(ලක්ෂ්මී ජයකොඩි)
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමාන යැයි තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී වි විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීම පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර තිබුණු නිවේදනයේය.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් විණි.
ආණ්ඩුව විසින් කඩා බිඳ දැමු ස්මාරකය ඉදි කරනු ලැබුවේ මුල්ලිවයික්කාල් අවසන් මෙහෙයුම් වලදි මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරිම සඳහාය. කෙසේ වෙතත් මෙම ස්මාරකය විනාශ කළ යුතු බවට ආණ්ඩුවේ ඉහළින් එල්ල වු බලපෑම මත විශ්ව විද්‍යාලයේ පාරිපාලනය විසින් මෙම ස්මාරකය හමුදා ආරක්ෂාව මධ්‍යයේ කඩා බිඳ දමා තිබේ.
පසුගිය කාල වලදි දෙමළ ජනතාවට සිදුවු අසාධාරණයන්, අයුක්තීන්, හා සිදුවු බව කියන ජන සංහාර පිළිබඳ සැමරුම් ස්මාරක සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීය යුතුය යන්න වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව තිබේ. එහි එක් කාර්යයක් ලෙස මෙම ස්මාරකය විනාශ කර ඇත. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන භායානක සැලසුම් වලින් එකක් මෙය විය හැකිය. මෙවැනි භායනක සැලසුම් තවත් වත්මන් ආණ්ඩුවට තිබෙන්නට පුළුවන.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් යුද්ධයෙන් මිය ගිය තම සහෝදර සහෝදරියන්, ඥාතීන් සිහිපත් කිරිමට ඉදි කර තිබුණු ස්මාරකයක් ආණ්ඩුව විසින් එකම රැයකින් කඩාබිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැගීම් සම්පුර්ණයෙන්ම සුනුවිසිණු කර දැමීමකි. මෙවැනි ක්‍රියාමගින් කිසිවිටෙකත් රටේ සංහිදියාව ඇති කළ නොහැකිය. එමෙන්ම මෙය හමුදා මර්දනයේ එක් මුහුණවරක් ලෙසද පෙන්වා දිය හැකිය. තවද මෙම තත්ත්වය අප ජනතාවගේ භිතියේ කුටප්‍රාප්තියක් ලෙසද පෙන්වා දෙන්නෙමු.
යාපනය විශ්ව විද්‍යාලයේ එම ස්මාරකය කඩාබිඳ දැමීමෙන් පසුව විශ්ව විද්‍යාල සිසුන් හා අවට ජනතාව බියපත් වන ආකාරයෙන් එම පරිශ්‍රය ආශ්‍රීතව හා අවට දැඩි ආරක්ෂක අංශ යොදවා තිබීම මගින් හමුදාවේ තවත් භායානක මුහුණවරක් පෙන්වා ඇත. මෙයාකාරයෙන් විශ්ව විද්‍යාල අවට හමුදාව රැඳවිමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. එම ස්ථායෙන් හමුදාව ඉවත් විය යුතුය.
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුල්ලිවයික්කාල් ස්මාරකය කැඩීම ගැන විග්නේෂ්වරන්ගේ අප්‍රසාදය
Pradeep Sunday, 10 January 2021 08:24 AM
මට පෙනෙන හැටියට මෙය රට තුළ නැවත ජාතිවාදය ඇතිකර, ඒ තුළින් යම් ලකුණු දමා ගැනීමකට යම්කිසි පාර්ශවයක් විසින් කරනා ලද නින්දිත සහ සූක්ෂම ක්‍රියාවක්. ජාතිවාදය අවුස්සා රටේ මේ වනවිටත් පවතින දැවෙන ප්‍රශ්න, ජනතාවගෙන් ඈත්කර දැමීමට ගන්නා නීච උත්සාහයක් විය යුතුයි...
Welu Sunday, 10 January 2021 09:06 AM
ත්‍රස්තවාදී ස්මාරකද ත්‍රස්තවාදීන් මෙන්ම.., විනාශ කළ යුතුයි.
Shehan Sunday, 10 January 2021 11:26 AM
මෙයා සිංහල මිනිස්සු එක්ක පුදුම වෛරයක් තියෙන්නේ.
සෙනවි Sunday, 10 January 2021 11:37 AM
සරසවි විද්වත්තුන්ගේ හැර සරසවි භූමිය තුල කිසිම ස්මාරක ඉදි නොකළ යුතුය.
වීරවිජේ Sunday, 10 January 2021 01:16 PM
හිඟන දේශපාලකයින් ඔහොම තමයි. ප්‍රභාකරන් හිටපුු පැත්තටම යන්න...
නෙවිල් Monday, 11 January 2021 04:02 AM
යාපනය පැත්තේ පුරාවිද්‍යා වස්තු විනාශ කරන කොට මෙයා හිටියේ කොහෙද? අනික විශ්ව විද්‍යාල කියන්නේ ස්ථිර වාසස්ථාන නොවෙයිනේ. අවුරුදු හතරෙන් විසිර යනවනේ... ඉතින් අත්හැරලා යන තැනක සිහිවටන තනන්නේ මොකටද?
නෙවිල් Monday, 11 January 2021 04:04 AM
අනේ...!!! ඉන්න ඉන්න කියලා හමුදාවට බැගෑපත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙයි..., ගංවතුර සුළි සුළං එනකොටයි තමයි.
Bamunuarachchi Monday, 11 January 2021 08:49 AM
මෙම ස්මාරකයෙන් මතු කරන්නේ දෙමළ ජනතාවගේ වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ හැඟීම නම් එය එක රැයකින් සුනුවිසුණු කිරීම අපි ලත් තවත් ජයග්‍රහණයක්. එය එසේ වියයුතුයි...