IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ඝාතන ව්‍යවසනකාරී බවත් කිසිම විටෙක ප්‍රශ්නවලට විසඳුමක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝ ප්‍රකට ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී ඇති බවත් ඔහු මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් ඉඟියක් ගෙන තම අදහස වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් තිබේ.

ශ්‍රී ලංකාවේ සුන්දර ජනතාවට මීට වඩා දෙයක් හිමිවිය යුතු යැයි ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

සිය පළමු ට්විටර් පණිවුඩයෙන් පැය කිහිපයකට පසු තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය රට සම්බන්ධයෙන් තෝරාගෙන ඇති හානිකර මාර්ගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එසේ නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව, රටවල් සහ ව්‍යාපාර එක හා සමානව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරන බව මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලී මහතා පසුගිය වසරේ දී නිවේදනය කළ අතර මාලදිවයින පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම අනුමත කරමින් ඡන්දය ද භාවිතා කළේය. 

මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳිමින් සිටින සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.  

 



අදහස් (18)

මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි

sharm warn Thursday, 27 June 2019 11:51 AM

අනේ බ්‍රන්සන් මහත්තයා, මරණ දඩුවම දෙන්නේ සුන්දර ජනතාවට නෙමේ. ඒ සුන්දර ජනතාවට අහස පොලව නුහුලන අපරාධ කරලා නීතිමය වශයෙන් මරණ දඩුවම නියම වෙලා අපේම බදු මුදලින් කකා බිබී රුපවාහිනී නරබමින් සුන්දර කාලයක් ගත කරන අපරාධකාරයන්ට කියල ඔයාගේ කුඩා මොලේට වැටහෙන්නේ නැත්තේ ඇයි ?

:       18       145

Asanka Thursday, 27 June 2019 12:02 PM

අනේ එහෙනම් මරණ දඩුවම හිමි සියලු වැරදි කාරයෝ සර් රිචඩ් බ්‍රැන්සන් මහතාගේ ගෙදර යවමු. යන්තම් රට හදන්න හරි පාරට ගත්තා විතරයි මැරෙන්න හදනවා මෙයාලා

:       12       110

ravi Thursday, 27 June 2019 12:14 PM

චීනය අද ලෝකයේ දියුණුතම රටක් බවට වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දීලා. චීනය ඒ ජාවාරම් කරුවන්ගෙන් බේරාගත් නිසා බව අපි සියලු දෙනාම දන්නා දෙයක් නොවේද .?

:       18       207

Malik Perera Thursday, 27 June 2019 12:42 PM

මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නොවෙන බව සත්‍යකි. මෙහිදී මහා මොළකරුවන් බේරී අසුවන්නේ සුළු අපරාදකරුවන්ය. පළමුව මේ වැරැද්ද නවතා දැමීමට එනම් මහා මොළකරුවන් විනාස කිරීමට ක්‍රියා කරන්න.

:       1       107

leel gunawardena Thursday, 27 June 2019 06:31 PM

සම්පුර්ණ ඇත්ත. මරණ දඩුවම බෞද්ධ දර්ශනයට එකතු වන්නේ නැහැ. මිනීමැරීමක් තමයි මෙතන වන්නේ, වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි නමුත් මනුස්ස ඝාතන කරන්නට අනුබල දෙන්නට කිසිම බලයක් තව කෙනෙකුට බැහැ.

:       1       35

Chanak los angeles Thursday, 27 June 2019 11:00 PM

කවුරුන් කෙසේ කීවද... මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මුල් ඒ වගේම කොන්තරාත්වලට සැලසුම් කරමින් මනුෂ්‍ය ඝාතන කරන කරවන මිනීමරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතුමයි ..

