(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටී.එල්. ජව්ෆර්ඛාන්)
කල්මුණ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ඉකුත් 26 වැනිදා මරාගෙන මැරුණු ත‍්‍රස්ත‍්‍රවාදියකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳගේ නිවසේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක් අද(2) සොයා ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.
එම කාන්තාව පදිංචි කාත්තන්කුඩි පහ, ආරියම්පති නැගෙනහිර කොටසේ, අයිරම් මාවත ප‍්‍රදේශයේ නිවස සෝදිසියට ලක් කළ අවස්ථාවේ මෙම ජැකට්ටුව හමුවී ඇත.
මීට අමතරව ජංගම දුරකථන 4ක්, බැංතු ගිණුම් පොත් සහ හැදුනුම්පත් කිහිපක්ද තිබී සොයාගෙන ඇත.
එම ජැකට්ටුවේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම නිවසේ සිටි රිල්වාන්ගේ මාමණ්ඩිය හා නැන්දණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.
සැකකරුවන් දෙදෙනා හා බෝම්බ ඇදුම් කට්ටලය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.
(ඡායාරූප - ටී.එල්. ජව්ෆර්ඛාන්)
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමඟ උපකරණ රැසක් සොයාගනී