IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 7 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මාවනැල්ල   හා  අවට ප‍්‍රදේශ කිහිපයක  බුදු පිළිම කිහිපයකට  පහර දී අනර්ථය  සිදුකිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් මේ වනවිට  සැකකරුවන්  හත්දෙනකු  අත්අඩංගුවට  ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්   හය දෙනෙක්  මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන 02 දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ බවද  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පුළුල්  විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්   සිද්ධිය සැලවීමත් සමඟ පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්  එම ස්ථානයට පිටත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම  අනර්ථ සිදුකරන අවස්ථාවේ දීම ප‍්‍රදේශ වාසීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි  තරුණයාගෙන්  දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වු තොරතුරු අනුව  සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්  ඔවුන් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු ප‍්‍රදේශ තුළ සාමය පවත්වාගෙන යාම සදහා  පොලිස් හා විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තරකර ඇත. 



අදහස් (43)

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 7 ක් අත්අඩංගුවට

ලක්ශිත Thursday, 27 December 2018 01:50 PM

වෙලාවට අහුවුනේ... නැත්නන් ඕකත් මහින්දගේ පිටින් යන්නේ. මිනිස්සුන්ට වැඩක් කරන්න බැරි ආණ්ඩුව හදන්නේ ජාතිවාදය අවුස්සලා, සුලු ජාතික ඡන්ද හිඟාකන්න.

:       0       113

chamath Thursday, 27 December 2018 02:29 PM

දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ වගේ අපේ බුද්ධාගමට අපහස කරන අයට...

:       0       43

Ariyathilaka Thursday, 27 December 2018 02:55 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ "14.(1) සෑම පුරවැසියකුටම - (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට, හිමිකම් ඇත්තේ ය. යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙම ව්‍යවස්ථාව අනුව රටේ සෑම පුරවැසියකුටම රටේ ජනතාව අදහන සියලු අගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇත. එසේම එකී අගම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එපමණක් නොව අපරාධ නඩු විධාන සංග්‍රහයටද (දණ්ඩ නීති සංග්‍රහයට) පටහැනිව ඉගැන්වීම්, ක්‍රියාකාරකම් තිබේද යන්න විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ආගමකින් සිදුවිය යුත්තේ සදාචාරය, හික්මීම, සාමය, සංහිඳියාව ඇතිකිරීමට මග පෙන්වීමයි. ආගම් නාමයෙන් පෙනී සිටිමින් රටේ ජාතික සමගියට, ආගමික අන්‍යෝන්‍ය මිත්‍රත්වයට හා සංහිඳියාවට යම් ආගමිකයෙක් ආගමික කණ්ඩායමක් අකුල් හෙලන්නේද එයට හේතු වහා අධ්‍යයනය කළ යුතුය.

:       0       0

Raveendra Thursday, 27 December 2018 02:58 PM

මෙම නිහීන පහත් ක්‍රියාවට සහභාගී වූ මෙන්ම වචනයකින් හෝ උදව් කළ නිවට අවජාතකයන්ට උපරිම දඬුවම් දිය යුතුය.

:       0       55

Amila Thursday, 27 December 2018 03:15 PM

මේවා මේ සාමාන්‍ය මිනිස්සු කරන එවා නෙවේ. අනිවාර්යයෙන්ම එක්කෝ රජයේ හෝ විපක්ෂයේ දේශපාලනය කරන බලපෙරේතයෝ මූලික වෙලා කරන දේවල්.. එහෙම කාගෙවත් හයියක් හෝ උසිගැන්වීමක් නොමැතිව මේවා වෙන්න ඉඩ අඩුයි. මාධ්‍යවලටත් ලොකු යුතුකමක් තියෙනවා. මේවා පිටුපස ඉන්න දේශපාලන අතකොලු අනාවරණය කිරීමට. නැත්තම් මේ දේවල්වලින් වෙන්නේ රට ආපස්සට යෑම...

