(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (25) නියෝග කළේය.
බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් වන්නේ මාවනැල්ල දෙල්ගහගොඩ මොහොමඞ් අලූෆර්, එම ප‍්‍රදේශයේම අංක 33 නිවසේ පදිංචි මොහොමඞ් ෆයිසර්, දෙල්ගහගොඩ, හිගුල, මාවනැල්ල පිදිංචි මොහොමඞ් අක්බර් මොහොමඞ්, දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඞ් සුෆියාස්, කෙහෙල්වත්ත, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් අස්වර් අතීක්, අලූත්නුවර පාර, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් කලීල්, දනාගම, මාවනැල්ල පදිංචි නජිබුදීන්, කලූගමුව, ගෙලිඹය පදිංචි මොහොමඞ් අෆාර්දීන්, තඹාල, පොළොන්නරුව පදිංචි මොහොමඞ් මුස්තාපා, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි රෂිඞ්, දනාගම, මාවනැල්ල මොහොමඞ් අස්ලම් අකිල් අහමඞ්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි අබ්දුල් ජබාර්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි ඉසදීන් සිත්ති යන සැකකරුවන් 13 දෙනා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම්භාරයේ සිට මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලද හම්බන්තොට ප‍්‍රදේශයේදි අත්අඩංගුවට පත් වු සැකකරුවන් දෙදෙනා වන සෙයිදු නසීර් මව්ලානා සහ ජමාල්දීන් මොහොමඞ් ෆයිස් යන සැකකරුවන් 2 දෙනාද වෙති.
මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙදෙනෙක් කඩුගන්නාව මාවනැල්ල දිදුරුවත්ත ප්‍රදේශයේ බුදු පිළිමයක් කඩද්දී ප‍්‍රදේශවාසීන් විසින් ඉන් එක් තරුණයකු අල්ලා මාවනැල්ල පොලිසියට භාර දුන් අතර තවත් අයෙක් පැන ගොස් ඇත.
මෙ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ආරක්ෂක අංශ අධිකරණයට දන්වා සිටින්නේ මේ පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.
ඒ අනුව දැනට මාස 7 කට වැඩි කාලයක් තිස්සේ බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධ නඩුව තව දුරටත් කල් යමින් සැකකරුවන්ගෙන් තොරතුරු අනාවරණය කරන ආරක්ෂක අංශ මේ හරහා පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
rasika Thursday, 25 July 2019 07:43 PM
BBC එකෙන් එහෙම මේ ගැන වැඩසටහනක් කරන්න බැරිද? මේ බුදු පිළිම කැඩීම ගැන.