(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප‍්‍රාදේශීය සභාව පිහිටුවා ගත වූ වසර 31 ක ඉතිහාසය තුළ ප‍්‍රථම වරට සභා වාර්තා සම්මත කිරීමට හා විවිධ අයිතමයන් සඳහා මුදල් ගෙවීම පිළිබඳව ඡන්ද විමසීම් හයක් එකම දිනයේ පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් ලෙස සභා ඉතිහාසයට එක්විය.
අද (18) පැවැති මහා සභා රැස්වීමේදී අදාල යෝජනා සම්බන්ධව විපක්ෂයේ විරෝධය ඉදිරිපත් කිරීම නිසා පැවැති මෙම ඡන්ද විමසීම් වලින් පාලක පක්ෂයේ යෝජනා සියල්ල සභා සම්මත කර ගැනීමට හැකිවිය. පෙරවරු 9.00 ට ආරම්භ වූ රැස්වීම අවසන් වූයේ පස්වරු 6.00 ට පමණය.
සභාපති සරත් නන්දසිරි රණතුංග (පො.ජ.පෙ.) මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී මාසික රැස්වීම පැවැත්වුනු අතර පසුගිය මස සභා වාර්තාව සම්මත කිරීමට විපක්ෂය බෙදීමක් ඉල්ලා සිටී අතර පක්ෂව 24 ක් හා විපක්ෂව 21 ක් ලෙස සම්මත කෙරිනි.
අනතුරුව 24 වැනි දින පවත්වනු ලැබූ විශේෂ මහා රැස්වීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු වාර්තාව පිලිගත නොහැකි එකක් බවට එක්සත් ජාතික පක්ෂයේ ධම්මික අත්තනායක මහතා සභාව යෝජනා කිරීමෙන් පසුව ඒ සඳහා පැවති රහස් ඡන්දයේදී යෝජනාව පිලිගත හැකි එකක් බවට ඡන්ද 30 ක් ලැබුණු අතර යෝජනාව පිලිගත නොහැකි බවට ලැබුනු ඡන්ද ප‍්‍රමාණය 15 ක් විය. එක් ඡන්දයක් අවලංගු කෙරිණි.
සභා අරමුදල්වලින් කරන ගෙවීම් සඳහා පැවති ඡන්ද විමසීමේදී පක්ෂව 22 ක් හා විපක්ෂව 15 ක් ලෙසද ජූනි මස කසල බැහැර කිරීමේ මුදල් ගෙවීම ගැන පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 13 කි.
අනතුරුව සභා කර්මාන්ත සඳහා හා රුපියල් ලක්ෂ පහට වැඩි ගෙවීම් සඳහා අනුමැතිය ඉල්ලීමේදී පක්ෂව ඡන්ද 19 ක් හා විපක්ෂව ඡන්ද 13 ක් ලැබීමෙන් සම්මතවිය.
පොදුජන පෙරමුනේ මන්තී‍්‍රවරුන් 27 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර‍්‍රවරුන් 15 ක්, ජනතා විමුක්ති පෙරමුනේ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් සිව් දෙනා බැගින්ද ජාතික ජනතා පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙක්ද සභාව නියෝජනය කරති.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක්