෙට තව කතාවක් කියයි. අපිට මේවා අහලා එපාවෙලා...

:       2       16

de silva Tuesday, 21 December 2021 08:55 AM

මට පේන්නේ බොරු සමාගමක් අටවාගෙන වක්‍ර ආකාරයෙන් අනුන්ගේ නමක් යොදලා රාජපක්ෂලාම මේ බලාගාරයේ කොල්ලකාලාද දන්නේ නැහැ..

:       0       0

de silva Tuesday, 21 December 2021 12:05 PM

යුගදනවි නොවේ, ජනතාව එකතුවෙලා රට ගල් යුගයකට අරන් ගියා... මෙයාලාගේ අරක්කු කම්පැණියට ගිනිතබා විනාශ කළ යුතුය. අරක්කු කියලා එතනෝල් වැනි විෂ මිනිස්සුන්ට බොන්න දීලා කරන්නේ මහා විනාශයක්..

:       0       0

ගෝචර Tuesday, 21 December 2021 03:54 PM

ඕකත අර අගමැති වෙන්න මුට්ටි අල්ලන හොර පෝර ඇමතිටම දුන්නනම් ඉවරනේ..

:       0       0

බණ්ඩා Wednesday, 22 December 2021 01:29 AM

මීළඟ ආණ්ඩුව කවුරු උනත් මෙයාට පරිප්පු හම් බ වෙන එක මොන දෙයියාට වත් නවත්තන්න ලැබෙන් නෑ.

:       0       0

Saliya Wednesday, 22 December 2021 06:47 AM

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මූලික අධ්‍යයන සුදුසුකම කුමක්ද? යුගදනවි ගැන ඔහු කොයිතරම් පර්යේෂණ කරලා තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 636 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 154 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 170 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 367 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 660 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 280 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site