:       0       0

Nihal Thursday, 27 December 2018 03:41 PM

අවුරුදු 5 ට වැඩි ළමයි අන්‍යාගම් නිසා දැන්ම තියාම පටන් අරන්. දර්ගා නගරේ පාරේ ගිය හිමි නමකට නිකරුනේ පහරදීලා කලබල ඇතිවුණා.

:       0       4

Mohomed bishan Thursday, 27 December 2018 03:43 PM

ජාතික සමගිය ගැන හැගීමක් නැති මේ අයට බරපතල දඬුවම් දියයුතුයි.

:       0       0

Bamunuarachchi Thursday, 27 December 2018 05:01 PM

ඥානිස්සර අපේ හාමුදුරුවනේ මේ ගැන කතා කරන්න බයයි. කාටවත් නොවෙයි මෙතන ලියන ඊනියා සංහිඳියා කාරයින්ට...

:       0       59

Bamunuarachchi Thursday, 27 December 2018 05:05 PM

8 දෙනෙක් ආණ්ඩුවට සපෝට් කරලා ඔහොම නම් සභාග රජයක් පිහිටෙව්වොත් පන්සල් පිටින්ම ගලවලා දාවි.

:       0       50

Bamunuarachchi Thursday, 27 December 2018 05:07 PM

දැන් ලොක්කා කියාවි කොල්ලන්ගේ කොලුකම කියලා. අපේ හාමුදුරුවෝ හිටියානම්...

:       0       33

Bamunuarachchi Thursday, 27 December 2018 05:10 PM

මොන සාමයක්ද? ටිකක් හතර අතට බෙදුවානම් තමයි හොඳ.

:       0       56

Malaka Thursday, 27 December 2018 05:58 PM

ගල්ගසා මරණ දඬුවම් දිය යුතුයි.

:       0       54

roshanSaturday, 29 December 2018 04:42 AM

හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි, කතෝලික පල්ලි කඩපු බෞද්ධ අන්තවාදීන්ට ගල් ගහල මැරුවාද? ඔය හත් දෙනාම බුදු පිළිම කැඩුවා කියා ඔප්පු වුණාද? සාක්ෂි තියනවද? අධිකරණයෙන් බුදුපිළිම කැඩුවා කියා නඩු තීන්දුවක් දුන්නද?

:       65       1

BamunuarachchiSaturday, 29 December 2018 12:39 PM

ඔහේ කලබල වෙලා ඇඳුම් තෙමා ගන්න එපා.. මාවනැල්ල ගමේ මිනිස්සුයි පොලිසියයි ඒවා බලාගනීවි. ගල්ගහලා මදි, උලතියන්නයි ඕනේ..

:       4       87

සුසන්ත Thursday, 27 December 2018 09:56 PM

මේවා කරන්නේ ආගම්වාදී අරමුණකින් නම් මරණ දඬුවමට සමාන දඬුවමක් දිය යුතුයි. මෙම පිළිම අලුත්වැඩියා කොට තවත් අලුත් පිළිම සෑදීම කළ යුතුයි.

:       1       53

Malka Friday, 28 December 2018 01:12 AM

ලංකාවත්, අරාබියක් කරන්න හිතන් ඉන්නවා ඇති. නිසි දඬුවම් දෙන්න ඕනේ ඒ අයට...

:       8       160

මොනිකා සේව්වන්ධි Friday, 28 December 2018 01:16 AM

හොඳ වෙලාවට බොදුබලයෝ ඇතුලේ හිරගේ, නැත්නම් මෙලහකට තවත් ගිනිතැබීම්, පොදු දේපල හානි...

:       502       110

ගමගේFriday, 28 December 2018 01:59 PM

බොදුබල සේනාව කිව්වේ මේවා වෙනවා කියලා.. තේරුණාද මිස්..? රටට ආදරේ කරන්න ඉගෙන ගන්න.. කවුරු මොනවා කිව්වත් බොදු බල සේනාව නැත්නම් මිස්ගේ බෙල්ලත් දැන් ගිහිල්ලා මොකද මිත්‍යා දෘෂ්ටිකයන් ගෙල සිඳ මරන්න කියලා තියෙන නිසා.. මෝඩකම තිබුනට පෙන්නන්න එපා..

