(හර්ෂණ තුෂාර සිල්වා)
මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනමින් නැවැත්විය විය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජූනි 21 සිට ජූලි 1 දින දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ දී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තාවලින් දැනගන්නට ලැබුණු බව ද එම සංවිධානය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකුට මරණ දඬුවම ලබාදීමට තමා මේ වනවිට අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. කොළඹ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව එය බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇති සැලසුම් නවතා දමන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නයික් මහතාපැවැසීය.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මරණ දඬුවම දීම නවත්වන්නැයි ක්ෂමා සංවිධානය කියයි
කුසුමා Wednesday, 26 June 2019 09:32 AM
ඔය කතාව කියපල්ලකෝ ඇමෙරිකාවටත්. දුප්පත් රටවලට තමයි හැම එකාම අත පොවන්නේ.
ravi Wednesday, 26 June 2019 09:37 AM
"" ක්ෂමා සංවිධානය "" කියන්නේ වැරදිකරුවන්ගේ .. නෑදෑයන්..හිතමිතුරන් .. විසින් හදාගත්ත අට්ටාලයක් ... ඕවට බයවීම හෝ ඇහුන්කන් දීමෙන් , අපේ රට මත්ද්‍රව්‍ය අගාදයට ඇද දැමීමට ඉඩ නොදිය යුතුයි ..
Ariyathilaka Wednesday, 26 June 2019 09:39 AM
1948 නිදහසින් පසු මෙරට රාජ්‍ය පාලනය සාධාරණ ලෙස සිදුවීද? රටේ සම්පත් බෙදීයාම, අධ්‍යාපන ලැබීමේ අවස්ථාව, වෘත්තීය දැනුමක් ලබා ගැනීම, නීතියේ රැකවරණය, රාජ්‍ය පරිපාලනයෙන් වැසියාට සිදුවිය යුතු සේවාව, සියලු රාජ්‍ය සේවා, යන සියල්ල විශමතාවන් අඩු වැඩි වශයෙන් පවතී. රැකියවක ලබා ගැනීම පමණක් නොව රැකියා කරන්නගේ ගෞරවනීය භාවය සියලු දෙනාට එක ලෙස නැත. වැසියාගේ හෙට දවස ආර්ථික තත්වය සතුටු දායක නැත. ඉතා අත්ලොස්සක් පමණක් ආර්ථික වශයෙන් සුරක්ෂිත වීම රටකට සතුටු විය නොහැක. රටේ සාදාචාර වර්ධනය ගැන ක්‍රියා කරන රජයක, සුරාව පිළිබඳ රාජ්‍ය ආයතන තිබිය නොහැක. සුරා සැල් පවත්වීමට බලපත්‍ර ලබාදී මද්‍යසාර රට පුරා ව්‍යාප්ත කර හෙට තරුණ වියට පත් වන ළමයා පටන් මහලු වැඩිහිටියා දක්වා සුරාවට ඇබ්බැහි වීමට මග පාදා ඇත්තේ කවුද? රජයට මේ වගකීමෙන් මිදිය නොහැක. බොහෝ දෙනා මුලින් ඇබ්බැහි වන්නේ මධ්‍යසාර වලට ය. දෙවනුව මත්ද්‍රව්‍ය වලටය. කෙසේ නමුදු සදාචාරය පිරිහීමට මධ්‍යසාර හේතුය. දුසිල්, අවිචාරවත් සමාජයක් ඇති වීමට දීර්ඝ කාලයක සිට, පාලකයන් මග පාදා සමාජ-ආර්ථික විසමතාවය පිටු නොදැක අහිංසක ජනතාව නොමග ගිය විට, මරණීය දණ්ඩනය
wedageWednesday, 26 June 2019 11:15 AM
අහිංසක ජනතාව කුඩු කිලෝ ගණන් ගේන්නේ කොහොමද කියල විස්තර කරන්න
Ariyathilaka Wednesday, 26 June 2019 09:42 AM
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජයට අයිතියක් තිබේද? යන්න මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන, කරවන සියලු දෙනා හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. අපරාධ කරුවන් වුවද කෙනෙකුගේ පණ ලඝු කොට ගත් හැක්කේ කෲර හදවත් ඇත්තන්ට පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “පරමාධිපත්‍යය” යන්න හදුන්වා ඇත. නමුත් “පරමාධිපත්‍යය” යන වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අරුත් ගැන්වීමට වඩා අරුත් ගත් පදයකි. පරමාධිපත්‍යය යනු කෙනෙකුගේ පණට තිබෙන අයිතිය හෙවත් ජීවත් වීමේ අයිතිය ය. කිසිවෙකුටත් මේ ලෝකයේ කෙනෙකුගේ පණට තිබෙන අයිතියට හෙවත් ජීවත් වීමට තිබෙන අයිතියට අභියෝග කළ නොහැක. මිහි පිට ජීවත් වන සතා සිවුපාවුන්ට පවා ජීවත් වීමේ අයිතියක් ඇත. මනුෂ්‍යයන් ගැන කියනුම කිම? රට පාලනය කරන පාලකයන් වරප්‍රසාද භුක්ති විදිමින් රටට ජනතාවට තම යුතුකම් ඉටු නොකර පාලිතයාට මරණීය දණ්ඩනය දීම ශාපයක් වනවා නොඅනුමානය.
