IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මරණ දඬුවමට කැනඩාවත් එරෙහි වෙයි

(තිළිණි ද සිල්වා)

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නිවේදනයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මානව ගරුත්වයට නොගැළපෙන අතර ඒ තුළින් සිදුවන වැරදි සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට නිදහස් විය නොහැකි බව ඔවුහු පවසති.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම වැදගත් සහ අවශ්‍ය වුවත් මරණීය දණ්ඩනය තුළින් එය වැළැක්විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම සංචාරකයින් සහ ආයෝජන සඳහා සාමකාමී හා පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට  මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම තුළින් නොහැකිවනු ඇති බව කැනඩාවේ අදහසයි.



අදහස් (5)

මරණ දඬුවමට කැනඩාවත් එරෙහි වෙයි

Amara Friday, 28 June 2019 07:00 AM

මරණ දඬුවම ලැබු සියලුම දෙනා කැනඩාවට පිටුවහල් කිරීමට ඇති අවස්ථා මොනවාදැයි මහා කොමසරිස්ම කිව්වනම් තම අපේ සමාජය හොඳ වෙන්නේ? අනේ ප්ලීස්

:       0       0

ravi Friday, 28 June 2019 07:44 AM

හොඳයි ..! එහෙනම් අපිට මේ ප්‍රශ්නය විසඳන්න" " කැනඩාව "" මැදිහත්විය යුතුයි. කැනඩාව කියන්නේ දියුණු රටක් එයාලට මත්ද්‍රව්‍ය පාලනය කරගන්න අවශ්‍ය හැම උපකරණයක්ම තියනවා.. !! කැනඩාව අපිටත් ඒ.. හැම උපකරණයක්ම දෙනවා නම් ... අපිටත් " පුංචි කැනඩාවක් " වෙන්න පුළුවන්... !

:       0       18

de silva Friday, 28 June 2019 02:19 PM

කැනඩාවෙන් අපට වැඩිදෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ බන්ධනාගාරයේ යෙදවීම සඳහා අල්ලස නොගන්න නිලධාරීන් කිහිපදෙනෙකු සහ හිරගෙදර සිට ක්‍රියාත්මක වන අනවසර ජංගම දුරකථන පද්ධති ක්‍රියාවිරහිත කළහැකි සන්නිවේදන උපකරණ පද්ධතියක් පමණි. එතකොට කුඩුකාරයින්ට හිරේ සිට ජාවාරම් මෙහෙයවන්න බැරි නිසා කුඩු කාරයෝ එල්ලුවේ නැති වුනත් අපට කමක් නැත.

:       0       4

Bandula. Saturday, 29 June 2019 07:25 AM

අපේ රටේ වෙන අපරාද දිහා බැලුවාම එල්ලුම් ගහ ඕනෙමයි. එ්ත් මේ පිට උන්ටනේ රුදාව තියෙන්නේ...

:       0       0

shan Monday, 01 July 2019 05:31 AM

කැනඩාව යනු කොටි හිතවාදී පුංචි දමිල රටක් වගේ තැනක්... ඔවුන් දමිල ත්‍රස්තවාදීන්ට හැකි උපරිමය උදව් කරනවා. ඔවුන්ගේ කීමට රටට හැකි තරම් කරදර වන ආකාරයේ දේවල් ජාත්‍යන්තරය හරහා ගෙනඑනවා. ඔවුන් කැමති වුනත්, නැතත් අපට කමක් නැහැ. උන්ගෙන් මෙතුවක් නොවුණු උදව් අනාගතයට ඕනෙම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 2 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 0 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 7 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 38 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 82 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 175 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site