IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මිලියන 2ක් වටිනා තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට

(විනීතා එම් ගමගේ)

සෞඛ්‍යයට අහිතකර ලෙස කැල්සියම් මිශ‍්‍ර කළ ආහාර ඇසුරුම් නිෂ්පාදනය කළ පානදුර මහානාම පාරේ  පොලිතින් කම්හළක් වටලා රුපියල් මිලියන 2 කට  අධික වටිනාකමින් යුත් පොලිතින් නිෂ්පාදන මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා විශේෂ පොලිස් ඒකකය එක්ව මෙම වැටලීම සිදු කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 
 
ජාතික පාරිසරික පනත අනුව, කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර  මෙම කර්මාන්තකරු විසින් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගෙන නොමැති බවත් 2017/09/01 දාතමින් අංක 2034/34 යටතේ, පරිසර පනත ප‍්‍රකාරව පොලිතීන් නිෂ්පාදන කිහිපයක් සඳහා තහනමක් පනවමින් නිකුත් කරන ලද, රෙගුලාසිය ද උල්ලංඝනය කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.  
 
 
අත්අඩංගුවට ගනු ලැබූ ආහාර ඇසුරුම් මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කර ඇත්තේ,තහනම් කරන ලද වැඩි ඝනත්වයක් සහිත පොලිතිලීන්  යොදාගෙන යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක්  ලංකාදීපයට පැවැසීය. 
 
මෙම තහනම් පොලිතීන් ඇසරුම් ගල්කිස්ස හා පිටකොටුව යන ප‍්‍රදේශවල අලෙවි කරන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
 
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරිම යටතේ, ප‍්‍රධාන චෝදනා 02කට අදාළව කර්මාන්තකරුට එරෙහිව පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරමින්, නීතීය ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

තහනම් පොලිතීන් වටලමින් ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කරමින්, සෞඛ්‍යාරක්ෂිත හා පරිසර හිතකාමී නිෂ්පාදන  වෙළෙඳපොලට පිවිසිමට අවශ්‍ය පසුබිම සැකසීම මධ්‍යම පරිසර අධිකාරියේ අපේක්ෂාව බවත් දැනුවත් තොරතුරු අප වෙත සැපයිමෙන් මෙම සමාජ සංරක්ෂණ කාර්ය සාර්ථක කරගැනීම සඳහා මහජනතාවට ද සහභාගී විය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (0)

මිලියන 2ක් වටිනා තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 607 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1725 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site