:       182       504

BamunuarachchiFriday, 28 December 2018 11:05 PM

එයා බෞද්ධ කෙනෙක් නොවෙයි.. මෝඩකම හත්පලේ ගාගෙනයි ඉන්නේ...

:       0       35

BamunuarachchiFriday, 28 December 2018 02:05 PM

ඔහේ සිංහල බෞද්ධ කෙනෙක්ද?

:       15       44

ගමගේFriday, 28 December 2018 04:48 PM

බමුණුආරච්චි මම සිංහල මට බෞද්ධද? කතෝලිකද? කියලා අදාල නෑ.. මම කතා කරන්නේ සිංහල රට ගැන.. ඔබ වගේ ඕපපාතික නෙමේ.. තමන්ගේ ජාතියේ මිනිසුන්ව විවේචනය නොකර ඉන්න ඉගෙන ගන්න.. බොදුබල සේනාව කතා කරන්නේ ඔබට නෙමේ ඔබේ දරුවන්ට රටක් අවශ්‍ය නිසා.. කොළ රතු නිල් කහ පාට කණ්නාඩිය ගලවලා ප්‍රශ්න දිහා බලන්න.

:       1       0

BamunuarachchiSunday, 30 December 2018 01:49 PM

ගමගේ මම පිළිතුරු ලීවේ ඔබට නොවෙයි මොනිකාට. වැරදි වැටහීමක්

:       0       1

Achini Friday, 28 December 2018 02:09 AM

පොහොට්ටුවේ කට්ටිය තමයි ඉතින්...

:       166       152

BamunuarachchiFriday, 28 December 2018 02:12 PM

අන්න බලාගන්න සමාජ වෙබ් අඩවි වල තිබෙනවා හාදයාව ගස් බැඳලා තිබෙන හැටි. අපේ හාමුදුරුවෝ සිටියානම් හොඳ සෙල්ලම් ටිකක් බලා ගන්න තිබුනා.

:       102       32

ගමගේFriday, 28 December 2018 04:54 PM

බමුණුආරච්චි... ජාතිය ගැන කතා කරන මිනිසුන්ව විවේචනය නොකර හිටියොත් හොඳයි.. තමන්ට ජාතියක් නැති වුණාට මේ රටේ බහුතරයකට ජාතියක් තියෙනවා... කොළ, රතු, නිල්, කහ කණ්ණාඩි ගලවලා තමන්ගේ ජාතිය ගැන හිතන්න.. නැත්නම් නැතිවෙන්නේ තමුන්ගේ දරුවන්ටයි රටක්..

:       0       0

BamunuarachchiSunday, 30 December 2018 03:39 PM

හා හා ඔබ කියන්නේ මේ රටට මෑත කාලයේ පැමිණි සුළු ජාතින් නිසා "සිංහල අපි" වෙනුවට 75% සිටින සිංහලයින්ට ශ්‍රී ලාංකික වෙන්න කියලද? එතකොට තව අවුරුදු 100 කින් පසුව අපි සිංහල කියා දරුවන්ට කියන්න පුලුවන්ද? මම මේ විෂයේදී දමන්නේ "අපි සිංහල" කියන කන්නාඩියයි. මගේ ජාතිය සිංහල ඒ ජාතිය, ඔබ කියන ආකාරයට, සුළුජාතීන් ඉදිරියේ ශ්‍රී ලාංකික කියා දියාරු වෙන ජාතියක් නොවෙයි. මම එම්බාකේෂන් කාඩ් එකෙත් ලියන්නේ නැෂනලිටි" සිංහලීස්" කියලා මිස ශ්‍රීලන්කන් කියා නොවෙයි. ඔබ කියන ආකාරයට ඔබවගේම සිංහලයෝ නිවට උනානම් අදවෙනකොට මෙරටත් තලෙයිබාන් කාරයින් අතේ. නිවට වෙන්න එපා" මේ සිංහල අපගේ රටයි අපි ඉපදී මැරෙන රටයි." සුළු ජාතිකයෝ අපිට යටයි. අවුරුදු 2600 ට දන්නාඉතිහාසයක් ඇති සිංහල අපිට, ඔබකියන ආකාරයට, අපේ දරුවන්ට රටක් නැතිවන්නේ සුළු ජාතීන් ඉදිරියේ නිවට වෙන ඔබවැන්නවුන් නිසයි.