:       0       0

sunil perera Thursday, 27 June 2019 11:34 PM

මරණ දඬුවමට ලක්වීම නවතා ගන්නේ කෙසේද? මත්ද්‍රව්‍ය රටතුළට එන මං ඇසිරිම (1) දකුණු ඉන්දියාවෙන් එන මාළු බෝට්ටු පරීක්ෂාව විධිමත් කිරීම... උතුරේ පොලිස් ලොක්කන් පරීක්ෂාවට රහස් පරීක්ෂක සේවය ලබා ගැනීම... (2) අගනුවර වරායේ බහාලුම් අමතර පරීක්ෂාව (3) සංචාරකයින්ගේ ගමන් මලු විධිමත් පරික්ෂාව. (4) මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රසිද්ධ රටවලින් එන සංචාරකයන් විශේෂ පරික්ෂාව සහ එරටවලට නිකුත් කරන වීසා බලපත්‍ර නීති වැඩි කිරීම... දුරකථන සිම් කාඩ්වලට නීති තද කිරීම, ත්‍රීවිල් භාවිතය දත්ත ගත කිරීම, පාසල් දරුවන් අන්තර් ජාලයෙන් මුදවා ගැනීම, රුපවාහිනී චැනල් සඳහා ප්‍රමිතියෙන් යුත් වැඩසටහන් සෑදීම. රත්තරං බඩු භාවිතයෙන් ඉවත් කිරීම. මේ පිටරටවලින් එන දහා ජරා භාණ්ඩ සහ සේවා රටට ගැලපෙන පරිදි සිමා කිරීම. මාර්ග නීති තද කිරීම. මව්වරු විදේශ වහල් සේවයට යාම නැවතීම... මේ දියුණුව කියන බටහිර ගැතිකම් නිසා අපේ ලස්සන රට විනාශ වී හමාරයි. පංච ශීලය පණමෙන් ආරක්ෂා කරගැනීම අපේ බොදු සිංහල දේශයේ තිබූ ගුණධර්ම නැවත මතුකර ගැනීම සහ දහම් පාසල් අනිවාර්ය කිරීම... මේ සඳහා පොතක් ලියන්නට තරම් කරුණු බොහොමයි...

:       0       0

dhammika perera Friday, 28 June 2019 01:19 AM

සමහර අයගේ අදහස් කියවල බලනකොට හිතෙනවා සර් රිචර්ඩ් බ්‍රන්සන් හොඳ වෙලාවට අපේ ලංකාවේ ඉපදුනේ නැත්තේ කියල. ධම්මික පෙරේරා

:       0       0

Nana Friday, 28 June 2019 02:35 AM

මට තේරෙන්නේ නැහැ. මරණ දඬුවම නිසා අපරාද අනිවාර්යයෙන් අඩු වෙනවා. එතකොට අනාගතයේ සිදුවන අපරාද වල වගකීම මේ මරණ දඬුවමට විරුද්ද අය ගන්නවද ?

:       0       18

Bamunuarachchi.Friday, 28 June 2019 07:59 AM

මරණ දඬුවම නිසා අපරාධ අනිවාර්යයෙන් අඩුවෙනවා කියලා අපි කියන්නේ නැහැ. නමුත් මගේ පවුලේ කෙනෙක් හිතවතෙක් මරපු මිනිහා යහතින් ඉන්න ඕනේ නැහැ. ඒ දඬුවම මිනීමරුවාටත් ලැබිය යුතුයි. අැයි මේ ප්‍රශ්නය දිහා ඒ පැත්තෙන් බලන්නේ නැත්තේ...?

:       0       0

anu Friday, 28 June 2019 03:04 AM

රටක පාලකයගේ යුතුකම, වගකීම වන්නේ එහි ජිවත්වන් පුරවැසියන්ට ජිවත් වීම සඳහා සුදුසු පරිසරයක්, රැකවරණයක් සකස් කිරිඉමයි. එහිදී සියලු දෙනාගේ පැවැත්මට, ජීවත්වීමේ අයිතියට බාදාවක් වන පිරිස් නිසිමගට ගැනීම සිදුවියයුයි. එසන්දහා සුදුසු දඬුවම් දියයුතුයි. එහිදී අන් මිනිසුන් විනාශ කරන මිනිසුන්ට මරණ දඬුවම දීම අතිතයේ මෙන්ම වර්තමානයේත් ලෝකයේ බොහෝ රටවල සිදුවෙයි. ලෝකයේ බලවත්ම ප්‍රජාතන්ත්රවදී රට වන ඇමරිකාව මරණ දඬුවම තවමත් නවතා නැහැ. ඔය කියන එංගලතය අදටත් බොහො ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන රටක්. ලංකාවේ ළමා සොල්දාදුවන් බිහිකිරිඉමට ප්‍රමුක කාර්යයක් කල ඇඩෙලා බාලසිංහම් අදත් එහි සුවසේ වෙසෙනවා.

