IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මල්වතු පාර්ශ්වයෙන් කතානායකවරයාට ගෞරව සම්මානයක්

(චමිල් රූපසිංහ) 

මල්වතු පාර්ශ්වය මගින් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී යන ගෞරවනාම සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතාට පුද කිරීම අද (19) මල්වතු මහා විහාරයේදී සිදුකෙරිණි.

මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් අක්තපත්‍රය කියවීමෙන් අනතුරුව මහ නායක හිමිපාණන් වහන්සේ විසින්ර ගෞරව නාම සහිත සන්නස් පත්‍රය කතානායකවරයාට පිළිගැන්වු අතර මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් කතානායකවරයා වෙත මෙම ගෞරව නාමය පුද කරනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි , පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (18)

මල්වතු පාර්ශ්වයෙන් කතානායකවරයාට ගෞරව සම්මානයක්

Bent silva Tuesday, 19 March 2019 06:27 PM

මේ අපගේ අනාගත ජනපති හෝ අගමැති.... ජයවේවා!!!

:       641       327

NissankaTuesday, 19 March 2019 06:45 PM

ඇත්තටම කරූ 2015 පොදු අපේක්ෂකයා වුණානම් අද අපේ රටේ දේශපාලනය මීට වඩා ගොඩක් යහපත් තත්වයක තියෙයි. එදා වුණු වැරැද්ද නිසා මේ රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වුණා. හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු අමුඅමුවේ පවාදීමට ලක් වුණා.

:       60       174

Banthe deegala Wednesday, 20 March 2019 08:12 AM

මේ රටේ බුදුදහම වෙනුවෙන් වැඩ කරන මිනිසුන් අමතක කර දේශපාලකයෝ සොය සොයා මේ අමන වැඩ කරන්නේ ඇයි... වෙනත් ආගම්වල, මූලස්ථානවල මෙවැනි පටු කල්පනා තිබේද?

:       0       5

ජුතක බමුණුආරච්චි Tuesday, 19 March 2019 06:49 PM

2020 අපේ හිට්ලර්තුමා ආවම ඔය ඔක්කොම ගෞරව සම්මාන අවලංගු කරනවා. ඒ ඔක්කොම සම්මාන එතුමා නමට ලියා ගන්නවා.

:       144       407

athuraWednesday, 20 March 2019 05:46 AM

එල නම....

:       1       26

Chanak Los angeles Tuesday, 19 March 2019 08:10 PM

මොවුන් නොලබන්නේ මොනවද?

:       0       1

දයාවතී හෙට්ටිආරච්චි Tuesday, 19 March 2019 09:53 PM

ඉතින් ජූතකයෝ අද අපි ඔබලා හැමෝම භය නැතිව මේ පිනුම් ගහන්නේ, අප රටට ගැලපෙන ඒ හිට්ලර්ලා නිසා නොවැ..

:       24       3

NissankaWednesday, 20 March 2019 07:08 AM

දයාවතී කෝපි කඩේ ඕපාදුප කියන කාලේ ඒ හිට්ලර්තුමා යුද්දයට බයේ හොර ලෙඩ අරන් එ්රෝප්පෙට ගිහින් පරිගණක යතුරු පුවරුවක් කොට කොටා හිටියා කියලා තමා අපි අහලා තියෙන්නේ.

:       2       65

smn Wednesday, 20 March 2019 01:34 AM

කරු ජයසූරිය මැතිතුමා මනා පෞරුෂත්වයක් තිබෙන නිහතමානී නිර්භීත පුද්ගලයෙක්... ඇත්තෙන්ම ජනාධිපති වන්නට තරම් සුදුසු චරිතයක්.. පහුගිය කාල වකවානුව තුළ එතුමන්ගේ ක්‍රියා කලාපවලින් එය මනාව ඔප්පුවුණා. එතුමන්ට අපගේ සුබපැතුම්.!

:       2       30

ධම්ම Wednesday, 20 March 2019 02:14 AM

ජනපතිවරණයට සූදානම වගේ. ජයවේවා...!!!

:       3       8

p.d goonawardena Wednesday, 20 March 2019 03:14 AM

කව්ද දැහැත් වට්ටියට බාබුල් දැම්මේ? නැත්නම් දැන් උඩරට ඈයොත් කොකේන් වලට පුරුදු වෙලාද?

:       65       44

NissankaWednesday, 20 March 2019 07:11 AM

උඩරට පැත්තේ ඈයෝ නැහැ ගුණේ. වේයෝ නම් ඉන්නවා...

