(ඩයනා උදයංගනී)
මෙරට දරුවන් තමන් සතු සියයට සියයක හැකියාවන්ගෙන් ප‍්‍රයෝජනයට ගන්නේ සියයට 58ක ප‍්‍රමාණයක් පමණක් බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් සහ මානව දර්ශකයෙන් ඉදිරියෙන්ම සිටින්නේ දකුණු පළාත බව මීට දින තුනකට පෙර ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාතේ මුදල් ඇතත් දැනුම හා සෞඛ්‍ය සම්පන්න භාවය නොමැති බව කී ඇමතිවරයා ඒ අනුව දකුණු පළාතේ අයට ආඩම්බර විය හැකි බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශය මගින් තලවතුගොඩ දියසරු උයනේ දී අද (01) පැවැත්වූ ලෝක ළමා දින පරිසර චාරිකාව සහ පරිසර වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
දැනුම හා සෞඛ්‍ය මට්ටම අනුව මෙන්ම සෑම අතින්ම මෙරට පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට දරුවන්ගේ මානව ප‍්‍රාග්ධනය දර්ශකය එනම් සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයෙන් සියයක 58 ක් පමණක් ප‍්‍රයෝජනයට ගනිද්දී සිංගප්පූරුවේ දරුවන් සිය හැකියාවන් සියයට 88ක් භාවිතා කරන බව එහි දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා කීවේය.
රටක් ලෙස ඉදිරියට යාමට නම් ඉදිරියේදී එය සියයට 75ක් දක්වාවත් වැඩි කරගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට දරුවන්ගෙන් සියයට 13 ක් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී සියයට 25 ක් අධි පෝෂණයෙන් පෙලීම භයානක තත්වයක් බව කී ඇමතිවරයා රටට විධිමත් පෝෂණ කි‍්‍රයාවලියක් අවශ්‍ය බව ද කියා සිටියේය.
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙරට දරුවන් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 58 යි
kasun Tuesday, 01 October 2019 06:34 PM
මෙරට දේශපාලකයින් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 0 යි.
chandima Wednesday, 02 October 2019 12:39 AM
එකෙත් හැටි කියන්නේ පිට රටින් කියනකල් මේ 225 දෙනා දැනගෙන ඉඳල නැහැනේ?
නිමල් Wednesday, 02 October 2019 01:04 AM
ඇමති තුමා අදහස් කර ඇත්තේ අප දරුවන් තම මස්තිස්කයේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය නොගන්නා බවයි. පසුගිය වසර 500 කාලය තුල ලොව අන් රටවල බුද්ධිමතුන් මානව මස්තිස්කයේ සඛ්‍යතාව උපරිම අයුරින් උපයෝගීයෙන් අද ලබා ඇති ප්‍රගතිය විශ්මය ජනකයි. එහෙත් අප දරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ නව අදහස් හා නව නිපැයුම් දිරිගන්වන හා අගයකරන වාතාවරනයක් නැති වීම ශෝක ජනකයි.