:       0       0

BamunuarachchiSaturday, 29 December 2018 11:02 AM

අරික්කාල් කෙනෙක් කියලා තිබෙනවා හොඳ නැති කෙනෙක්... එමනිසා පොලිසියට ගෙනියන්න එපාකියලා.

:       0       0

hira Friday, 28 December 2018 02:21 AM

සිංහල දේශපාලකයින් ටික බුදි... මේවා කරද්දිත්..

:       0       92

BamunuarachchiSaturday, 29 December 2018 05:03 PM

ඒ අය සංහිඳියාව සමග නිදි වැදලා...

:       0       0

keshani Friday, 28 December 2018 03:33 AM

බුදුපිළිම කැඩුවට නිර්මල බුදුදහම කිසිසේත්ම විනාශ කළ නොහැකියි.

:       0       150

sampath Friday, 28 December 2018 07:43 AM

මේ වගේ දේවල් කරලා ජනතාව කුලප්පු කරලා ආයේ මේ රට විශාලාවක් කරන්න කැසකවන කවුරු හරි කල්ලියක හෝ කණ්ඩායමක ක්‍රියාවක් විය හැකියි. ජනතාව හැඟීම්වලට යට නොවී බුද්ධියෙන් ක්‍රියා කළ යතුයි.

:       3       376

Ruwan Friday, 28 December 2018 09:15 AM

බෞද්ධ බුදු පිළිම කඩන මෙවන් නරුමයින් අප රටින් පිටුවහල් කළ යුතුය. ඒ සඳහා නීති ප්‍රතිපාදන නැත්නම්, එවැන්නක් සාදා හෝ එසේ කළ යුතුය.

:       5       79

BamunuarachchiFriday, 28 December 2018 02:14 PM

මේ නරුමයින්ගේ අඬු කඩන එකයි අපි කළයුත්තේ.

:       0       53

Ra_one Friday, 28 December 2018 05:59 PM

අන්‍ය විශ්වාසයන් සම්බන්ධව අල්කුරානයේ ඉගැන්වීම! අල්කුරානය 6: 108...

:       0       0

BamunuarachchiSunday, 30 December 2018 02:49 PM

හලෝ ඔය කුරානයේ අලුත් තෙස්තමේන්තුව කියවන්න එපා... පැරණි සෞදි අරාබිකාරයෝ පිළිපදින කුරානය කියවන්න. අන්‍ය ආගම්වලට ගරු කරන නිසාද යුරෝපය පුරාම කුරුස යුද්ද ඇතිවුනේ? බුද්ධාගම නිසා ලෝකේ කොහෙවත් යුද්ද ඇතිවෙලා නැහැ. ඒ නිසාම සමහර රටවලින් බුද්ධාගම තුරන් වුනා.. ඇෆ්ගනිස්තානය, ඉරානය, ඉන්දුනීසියාව වගේ රටවලින්... ඒ රටවල් මුස්ලිම් වුණා. හැබැයි යාළුවා සමහර ගොබ්බ සිංහලයින් සුලුජාතිකයින් සමග සංහිඳියාව සේවාවට අපිට ඒ සංහිඳියාව හරියන්නේ නැත...