සචිත්Wednesday, 26 June 2019 11:03 AM
ආරියතිලක කුඩුකාරයෙක්ගේ නෑයෙක් වගේ? මුලින්ම එල්ලන්න ඕනේ රටේ බහුතරයකගේ යහපත් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න යන වැඩකට අකුල් හෙලන මේ ආරියතිලක වගේ අයයි. මරන්න හොඳ නෑ පවු කියලා ප්‍රභාකරන්ව නොමැරුවනම් මේ වෙනකොට රටේ තව කී දාහක් බොම්බ වලට අහුවෙලා මැරිලද? මෝඩකමට කට අරින්න කලින් ටිකක් මොලේ පාවිච්චි කරන්න.
Dilan Wednesday, 26 June 2019 11:18 AM
ඔබේ තර්කවලට අනුව අපරාධකරුවන් සිරගත කිරීම හෝ වෙනත් දඬුවම්ද ක්‍රියාත්මක කළ නොහැක. ඒවා මගින්ද මානව අයිතීන් කඩවන්නේ යැයි තර්ක කළ හැක. අයිතීන් ආරක්ෂා කළ යුත්තේ අපරාධකරුවන්ගේ නොව නීතිගරුක මිනිසුන්ගේය. අපරාධකරුවන්ට නිසි ලෙස දඬුවම් නොකිරීමේ ප්‍රතිවිපාක අද අප අත් විඳින්නෙමු.
NuwanWednesday, 26 June 2019 02:45 PM
රජු විසින් නියමකරන ලද දෙතිස් වධ සහිත දඬුවම් ක්‍රම තිබූ පුරාණ ලංකාව එක්ක බලනකොට ඔබ කියන විදියට හිතුවොත් පෙර සියලු රජවරු හිත පිත් නැති අමනයන්, මනුස්සයෝ රටක නීතියක් දඬුවමක් තියෙන්නේ හැමෝගෙම යහපතට, රජයවල් දූෂිතයි කියලා රටේම ජනතාව පිස්සු කෙලින්න ගත්තොත් කොහොමද රට පවතින්නේ? ඔහේගේ පවුලේ කෙනෙකුව පාතාලයෙක් හෝ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් විසින් මැරුවා නම් අපට බලාගන්න තිබ්බා ඔය දාර්ශනික පිළිතුරු දෙන කෙනා අපරාධකාරයට සාප කරන, එල්ලලා මරන්න කියන හැටි... ප්‍රශ්නය තමන්ගේ වනතුරු පිළිතුරු දාර්ශනිකයි.
AriyathilakaThursday, 27 June 2019 03:03 AM
රට වැසියාගේ ජීවන තත්වය, සදාචාර වර්ධනය, සුරක්ෂිත කරලීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග පාලකයා විසින් ගත යුතු අතර එසේ නොවුණු විට වැසියාගේ ජීවන තත්වයත්, සදාචාර වර්ධනයත් පිරිහී යයි. සමස්ථ සමාජ ක්‍රමයම කුණු වූ තැනට පත් වීමට පාලන තන්ත්‍රය වගකිවයුතුවා මෙන්ම රටේ පාලනය යුක්ති ධර්මයේ නොපිහිටා අන්තිම වශයෙන් වැසියාට මරණීය දණ්ඩනය ලබා දීම කිසිසේත්ම සාධාරණ නැත. එය පාලන තන්ත්‍රයේ බැරිකම මතු වූ පාලකයන්ගේ ක්‍රියාවක් වේ.
thushara Wednesday, 26 June 2019 10:23 AM
මත්ද්‍රව්‍ය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් මේ අපරාද වලට මරණ දඬුවම දෙන්න.. කාගෙවත් ක්ෂමා සංවිධානය අපිට අදාල නැහැ. අපේ රටේ වුවද දුරු අපි පාලනය කර ගන්න ඕනේ...
raviWednesday, 26 June 2019 10:36 AM
" තුෂාර " ඔයා හරියටම හරි .. ! ස්තුතියි .
shan Wednesday, 26 June 2019 11:03 AM
කිසිම හෙයකින් මේ ගතාවූ ක්‍රියාමාර්ගය නැවැත්විය නොයුතුයි එක එක රටවල ඩොලර් වලට කඩේ යන සංවිධානවලට ඕනේ විදිහට රට පාලනය කරන්න බැහැ මේක නවතුවහොත් එන ඡන්දෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සදහටම ගෙදර යවනවා ශ්‍රී ලංකාවෙන් මකා දමනවා කොන්ද පන නැති දේශපාලන පක්ෂ හෝ නායකයන් ඕනෙම නැහැ......
