IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)‍

තමාට ලබා දුන් මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයක් ලෙස පූර්ණ අන්ධභාවයට පත්වීම හේතුවෙන් ලැබිය යුතු වන්දි මුදල නොගෙවන ලදැයි සදහන් කරමින් ඊට සහන ලබා දෙන ලෙස ඉල්ලා යුද හමුදා මේජර්වරයෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය අදාළ වන්දි මුදල් අන්ධභාවයට පත් මේජර්වරයාට වහාම ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.

දෙහිවල , දුම්රිය පාරේ පදිංචි ආර්.කේ.පී.ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමහි වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබි තිබිණි.

යුද හමුදා මේජර්වරයා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව සිටින යුද හමුදා මේජර්වරයකි.

පෙත්සම්කරු අන්ධභාවයට පත් වීමට හේතුව වශයෙන් යුද හමුදා වෛද්‍ය සභාවේ ලේඛනයෙහි සදහන් කර ඇත්තේ උතුරු නැගනහිර ප්‍රදේශයේ සිටියදී මැලේරියා රෝගය සදහා ලබා ගත් ඖෂධ හේතුවෙන් ඇති වූ පශ්චාත් අනිටු ඵලයක් හැටියටය.

මෙම තත්ත්වය අනුව පෙත්සම්කරු පූර්ණ අන්ධභාවයට පත් වූ බව නිර්දේශ කර සේවයන් විශ්‍රාම ගන්වා ඇත.

ඒ අනුව පත්සම්කරු 22/93 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඇත.ඒහෙත් ඔහුට හදිසි අනතුරකින් සිදුවූ අන්ධභාවයක් නොවේ යැයි සදහන් කරමින් පෙත්සම්කරුට වන්දි ගෙවීම යුද හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් පෙත්සම්කරු මව්බිම වෙනුවෙන් සටන් කරනු ලැබූ රණවිරුවෙකු ලෙසතම අයිතිවාසිකම් වෙනුවෙන් දිගටම සටන් කරනු ලැබීය.ඒ අනුව පෙත්සම්කරු වෙනුවෙන් තවත් පරීක්ෂණ මණ්ඩලය පත් ‌කළේය. එම මණ්ඩලයේ නිර්දේශය අනුව පෙත්සම්කරුට වන්දි ගෙවීමට නියම කරනු ලැබීය.

නමුත් තත්ත්වය මෙසේ තිබියදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2018 .12.29 දින වන්දි ගෙවීම සදහා නව චක්‍රලේඛයක් හදුන්වා දුන්නේය.ඒ අනුව පෙත්සම්කරුට මුල් චක්‍රලේඛය අනුව වන්දි ලබා ගැනීමට නොහැකි විය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී නව චක්‍රලේඛය අතීතයට බලපාන පරිදි සම්මත කර නොමැති අතර පරණ චක්‍රලේඛයද අවලංගු වීමක්ද නොමැත.එමගින් පෙනී යන්නේ පෙත්සම්කරුට වන්දි ගෙවීම සදහා ඕනෑම චක්‍රල්ඛයක් තෝරා

පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ 2016 වසරේ නොවැම්බර් 04 වැනි දින වන අතර නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ඊට වසර 2 ½ කට පසුවය.ඒනම් 2018 වසරේ අප්‍රේල් 05 දිනය.

පෙත්සම්කරුගේ පෙත්සම කඩිනමින් විභාග කළා නම් ඔහුට නියමිත සහනයන් ලබෙනු ඇත.

ඒ අනුව පෙත්සම්කරුගේ පෙත්සමට අවසර ලබා දෙන ලෙසද , පෙත්සම්කරු පෙත්සම මගින් ඉල්ලා සිටින  වන්දි මුදල ප්‍රධාන සහනයන් ප්‍රදානය කරන බවද තීන්දුවේ සදහන් වේ.

පෙත්සම්කරු වෙනුවන් නීතීඥ භූපති කහතුඩුව මහතා  පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ මෛත්‍රී අමරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (3)

මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග

Karunarathna Gampola. Tuesday, 08 December 2020 11:20 AM

රණවිරු ආණ්ඩුවෙ... ඔන්න කනෝ පිනුම්....

:       7       28

ඩොකා Tuesday, 08 December 2020 04:45 PM

වෙන්න බැහැ නේ සායනික ,විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වෙලා නැහැ නේ, අන්ද වෙන්න ඇත්තේ ලෙඩාගේ අවුලකට., මේක ගොඩ බෙහෙතක් නෙවෙයි නේ.. WHO අනුමැතිය තියෙන එකක්.

:       3       3

Bamunuarachchi Wednesday, 09 December 2020 10:27 AM

කොරෝනාවෙන් බේරෙන්න කවුද හාදයෙක් අපිට බොන්න කීවෙත් ඔය බෙහෙත නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1731 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site