( තිළිණි ද සිල්වා )
මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක වෙත මෙම සංචාරක තහනම් පැනවීම සිදුකරන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයට පත් කර ඇත .
2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව එම වින්දිතයින් අතරින් අවම වශයෙන් අට දෙනෙකුට නිදහස සදහා ඇති අයිතිය බරපතල ලෙස අහිමි කිරීම යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සදහා නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි සම්බන්ධ වීම හේතුවෙන් ඔහු එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇත.
2000 වසරේ දෙසැම්බර් මාසයේදී දෙමළ සිවිල් වැසියන් 08 දෙනෙකු අධිකරණ විභාගයට ලක් නොකර ඝාතනය කිරීමේ යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සීමාපනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අමෙරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව එම පියවර ගෙන ඇති බවත් , ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව මේ වසර සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු , විදේශ මෙහෙයුම් සහ සම්බන්ධිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 ( ඇ) වගන්තිය යටතේ. විදේශ රජයන් හී නිලධාරීන් 10 දෙනෙකු ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ප්‍රසිද්ධියේ නිවේදනය කිරීමටද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කටයුතු කර ඇත.
එම පිරිස අතර බංග්ලාදේශයේ වත්මන් පොලිස්පති බෙනාසිර් අහමඩ් , එරට ලුතිනන් කර්නල්වරයෙකු වන මිෆ්ටාහ් උදින් අහමඩ් , චීන ආරක්ෂක නිලධාරීන් , බෙලාරූස් ,උගන්ඩා සහ මෙක්සිකෝ නිලධාරීන් සිටිති.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් තහනමක්
Bamunuarachchi Saturday, 11 December 2021 12:18 PM
මොකටද අධිකරණයට ඉදිරිපත් කරන්නේ...? දෙන්න ඕන දඬුවම දුන්නා...
පිටිගල මිලානෝ Saturday, 11 December 2021 12:44 PM
සුනිල් වැන්නෙකුට ජනාධිපති සමාව දීම රටට අපකීර්තියක් වගේම සැබෑ රණවිරුවන්ටද අපහාසයකි.
BamunuarachchiSunday, 12 December 2021 08:26 AM
ප්‍රසිද්ධ නැති වුනත් කියමනක් තිබෙනවා මවු දීලා හරි යුද්ධය දින්න ඕනේ කියලා. ඒ නිසා කවුරු කෙසේහෝ වේවා යුද්ධය දින්නානම් ඒ ඇති. සමහරුන්ට කොටි ඩොලර් කෙන්ට් ෆාම්වල සිංහල ළමයි කපා කොටා මරා දාලා තිබුන හැටි අමතකයි. අපිට මතකයි ඒ වගේම මැවී පෙනෙනවා ඒ නිසයි යුද්ද දිනන්න අපේ හමුදාව කල සෑම දෙයක්ම අපි සාදාරනීය කරන්නේ කරපු අය වීරයන් කරන්නේ. .
අතුලSunday, 12 December 2021 05:47 PM
"නොමවේ බමුණා = හෝ වසලයා" එල්ටීටීඊ එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්... හමුදාව කියන්නේ, රටක් නියෝජනය කරන, වෘත්තියක්... ත්‍රස්තවාදීන් එ. ජාතීන්ගේ සංවිධානයට බැඳිලා නැහැ... රජයේ හමුදාවන් සියළුම ජාතීන්ට "එකසේ" ගරු කළ යුතුයි. බල්ලෙක් කකුල කෑවා කියලා, ඔබතුමා බල්ලගේ කකුල කනවාද?
BamunuarachchiMonday, 13 December 2021 02:15 PM
රටවිරුවන් මහන්සියෙන් හොයන ඩොලර් රටේ ඉන්න රුපියල් වලින් ජීවත්වෙන ගොයියන්ට කාර් ගෙන්වන්න වියදම් කලයුතු කාලයක් නොවෙයි මේක.
Chandane Saturday, 11 December 2021 05:01 PM
මේ දෙන්නා මීට කළින් කී සැරයක් ඇමෙරිකා ගිහින් තියේද? එහෙම ගිහින් තියෙනවා නම් නැවත යාමට නොහැකි නිසා මේ තහනම බලපානවා. ඒත් මිනීමරුවන්ට මොනවා වුණත් දඬුවම් කළ යුතුයි. නැතිනම් ඒක රටට අපරාධයක්...
BamunuarachchiSunday, 12 December 2021 08:44 AM
මිනී මරන්නේ නැතුව කරන යුද්ධයක් අපි අහලා නැහැ. මරන්නේ නැතිව කරන එකම යුද්ධය ධර්ම යුද්දයයි. කොටිසමග කලේ ධර්ම යුද්ධයක් නොවෙයි ලෝක සම්මත යුද්ධ නීතිවලින් පිටපැන්න ත්‍රස්ත යුද්ධයක්. ඒ නිසයි සේනාධිනායක ප්‍රකාශ කලේ ත්‍රස්තයින්ට කථා කරන්න ඕනේ උන්ට තේරෙන භාෂාවකින් කියලා.
fairoosMonday, 13 December 2021 12:32 PM
ඒකේ සාපයයි දැන් විඳවන්නේ....
BamunuarachchiMonday, 13 December 2021 02:10 PM
ඒ කාලෙම කතා කලානම් අද රට බංකොලොත් වෙන්නේ නැහැ
BamunuarachchiMonday, 13 December 2021 08:35 PM
ත්‍රස්තයින්ට ඒ භාශාවෙන් කතා කලානම් පාස්කු ප්‍රහාර ඇතිවෙන්නේ නැහැ.