:       0       0

Bamunuarachchi Friday, 28 December 2018 11:12 PM

හලෝ ඔහේලාගේ අර හැඳිමිටක් දිග නුවණට නොපෙනුණාට අතිගරු කාදිනල් පියතුමා කීවේ ඔය දේ සිදුවන බව තමයි. බුද්ධාගම තිබෙන තාක්කල් අනිත් ආගම් මේ රටේ පවතීවි. ඊටපසු කුරුස යුද්ධය පටන්ගනීවී.. ආගම්වල පැවැත්ම සඳහා...

:       2       0

rehan Saturday, 29 December 2018 04:03 AM

මෙවැනි ක්‍රියා කරන අයට වගේම, මේ සඳහා අවවාද අනුශසනා දීපු අයටත් කිසිදු භේදයකින් තොරව දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       1

rihan Saturday, 29 December 2018 04:04 AM

මේකත් අර අම්පාර වඳ පෙති වගේ... සෙල්ලමක් වගේ...

:       2       5

BamunuarachchiSaturday, 29 December 2018 05:01 PM

අන්න සමාජ වෙබ් අඩවිවල තිබෙනවා හාදයාට සලකලා ගස් බන්දලා තිබෙන හැටි බලාගන්න.

:       0       0

Bandara Saturday, 29 December 2018 08:04 AM

බලාගෙන සංහිඳියාව...

:       0       0

ROSHAN Sunday, 30 December 2018 12:50 AM

Bamunuarachchi පොලිසිය, නීතිය කියන්න කලින්... මේ මාධ්‍ය කොහොමද කියන්නේ? අන්‍යාගමික ස්ථානවලට පහර දීපු බෞද්ධ අන්තවාදීන් ගැන කියද්දී තොප්පිය දාගන්නැතුව හිටියා නම් හොඳයි. සැකකරු කොහොමද වැරදිකරු වෙන්නේ?

:       0       0

BamunuarachchiSunday, 30 December 2018 02:13 PM

ROSHAN මේක සිංහල බෞද්ධ රටක්. මෙරටට විජයන් කියන කල්ලතොනියා එනවිටත් මේ රටේ දියුණු සිංහල මිනිස්සු හිටියා. විජයන් එනවිට මේ රටේ සිටියේ කොළඅතු අඳින මිනිස්සු නොවෙයි.. රෙදි අඳින මිනිස්සු හිටියේ. මිහිඳු හාමුදුරුවෝ බුද්ධාගම ගෙනාවට පසු මේ රටේ සියලු දෙනාම බෞද්ධයෝ. මේ රටේ ක්‍රිස්තියානි කාරයෝ ඇතිවුනේ පෘතුගීසිකාරයා ආවට පස්සේ. ඉන්දියානුකාරයින් පසුපස මුසල්මානුවන් ආවා. උන් මෙරටට ගොඩබැස්සා කියලා මෙරට උන්සමග බෙදාගන්න සිංහල අපි ලැහැස්ති නැත. මොකද මේ රටේ නුඹලාගේ ඉතිහාසය අපිට පේනතෙක් මානයේ තිබෙන එකක්. මේ සිංහල රටේ සිංහල අන්තවාදය කියා දෙයක් නොමැත. තිබෙන්නේ සිංහල උරුමයයි රටින් කෑල්ලක් කඩා ගන්න බලන හා කෑල්ලක් දෙන්න බලන රනිල් වැන්නවුන්ගේ කරුමය පමණයි.

:       0       0

BamunuarachchiSunday, 30 December 2018 02:57 PM

හලෝ සිංහල බෞද්ධයාට විරුද්ධව දාන ඕනෑම තොප්පියක් අපි දාගෙන ඒ අයගේ තොප්පිය කපාදමනවා. ඇෆ්ගනිස්තාන්වල මීටර් 25-30 උස පිළිම කාලතුවක්කුවලින් වෙඩිතියා කඩා දැමුවේ තලෙයිබාන් කාරයෝ. මෙහෙත් තලයිබාන් කාරයෝ ඇතිවෙන්න හදනවා නම් අපිත් ලැහැස්තියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 1 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 6 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 27 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 78 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 171 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 780 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site