(මුදිතා දයානන්ද )
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව එම සංවිධානය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජනවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකාවකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයේ ලේකම්වරියක ලෙසද ඇය කළක් කටයුතු කර ඇත.
පසුගිය පාලන කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
ශ්රී ලංකාවේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා,, රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති හා මානව සංවර්ධනය, තරුණ විරැකියාව හා ගැටුම් ස්ත්‍රී පුරුෂ භාවය, ළමා ආරක්ෂාව, ගෝලීයකරණ්‍ය හා සංවර්ධන යන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති ඇය කළක් ළමා ආරක්ෂාව හා මානව සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මාලිමාවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරියට
සුසන්ත Wednesday, 12 August 2020 05:35 AM
ප්‍රතිපත්ති කියන්නේ කඩදාසි කොලකෑලිවල තියෙන අකුරු විතරක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු මාලිමාවේ මහත්වරුන්ට ස්තූතියි. ඇවිදින මලමිනී වගේ මිනිස්සුන්ව සනසන්න තනතුරු දෙන එක නවත්තලා සුදුසු අයට තැනදෙන්න අනිත් පක්ෂත් කටයුතු කරනවා නම් රටට සෙතක් වෙයි. ජාතික ලැයිස්තුවක අරමුණත් ඒකයි...
ananda Wednesday, 12 August 2020 05:50 AM
ස්තුතියි ජාතික ජන බලවේගය...
Sanath Kandy Wednesday, 12 August 2020 06:06 AM
උගත්කමට, නිවැරැදි දැක්මට අවස්ථාවක් ලැබුණේ ජන බලවේගය පමණයි... ජයවේවා..!!!
Indrajith Wednesday, 12 August 2020 06:08 AM
හොඳ තේරීමක්...
Nissanka Wednesday, 12 August 2020 06:11 AM
නව මුහුණුවරකින් ඉදිරියට යන්න. රටේ අනාගත බලාපොරොත්තුව මාලිමාව.
Fernando Wednesday, 12 August 2020 06:12 AM
උගත් කමට අවස්ථාවක්... නිවැරැදි තේරීමක්... ජයවේවා...!!!
Nissanka Wednesday, 12 August 2020 06:26 AM
ඉදිරියෙන් ඉදිරියට යමු.. රටේ අනාගතය ජාතික ජන බලවේගයයි.
ana Wednesday, 12 August 2020 07:00 AM
ගැලපෙන අය.
nila Wednesday, 12 August 2020 07:14 AM
මාලිමාවට ස්තුතියි...
මුණසිංහ Wednesday, 12 August 2020 07:36 AM
කලින් පාර්ලිමේනතුවලත් මහාචාර්යවරු හිටියා. එයාල රට වනසපු හැටිත් දැක්කා. ඒවත් ආදර්ශයට අරගෙන ජවිපෙ නැවත මහජනතාව අතරට යන පක්ෂයක් හැටියට නැවත ගොඩ නැගීම මෙතුමියට ඇති බරපතල වගකීමක්. ජවිපෙන් ඉවත්වූ පෙරටුගාමී පිරිස් ජවිපෙට නැවත ලංකර ගැනීමත් වගකීමක්.
athula Wednesday, 12 August 2020 07:58 AM
ප්‍රතිපත්ති වල තියෙන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන ඔබලා රටේ අනාගත බලාපොරොත්තුවයි.
Rakitha Wednesday, 12 August 2020 08:07 AM
පොහොට්ටුවෙත් ඉන්නවා උගත් ආචාර්ය, මහාචාර්යවරු ගොඩක්...
NissankaWednesday, 12 August 2020 08:42 AM
ඒ වුණාම පරණ සෙට්එකම තමයි ඇමැති මණ්ඩලේ පත්වෙලා ඉන්නේ...
SulakshanaWednesday, 12 August 2020 10:33 AM
ලිස්ට් එක හරියට මොලෙන් බලන්න... එතකොට පෙනෙයි.
chandana Wednesday, 12 August 2020 10:00 AM
මම මාලිමාවට දුන්න ඡන්දයට සාධාරණයක් ලැබිලා තියෙනවා. මාලිමාව දිනෙන් දින දිනේවා.
chandana Wednesday, 12 August 2020 10:03 AM
සියයට දහස්වාරයක් හොඳ වැඩක් කියලා පෙනිපෙනීත් අන්ලයික් දාන අය ඉන්නවා. චොකා මල්ලිට මරණ දඬුවම ලැබිලා තිබියදීත් ඡන්ද ලක්ෂ ගණන් දෙන මෝඩයින් ඉන්න රටක්නේ මේක...
Nihal Dharmatileke Wednesday, 12 August 2020 10:28 AM
සුදුස්සාට තැනක්... ජයවේවා..!!!
අරුණ Wednesday, 12 August 2020 01:11 PM
දාපු ඡන්දයට නියම වටිනාකම දුන්නු අවස්ථාවක්. ජ.වි.පෙ බලය මාලිමාව ඇතුලේ වැඩියි කියලා තමන්ගේ කෙනෙක් යවන්න කියලා කෑගහගන්නේ නෑ බුද්ධිමත් මිනිස්සු. ඕනෑ නම් හඳුන්ව දාන්න තිබ්බා. නමුත් ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති. අනිත් අයත් මේවා ඇස් ඇරලා බලන්න ඕනේ.