:       0       63

Galbamunuarachchi Wednesday, 20 March 2019 03:33 AM

ඇත්තටම 2015 මෙතුමා පොදු අපේක්ෂකයා උනා නම් රට මීට වඩා ගොඩක් ඉදිරියට යනවා. හරි කියලා හිතපු වැරදි අපේක්ෂකයා නිසා අද රට හිරවෙලා. කරන්නේ කියන්නේ මොකක්ද කියලා එයා දන්නෙත් නැහැ. එයාම කොමිසම් දාලා ඒවාගෙන් වැරදිකාරයෝ හොරු බව තහවුරු කරගත්තා මිනිස්සු අගමැති ඇමැතිවරු කළානේ නේද? රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නොබියව නොසැලී ව්‍යවස්ථාව රැකගත්තේ කරු ජයසූරිය මහත්තයා...

:       1       33

smn Wednesday, 20 March 2019 05:41 AM

අපගේ සුබපැතුම්..!

:       1       3

ravi Wednesday, 20 March 2019 07:33 AM

බොරු වැඩ.. අපේ රටේ ආගම, ධර්මය පිරිහෙන්නේ මෙවැනි හේතුන් නිසා නේද..? කොතන බැලුවත්.. පන්සලයි... මල්වතු, අස්ගිරි මහනායකලයි.. ආගම, ධර්මය දේශපාලනයෙන් ඉවත් කෙරුවා නම් අපේ බෞද්ධකම තව හුඟක් කල් අපිත් එක්ක ජීවත් වෙයි කියලා අපි හිතනවා...

:       0       2

upali Wednesday, 20 March 2019 07:34 AM

ගැටඹේ පන්සල වැටී කටු කම්බි අදිනකොට මෙතුමා මොකද කළේ කියලා කාට හරි මතකද?

:       15       43

බද්රානි Wednesday, 20 March 2019 11:34 AM

ඇත්තෙන්ම එදා මෙතුමා පාර්ලිමේන්තුවේ කතානායක වී, නොසිටින්න.. අද අපේ රටේ පාර්ලිමේන්තුව පමණක් නොවේ.. රටත්.. කොල්ල කල්ලිය අතට පත්වෙලා ඉවරයි. 2015 දී, මොළේ කළඳක් නොමැති පඹයෙක් වෙනුවට, එදා මෙතුමා, මේ රටේ නායකයා වුණානම් මේ වෙද්දී, මේ රට මීට වඩා බොහෝ වෙනස් වීමට තිබුණා. වචන හරඹ යොදා අහිංසකත්වය ආරුඪ කරගෙන සිටි සිටි කට කයිවාරුකාරයෙකුට වඩා, මෙතුමා වැනි, උගත්, බුද්ධිමත්, වැදගත්, නිර්භීත, නායකයෙක් ලබන්න අපේ රටේ ජනතාවට පින තියෙන්න නැතිව ඇති...?

:       1       53

Keppetipola Wednesday, 20 March 2019 11:57 AM

කිසිම කොන්දක් නැති කෙනෙක් මෙයා... මේ ආණ්ඩුව බුද්ධාගම වැනසෙන විදියට වැඩ කරනකොට කට ඇරලා වචනයක් කතා කරන්නේ නැහැ. මේ අස්ගිරි පාර්ශවයේ නායක හාමුදුරුවෝ UNP එකට කඩේ යන, රට ගැන කිසිම කැක්කුමක් නැති හාමුදුරුනමක් කියලා මුළු රටම දන්නවා. අපි ඇත්ත කතා කරන්න භය වෙන්න ඕනෑ නැහැ. රටත්, සාසනයත්, සමාජයත් හදනවා නම් ඉස්සෙල්ලම කළ යුත්තේ තම පැවැත්ම සහ නොයෙකුත් ප්‍රතිලාභ සඳහා ජඩ දේශපාලකයන්ට කඩේ යන නායක හමුදුරුවරුන්ගෙන් ශාසනයත්, රටත් බේරා ගැනීමයි. එතකොට මොවුන්ට පැවැත්මක් නැත. නායක හාමුදුරුවරු කොන්ද කෙලින් තියාගෙන තක්කඩි දේශපාලුවන්ට නැමෙන්නේ නැතුව වැඩ කරනවා නම් රටටත්, සමාජයටත්, ශාසනයටත් සෙතක් වනු ඇත. මා බෞද්ධයෙක් වුවද පින්වත් කාර්දිනල් මැල්කම් රන්ජිත් පියතුමාගේ අති උතුම් ගතිගුණ ඉතා අගය කරමි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 27 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 48 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 741 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 207 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 616 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 142 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site