IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක්

(නිමල කොඩිතුවක්කු)


 

කතානායක කරූ ජයසූරිය මහතා වෙත  විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට  මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය  මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී ලබන  අඟහරුවාදා (19) පිරිනැමේ.


මෙයට පෙරද  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාරථ දර්ශි ජනතා නායක ගෞරව නාමයද කරූ ජයසූරිය මහතා වෙත ප්‍රදානය කර තිබිණ.


ජපන් අධිරාජ්‍යා වෙතින් ප්‍රදානය කෙරෙන ජපානයේ ප්‍රධානතම ගෞරව නාමය වන“උදාවන සූර්යා සම්මානය” පසුගිය වසරේදි කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමිනි.


2017 වසරේදි ඉන්දියාව විසින් “ විශ්ව සාම” සම්මානය කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමුනු අතර ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන“ආසියාවේ අභිමානය” සම්මානය ද කරූ ජයසූරිය මහතා වෙත පිරිනමනු ලැබ ඇත.



අදහස් (17)

මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක්

sirimal Sunday, 17 March 2019 11:08 AM

අනිත් පාර්ශ්වය " හිට්ලර්" වෙන්න කියයිද මන්දා?

:       191       194

janis Sunday, 17 March 2019 11:18 AM

මෙතුමාට මුලුලෝකවාසින්ගේ ගෞරව සම්මාන දුන්නත් මදි... ඔබතුමාට ඉදිරි කටයුතු කරගෙනයාමට සම්බුදු සරණින් නිදුක් නිරෝගී සුව පතමි...

:       897       856

TDMonday, 18 March 2019 12:35 AM

2018 වසර අවසාන කාර්තුවේදී ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු ඉතිහාසයේ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධි නින්දිත ක්‍රියාකාරකම් හමුවේ ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ " ප්‍රජාතන්ත්‍රවාදය" ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව පිත කිරීම සදහා ප්‍රබල සටනක් කොට එම ප්‍රජාතන්ත්‍රවාදී සටන රටවැසියා වෙනුවෙන් ජයග්‍රහණය කරවීමට මුලිකත්වය දුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයට සියලු ප්‍ජාතන්ත්‍රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් ජාති ආගම පක්ෂ පාට නොබලා ඉහලම උපහාරයක් දීමට කාලය එලබ ඇත

:       128       30

Dhammasiri himi Sunday, 17 March 2019 11:53 AM

කරුට විතරක් සලකන එක වැරදියි, මහනායක හාමුදුරුවනේ.... අගමැතිකම රැකලා දෙන්න දිවි පරදුවට තබා ක්‍රියා කළ සුමන්තිරන් සහ අනුර කුමාරටත් මොනවා හරි පට්ටමක් දීලා දාන්න. එයාල පව්නේ..

:       904       975

NissanakaMonday, 18 March 2019 03:56 AM

යුද්ධේ කාලේ මහින්දගේ ආණ්ඩුව රැක ගත්තෙත් කරූ. ඔයාලට දැන් ඒවා අමතකයි. කරූ කියන්නේ ගෞරවනීය දේශපාලනඥයෙක්. කරූ එජාපයේ නායකයා උනානම් අපේ රටේ දේශපාලනය මිට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.

:       128       155

Buddika Sunday, 17 March 2019 12:02 PM

එතුමාට සම්මානයක් දීපු එකේ වැරැද්දක් නැහැ. ඒත් ඔබ වහන්සේලාට මීට වඩා අපේ බුදු දහම වෙනුවෙන් කළ යුතු දේ තිබ්බත් ඒ වගකීම සිදුවෙන්නේ නැහැ. ශාසනය පිරිහිලා හාමුදුරුවනේ... චීවරය බිස්නස්වලට යොදාගෙන... සමහරු ගුරුකම් පස්සේ... දේවාල පස්සේ... කණගාටුම දේ කලකණ්ණි දේශපාලකයන්ටත් කඩේ යනවා සමහරුන්. ඒ අස්සේ අර බොරලැස්ගමුව පැත්තේ කෙනෙක් බෙරිහන් දෙනවා. මෝඩයෝ රැලකුත් ඒ පස්සේ යනවා. ඔබ වහන්සේලාගේ නායකත්වය නමට විතරයි.

