ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උත්සවය කොළඹ පැලවත්තේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේදී අද (1) පැවැත්විණ.
‘ජනතාවාදී පාලනයක් උදෙසා ජනබලය ගොඩනගමු’ යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත, අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යන මහත්වරු ද පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ කම්කරු දින සැමරුම කෝට්ටේ නගර සභා ශාලාවේ දී අද (01) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැයි දින සැමරුම්
rama Wednesday, 01 May 2019 08:45 AM
බලන් ගියාම මේක සමරන්න ඕන වෙලා තියෙන්නේ මහජනතාවට වඩා දේශපාලුවන්ට.....
chamath Wednesday, 01 May 2019 08:47 AM
කිසිම වැඩක් නැති රතු අලි පැටව් ටික
dias Wednesday, 01 May 2019 09:52 AM
පස්වෙනි පින්තුරයේ සිටින්නේ රතු අලි පැටියෙක්ද?
ධනුෂ්ක Wednesday, 01 May 2019 02:18 PM
චමත් ඔබේ නායකයා වන මහින්ද මහත්තයට මම ගරු කරනවා. මොකද මොන දේ කළත් එ්වාට සමපාත නොවන ලොකු හොඳක් එතුමා කළා. හැබැයි එතුමා වටේ ඉන්න කට්ට කෛරාටික, වෙට්ට පිත්තල, අසමත්ජාති චෞරයෝ රංචුව ඔබට හොඳයිද? මහින්ද මහත්තයගේ දේශපාලනය නැමැති දේහයේ බලු මැක්කන් සේ එල්ලී ලේ උරා බී ඔහුගේ දේශපාලනය නැමැති දේහය විනාශ කලේ ඔවුන්ය. හොඳ පිරිවරක් හිටියා නම් එතුමට ඔහොම වෙන එකක් නෑ.
Chanak Los angeles Wednesday, 01 May 2019 02:24 PM
රටේ දුප්පත් ජනතාවගේ සම්පත් හොරාකාගෙන කෝටිපතියන් වී ඉන්න රාජපක්ෂලා වීරවංශලා කොහොමද... කම්කරු දින පවත්වන්නේ?
කම්කරුවාThursday, 02 May 2019 12:51 AM
ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උත්සවයේ තේමා පාට වල සදහන් කිසිවක් මේ දේශපාලකයන් කතාවෙන් හෝ ක්‍රියාවෙන් පිළිපදින්නේ නැත. කම්කරුවා වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතින් වෙනුවෙන් කිසිදු වචනයක් හෝ කිවේ නැත. මේ අයට ඇමෙරිකානු භිතියක් හටගෙන ඇත. සත්‍ය වශයෙන්ම මොවුන් තුන් බියකින් පෙලේ. සත්‍යවශයෙන්ම මොවුන්ගේ මෙවැනි බැනුම් හොදින් විශ්ලේෂණය කිරීමේදී මොවුන්ගේ දේශපාලන දැනුම , ලෝකයා පිළිබද දැනුම ලෝකයේ වෙනත් රටවල් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මොන ආකාරයටද කියා කිසියම් දැනුමක් නොමැති නිසා ඔවුනට මේ තුන් බිය ඇතිවීම ගැන අනුකම්පා කරමු. ඇමෙරිකානු හමුදාවන් වසර ගණනාවක් ආසියාවේ චීනයේ ජපානයේ, දකුණු කොරියාවේ ස්ථානගත කර තිබේ. නමුත් ඔවුන් එමරටවල් යටත් විජිත කරගෙන නොමැත.
ඈපා Thursday, 02 May 2019 12:07 PM
ආ. මේ ඇවිත් තියෙන්නෙ කාලෙකට පස්සෙ.. මෙච්චර කල් කොහෙද හිටියෙ.. දුප්පත් මනුස්සයගෙ දේවල් හොරා කෑවෙ මේ අය විතරද? මොනවා කළත් ඒ දවස්වල මිනිස්සුන්ට මරණ බියෙන් තොරව හරි ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.. දැන් මොකද වෙනසට වෙලා තියෙන්නෙ
Chanak Los angelesThursday, 02 May 2019 02:06 PM
මිනිසුන්ට මරණ භය ඇතිකරවපු වෙනස කරලා තිබෙන්නේ හිටපු අය තමයි . ඔය දැන් ටික ටික හෙළිවෙමින් යන්නේ .
ඈපා Friday, 03 May 2019 01:44 AM
ඒ ඔයාගේ අදහස නේ..රටේ අනිත් මිනිස්සු නම් දන්නවා ඇත්ත තත්වෙ මොකක්ද කියලා..මැතිවරණයකදි බලාගන්න පුළුවන් වෙයි
ඈපාFriday, 03 May 2019 05:56 AM
කවුද එහෙම කියන්නේ ..? ඒ ඔයාගෙ පෞද්ගලික අදහසනේ.. ආණ්ඩුවට කඩේ යනවා කියලා ඔහොමත් කඩේ යන්න එපා. දැනුම් තේරුම් ඇති ඕන මනුස්සයෙකුට තේරෙනවා මේ රටේ මර බිය නැති කළෙත් , ඇති කළෙත් කවුද කියලා . ඔයාට නොතේරුණාට රටේ ජනතාව මැතිවරණයකදී හරියට උත්තර දෙයි ඒකට.. එතකොට බලාගන්න ඇත්ත මොකක්ද කියලා
victor Wednesday, 01 May 2019 05:57 PM
අනේ අපොයි. අබුද්දස්ස කාලේ ලබුත් පැණි රහලු.
sirimal Wednesday, 01 May 2019 06:34 PM
ප්‍රවුර්ති වලින් දැක්කෙනම් කම්කරු අයිතීන් පැත්තක තියල මෙතනදීත් සමහරු බොරදියේ මාළු බාන්න උත්සාහ කරන අන්දමයි. හරිම කැතයි.
ඈපා Thursday, 02 May 2019 02:10 PM
මෙයාලගෙ ලැජ්ජාව වහ ගන්න දැන් බොරදිය නැතුවම බෑ වගෙයි මට පේන්නෙ. කලින් මේවා ගැන කියනකොට සංහිඳියාවට මුවා වෙලා ජාතිවාදයක් ඇද ගත්තා ..දැන් බොරදියේ මාලු බානවලු..
පිටිගල මිලානෝ Thursday, 02 May 2019 09:16 PM
මේවා විහිලු. රටට ලෝකෙට කිසිම වැඩක් නොකරපු මහජන පඩි සහ වරප්‍රසාද කාපු අය අඩි හප්පගෙන කෑ ගහන්නේ? මෙයා මොකක්ද රටට කලේ? සාරි පොටවල් සහ සාටක අස්සේ හැංගිලා පඩි ගත්ත එකනේ කලේ.