:       0       111

දිලුම් Friday, 28 June 2019 04:20 AM

ලංකාව සුන්දර රටක් කියල ඔහෙලට පේනනෙ කොළඹ හා ප්‍රධාන නගර ආශ්‍රිතව මවල තියන මැවිල්ල නිසා. රට ඇතුලෙ හා මායම් ගම්වලට ගිහිං බලන්න එදාවේල නොකා ඉන්න හිටින්න හරි හමන් වහලක් නැතිව මිනිස්සු කොතරම් සුන්දර ජීවිතයක්ද ගෙවන්නෙ කියල. ඒ මදිවට දැං ගම්වලට හා පාසැල් වලට නොමිලේ මත්කුඩු බෙදනව මේ කාලකන්නි. එකෙන් වෙන්නේ මේ අහිංසක මිනිසුන් හා අපේ දරුවන් කබලෙන් ලිපට වැටෙන එක. අවුරුදු 11-18 අතර දරුවන් මේ විනාශයට සීඝ්‍රෙයන් ගොදුරුවෙනවා. ඔහෙගෙ මොලේට තේරුනේ නැතුවට මෙන්න මේ වගේ මේ රට විනාශ කරන උන්ට තමයි මරණ දඩුවම දෙන්න හදන්නේ. නැතුව එදා වේල කන්න නැතුව ඉලඇට පෑදිල ඉන්න ඔහේ කියන මේ රටේ සුන්දර මිනිසුන්ට නෙමෙයි. අපරාධකරුවන්ට මරණ දඩුවම දෙන එක ගැන දොඩවන්න කාලය කන වෙලාවේ පුළුවන්නම් මේ රටට කර්මාන්ත ටිකක් ටිකක් ගෙනත් දානවකො මේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්න.

:       0       14

gamaathi Friday, 28 June 2019 05:17 AM

මරණ දඬුවම හොඳයි කියන අයගේ ඥාතියෙක් එහෙම මරණ දඬුවමට ලක්වෙලා තියනවානම් මේ එක්කෙනෙක් වත් මරණ දඬුවම හොඳයි කියන්නේ නැහැ .

:       26       0

BamunuarachchiFriday, 28 June 2019 08:06 AM

මරණ දඬුවම එපා කියන අයගේ ඥාතියෙක්ව එහෙම කව්රු හරි මරා දමා තිබෙනවා නම් මේ එක්කෙනෙක් වත් ඒ මිනීමරුවාට මරණ දඬුවම එපා කියන්නේ නැහැ නේද? මට නම් එපා කියන්නේ නැහැ ෂුවර් එකටම එකාට මරණ දඬුවම දෙනවාද කියා බලන්නත් යනවා.

:       0       0

ranjith Friday, 28 June 2019 06:23 AM

මරණ දඩුවම ප්‍රශ්න වලට විසදුම නොවෙන්න පුළුවන් ඒ උනාට අපේ රටේ කරන මහා පරිමාණ හොරකම් දුෂණ මේවට කිසිම දෙයක් කරන්නේ නැහැ. මෙහෙම ගියොත් අනාගත පරපුරට රටක් තියේවිද.?

:       0       1

Bamunuarachchi Friday, 28 June 2019 06:32 AM

මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි නම් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම දෙන්නේ ඇයි? අපිත් කියමු ඒගොල්ලෝ මරණ දඬුවම දෙන නිසා අපිත් දෙනවා කියල. උත්තරය බොහොම සිම්පල්.

:       1       2

Bamunuarachchi Friday, 28 June 2019 08:00 AM

මම කියන්නේ මිනීමරුවන් එල්ලා මැරිය යුතු අතර එල්ලා මරණ විදිහ ප්‍රසිද්ධියේ පෙන්විය යුතුයි.

:       0       0

Rohana Friday, 28 June 2019 12:20 PM

මේ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අහලා බැලුවොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 24 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 589 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 722 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 204 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 821 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site