IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

( ඩබ්ලිව් කීර්ති)

ප්‍රතිකාර සඳහා රෝහලට  ඇතුළත් කළ රෝගියකු මිය  ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී   යළි සිහි ලැබීමේ පුවතක්  මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ  මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.

මෙම පුද්ගලයා  බරපතල රෝගී තත්ත්වයෙන් අද ( 09)  මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබිණි.

එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව  මිය ගොස් ඇතැයි නිර්දේශ කර  මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.

 අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර  අල්ලමින් හැඩීමේදී  එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා   මිය ගොස්  නැති බවට තහවුරු කර තිබේ.  එහිදී  අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි  වැඩිදිර ප්‍රතිකාර සඳහා   රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

 එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ .

රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව  රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.  

   

 



අදහස් (25)

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 April 2021 02:39 PM

අපූරු වෛද්‍යවරයෙක් ... !!! අදහන්න වටිනවා. වැරදිලාවත් එම්බාම් කරා නම් ඉවරෙටම ඉවරයි. අහිංසක මනුස්සයාව දෙවියන් බේරුවා...!!! 

:       31       90

nagahananda Friday, 09 April 2021 02:48 PM

මරු දොස්තරයා...!!! 

:       6       76

Ruhunu Friday, 09 April 2021 03:37 PM

රජයේ රෝහලකට ගියාම ලෙඩෙකුට සලකන විදිහ මෙයින් හිතාගන්න පුළුවන් නේද?

:       10       68

prabha Saturday, 10 April 2021 11:17 AM

පුද්ගලික රෝහලකට ගියත් වැඩ වරදිනකොට එවන්නේ රජයේ රෝහලට තමයි.

:       0       8

Pradeep Friday, 09 April 2021 04:27 PM

ඔවැනි දේවල් වලට මීගමුව රෝහල ඉතාමත් ප්‍රකටයි. වෛද්‍යවරයාට ඔහු තවත් එක් රෝගියෙකු පමණක් විය හැක. නමුත් ඒ දරු පවුලක බර උසුලන පියෙකි. බිරිඳකගේ ආදරණීය සැමියෙකි. අසරණ මිනිස් ජීවිත සමග සෙල්ලම් කරනා මෙවන් වෛද්‍යවරුන්ගේ වැඩ තහනමට ලක් නොකරන්නේ ඇයි..?

:       3       86

sunanada Friday, 09 April 2021 04:46 PM

වෛද්‍යවරයකුට වුවත් වැරදීමක් සිදුවිය හැක.

:       80       21

Jagath Wickramasinha kolamba 07 Saturday, 10 April 2021 03:07 AM

මේකට කියන්නේ කොරෝනා නෙමෙයි මේකට කියන්නේ 'කෙලෝනා' කියලා.....

:       0       2

Chinthaka Saturday, 10 April 2021 03:24 AM

රෝගියා මියගිහින්ද? නැතිද? කියලා කියාගන්න බැරි වෛද්‍යවරු. හනේ මෙහෙමත් දොස්තරලා..

:       8       47

සේනක~ඉතාලිය Saturday, 10 April 2021 04:29 AM

මේ හොර දොස්තර, දේශපාලන පත්කිරීමක්ද කොහෙද? විනය පරීක්ෂණයක් කළාට වැඩක් නැහැ. දඬුවම් දෙන්නේ නැත්නම්...

:       3       31

mihira Saturday, 10 April 2021 04:56 AM

මාර දොස්තරලා තමයි

:       0       2

upali Saturday, 10 April 2021 05:02 AM

මගේ මාමා ගිය සතියේ නැතිවෙලා කොළඹ ප්‍රධාන රෝහල වෙත (General Hospital ) රාත්‍රියේ ගෙනගියා... මිනිය බලන්නේවත් නැතිව දොස්තර සහතික කරා ඔහු මියගිය බව...

:       0       41

Nihal Saturday, 10 April 2021 05:33 AM

දෙවියන් වහන්සේට පණ දෙන්න පුළුවන්නේ. කලිනුත් එහෙම පණ දුන්නු නිසා විශ්වාස කිරීමේ නිදහස ඇත.

:       42       5

sarath perth Saturday, 10 April 2021 05:58 AM

තැපෑලෙන් විභාග පාස්කර පත්වීමක් ලැබූ අයෙක් විය යුතුයි...