Bamunuarachchi Wednesday, 26 June 2019 11:25 AM
අපිත් එකඟයි, හැබැයි ජීවිතාන්තය දක්වා දෙන සිර දඬුවම ජීවිතාන්තය දක්වාම දියයුතුයි. මොකද මරණ වේදනාව තප්පර ගණනයි.. සිරබත් කෑම ජීවිත කාලයම විඳිය යුතුයි.
koba Wednesday, 26 June 2019 01:39 PM
මේක නම් මට අහන්න ලැබුණු කණගාටුවක් ඇතිවන ආරංචියක්, මානව හිමිකම් දර්ශකවල ඉහළින් ඉන්න ලංකාවේ නම කැතවන දුර්දාන්ත තීරණයක්... ටිකක් කල්පනා කරන්න මිනිහෙක්ගේ ජීවිතයක් උදුරාගන්න තවත් මිනිහෙක්ට තියෙන අයිතිය මොකක්ද? එය මිනිහෙක්ට කරන්න පුළුවන් දරුණුම අපරාධය. ඒ වගේම අපරාධ කරුවෙක්ට, ශිෂ්ඨ සමාජයක දෙන්න පුළුවන් ලොකුම දඬුවම සමාජයෙන් කොන්කරලා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දීම... එයයි ශිෂ්ඨ ලෝකය පිළිගත් ක්‍රමය. ඒ මග බෞද්ධ ක්‍රමයයි, එයින් පිට මරණ දඬුවම දීම කියන්නේ ශිෂ්ඨ ලෝකය පිළිකුල් කරන ජරා තුච්ඡ ගෝත්‍රික නීතිවලින් පාලනය වන රටක ක්‍රමය...
රවින් Wednesday, 26 June 2019 01:43 PM
ලොව යම්කිසි අකටයුත්තක් වේ නම් ඒ පිටිපස ධනවත් යයි සැලකෙන සැහෙන කොටසක් ඉන්නවා? ඒ අයගෙන් වැඩිපුර ජීවත්වෙන්නේ ධනවත් යයි සලකන රටවල. එන්.ජී.ඕ. වලට සෑහෙන මුදලින් පරිත්‍යාග කරන්නෙත් ඔය කියන ධනවත් අයම තමයි. මත්ද්‍රව්‍ය සමග අසුවෙන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරනවිට ඔවුන්ව බේරාගැනීමට වක්‍රානුකූලව ඉදිරිපත් වන්නේත් ඔය කියන ධනවත් උදවියම තමයි. ඉතින් කැරකෙන රෝදේ..
koba Wednesday, 26 June 2019 01:47 PM
අපේ රටේ ඉන්නවා මැදපෙරදිග සේවයට ගිහින් ගුවන් තොටුපොලේදී රටේ මනුස්සයෙක් සිංහල කතා කරන මනුස්සයෙක්ගේ කීමක් විශ්වාස කරලා පාර්සල් ප්‍රවාහනය කරලා ඒ පාර්සල්වල මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණු සිදුවීම්, ඒ අහිංසකයිනුත් රටේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්... ඒ අයත් හිරේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිනවා. ඉතින් කල්පනා කරන්න එහෙම මනුස්සයෙක්ට මරණ දඬුවම ලැබුනොත් වැරදිකාරයන් දාහක් නිදහස් කළාටත් වඩා අපරාධයක්... පව්කාර මිනිස්සුනේ!!! ඔවැනි අපරාධවලට අනුබල දෙන්න එපා.
sharm warnThursday, 27 June 2019 12:02 PM
හොදයි. එහෙම සිරගත වුන අයගේ ප්‍රතිශතයයි මත්ද්‍රව්‍ය වෙළදාම හා මිනි මැරීම නිසා මරණ දඩුවම නියම වුන අයගෙ ප්‍රතිශතයයි පොඩ්ඩක් හොයලා බලන්න. ඊට පස්සේ ආපහු ඔයාගේ තර්කය කියවල බලන්න
kamani Wednesday, 26 June 2019 05:24 PM
අපි අපේ රට ගැන බලාගන්නම්.
Bandula. Thursday, 27 June 2019 11:06 AM
අපිට පුළුවන් අපේ දෙවල් බලාගන්න
Chanak los angeles Thursday, 27 June 2019 10:39 PM
ඔය මුදලාලිලා විසින් අහිංසක නිරෝගී ජනතාවට හුරුකරන ලද මත්ද්‍රව්‍යවල විසෙන් මැරෙන මිනිසුන්ටත් සලස්වලා දී තිබෙන්නේ මරණ දඬුවමක් නොවේද? ක්ෂමා සංවිධානය ඒ මරණ දඬුවමත් නවතා දෙන්න ඕනේ එහෙනම්..