:       2       427

සුරංගSunday, 17 March 2019 12:48 PM

උන්වහන්සේලත් ඉන්නේ බිස්නස් කරගෙනනේ... ඉතින් කොහොමද අනිත් අයට කියන්නේ කරන්න එපා කියලා. මට ලංකාවේ පාස්පෝට් එක දැන් නෑ. ඒත් ලංකාවේ ඉපදුණු නිසා නොමිලේ මාලිගාවට යනවා. ඒත් සුද්දෙක් බෞද්ධ ආගමිකයෙක් වුණත් යන්න ඕනෑ සල්ලි ගෙවලා. අනික කවද්ද පොඩි මිනිහෙකුට මහනායක හිමිවරුන් මුණගැසුනේ...?

:       0       277

BamunuarachchiSunday, 17 March 2019 06:56 PM

කාටද මුණගැහෙන්න ඕනේ? මොකටද?

:       2       31

Sapumal.Monday, 18 March 2019 02:05 AM

බුද්ධික මහතා නිවැරදියි. එතුමාට සම්මානයක් දීමේ වරදක් නැහැ.

:       40       4

සෙනෙවි Sunday, 17 March 2019 02:12 PM

මල්වත්තේ නාහිමි එජාප පාක්ෂිකයෙක් නේ..

:       86       313

smn Sunday, 17 March 2019 02:46 PM

ඔක්තෝබර් 26 සිද්ධියේදී මෙතුමා දැක්වූ එඩිතරභාවය සත්තකින්ම ප්‍රශංසනීයයි. පක්ෂ, පාට නොතකා නම්බුනාම ප්‍රදානය කිරීම සාධාරණයි. අපේ සුබ පැතුම්...!

:       731       717

JaysSunday, 17 March 2019 04:31 PM

එතකොට මේ සම්මානය ශාසනය වෙනුවෙන් කරපු සේවයට නෙමෙයි, දේශපාලනය වෙනුවෙන් කරපු සේවයටයි.

:       32       162

gayan Sunday, 17 March 2019 04:13 PM

සම්මාන දීම පැත්තක තියලා මාලිගාව ඉස්සරහ කරන සල්ලි ගරනා අසික්කිත වැඩේ නවත්තන්න. මොන කෙහෙල්මලකටද විදේශිකයන්ගෙන් සල්ලි ගන්නේ ආගමික සිද්ධස්ථානයක් බලන්න. මෙතන විතරක් නොව සියලු සිද්ධස්ථානවල මෙය නොකළ යුතු දෙයක්.

:       207       124

Sanath KandyMonday, 18 March 2019 04:32 AM

එකේ කිසි වරදක් නෑ. සෑම රටකම පුරාවිද්‍යාත්මක ස්ථාන හා වනෝද්‍යාන නැරබීමට විදේශිකයන්ගෙන් මුදල් අය කරනවා.

:       1       36

Chanak Los angeles Sunday, 17 March 2019 07:24 PM

මොවුන්ට මොන සම්මානද ?මොවුන් නිසා දුක් ගැහැට විඳිමින් ජීවිකාව ගෙනියන ජනතාවටයි සම්මාන පිදිය යුත්තේ ..

:       1       16

ranjith Sunday, 17 March 2019 10:34 PM

අතලොස්සක් අතරින් සිටින මහත්ම දේසපාලනය කරන උගත් මහත්මයෙක්

:       115       116

KANDEPOLA Monday, 18 March 2019 08:47 AM

මේ මහානායක හිමිවරුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා. හොරුන්ට, තක්කඩි දේශපාලකයන්ට පිරිත් නූල් බඳින එකයි සම්මාන දෙනඑකයි ඇරෙන්න ශාසනයට, රටට, ජනතාවට කෙරෙන සුගතියක් නම් නෑ...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1731 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site