:       3       45

gamaathi Saturday, 10 April 2021 06:29 AM

මෙවැනිම සිදුවීමක් අපේ ගම්ට යාබද වත්තේ ද්‍රවිඩ පුද්ගලයකුට සිදුවුණා. ඔහු පැවසූ පරිදි එය සැකෙවින් මෙසේයි. මෙම පුද්ගලයා අසනීප තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් වීමෙන් පසු ප්‍රතිකාර ලබමින්සිටියදී මියගිය බවට වෛද්‍යවරයා තීරණය කළ බැවින් ඔහුගේ සිරුර මිනී කාමරයට යවන ලදී. මධ්‍යම රාත්‍රියේ දී ඔහුට සිහිය ඇවිත් බලන කල ඔහු මිනී කාමරයේ සිටින බව අවබෝධ විය. එහෙත් ඔහු එළි වන තුරු නිශ්ශබ්දව සිටියේය .උදෙන්ම රෝහල් සේවකයෙක් පැමිණ මිනී කාමරයේ දොර ඇර බලන කල් මිනිහෙක් පණ පිටින් සිටිනු දැක බුදු අම්මෝ කියා ආපසු දිව්වේය.අනතුරුව රෝහල් සේවකයා තවත් කෙනෙකු සමග දුරතියාම කවුද මිනී කාමරයේ ඉන්නේ කියා කෑගසමින් පැමිණීමෙන් පසු කාරණය අවබෝධ වීම නිසා නැවතත් රෝගියාව වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කොට සුව ලැබීමෙන් පසු ගෙදර එවන ලදී '

:       0       1

Raveendra Saturday, 10 April 2021 07:36 AM

මීගමුවේ ඉස්පිරිතාලයට ගිහින් ඔහොම බේරුණු එකත් ලොකු දෙයක්... ඉස්පිරිතාලෙ හදනවා කියලා කෝටි ගාණක් ගසා කෑවා. තෙමෙන්නේ නැති තැනක් නෑ වහින කොට. බේත් ඔක්කොම ගන්න ඕනෙත් එළියෙන්. ඇත්තටම ඕක වහලාම දානවා නම් ගොඩාක් හොඳයි.

:       1       33

Nihal Saturday, 10 April 2021 08:30 AM

මළවුන්ගෙන් නැගිටින නිසා එහෙම වෙන්නත් පුළුවන්.

:       48       5

NihalSaturday, 10 April 2021 11:35 AM

මළවුන් විශ්වාස කරන කෙනෙක් නේද?

:       0       2

sampath Saturday, 10 April 2021 10:51 AM

මෙයා සයිටම් එකෙන් පාස් වෙලා නෙමෙයි නේ ඉතින් එකෙන් පෙන්නේ කොහෙන් ආවත් එකම සන්තෑසිය වෙන්නේ මනුස්සයෙක් මැරිලා කියලා කියන්නේ නිකන්ම බලලා නම් විද්‍යාවක් ඕනේ නෑ නේ..

:       0       2

fernando Saturday, 10 April 2021 11:20 AM

මේ ලෙඩාට සිහිය ආවේ මෝචරියේදී නොවේ.

:       0       4

ටයිටස් Saturday, 10 April 2021 11:22 AM

මීගමුවේ ඉස්පිරිතාලේ ගැන මොන කතාද? මාරයාගේ බෝඩිම...

:       0       8

සේනක~ඉතාලියSaturday, 10 April 2021 03:44 PM

ඇ,ඒකියන්නෙ මරණ සහතිකය කලින්ම ලියලාද තියෙන්නේ.

:       0       1

Ananda Saturday, 10 April 2021 11:27 AM

මෙයා දොස්තර කෙනෙක්ද? හොර දොස්තර කෙනෙක්ද?

:       0       8

Perera Saturday, 10 April 2021 11:54 AM

සයිටම් එකෙන් පාස්වූ දොස්තර කෙනෙක් වෙන්න ඇති. කෝ අර GOMA එකේ බෙරිහන් දෙන අය?

:       0       7

WCA Saturday, 10 April 2021 12:34 PM

සයිටම් දොස්තරලාට බැන්නට ආණ්ඩුවේ වෙද්දුත් ඒ වගේමයි...

:       1       6

chithrangani Saturday, 10 April 2021 02:04 PM

දොස්තරව අල්ලලා මෝචරියට යවමු.මිනිහා ජිවත්වුනොත් තව කිදෙනෙක්ව නිකරුනේ මෝචරියට යවාවිද...? තව කීදෙනෙක් දැනටමත් යවලාද දන්නේ නැහැ.මිනිහා අනිවාර්යයෙන්ම සිංහල එකෙක් වෙන්න ඕනා.මොකද මුස්ලිම් හෝ දෙමළ දොස්තර කෙනෙක් අතින් ඔය දේ වුනානම් කහ ඇඳගත් බමුණෝ රළ මිගමුව දෙක කරයි.ඔය දොස්තරට හැකිනම් ජාතිවාදය පතුරවන කහ සිවුරු කාරයින්ව මෝචරියට දක්කන්න මමත් සපෝට් කරනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 3 0

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 75 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 328 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 212 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 210 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 176 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site