IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක්

(අජන්ත කුමාර අගලකඩ)

මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත.

අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත. දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත .

 



අදහස් (15)

මෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක්

කනිෂ්ක Saturday, 25 September 2021 09:58 AM

වෙනත් ආදායම් මාර්ගයක්ද නැති, ස්ථාවර තැන්පත් කරුවන්ගේ බැංකු පොළිය ඉතා අවම වීමෙන්, ඔවුන් කබලෙන් ළිපට වැටී ඇත... ඔවුන් ගැනත් සිතන්න...

:       12       25

DonSaturday, 25 September 2021 12:19 PM

බැංකු පොළිය වැඩිකළොත් ණය පොලිය වැඩි කරන්න වෙනවා මහත්තයෝ.. ණය අඩුවෙන් නිකුත් වෙලා ඉතුරුම් වැඩි වුණොත් ඔක්කොම ඉවරයි. මේ දවස්වල හරියට ව්‍යාපාරයක් පටන් ගන්න ණය ගන්න කට්ටියත් අඩුයි.

:       11       25

නුවන්Saturday, 25 September 2021 03:24 PM

ඊට සාපේක්ෂව බඩු මිල අඩු වූයේ නැත. තව තවත් ඒවායේ මිල වැඩිවිය...

:       28       7

සිරිබිරිස් Saturday, 25 September 2021 12:46 PM

මේ පාර ඕක ඉදිරිපත් කරන්නේ බැසිල් නේද?

:       13       9

Sumith Saturday, 25 September 2021 12:56 PM

අාදායම් මට්ටම් අනුව බදු වැඩිවන පරිදි අධික අදායම් ලබන අයවරුන්ට වැඩි බදු ප්‍රතිශතත්, අඩු අාදායම් ලබන අයට අඩු බඩු ප්‍රතිශතත් පැනවීම සුදුසුයි. සැම දෙනාටම එකම ප්‍රතිශත අය කිරීම අඩු අදායම් ලබන අයට අවාසියකි. මාසිකව ලක්ෂ 3ක් විතර උපයන කෙනෙක්ගෙන් මසකට රුපියල් 50000ක් ගත්තත් ඔහුට එතරම් දැනෙන්නේ නැත....

:       70       9

Lalith M Saturday, 25 September 2021 03:27 PM

මිනිස්සු මහන්සි වී ඉගෙන ගෙන ඉහළ රැකියාවලට ගිහින් හෝ අවදානම ගෙන ආයෝජනය කර ව්‍යාපාර කර හෝ ලබන ආදායම දෙස පිටතින් බලා හිඳ හූල්ලන කාලකන්නින් හිතන්න ඕනෑ තමන්ගේ නොහැකියාව තමන්ගේම වරදක් කියලා. ඕනෑවට වඩා බදුගන්න හදනවා නම් උගත් වෘත්තියකයින් රට හැර යනවා. ව්‍යාපාර කඩාවැටෙනවා. අවසාන ප්‍රතිඵලය ලැබෙන බද්දත් නොලැබීම සහ සේවක රැකියාවලට අවදානම වැඩිවීම. ධනවතුන් නැතිව දුප්පත්කම දුරලීම හෝ නිෂ්පාදන වැඩිකිරීම කළ නොහැක.

:       6       52

samanSaturday, 25 September 2021 04:11 PM

දැනුමට සුදුසු වටිනාකමක් තිබීම සත්‍යකි.. දුප්පතෙක් දවසම මහන්සි වී දිනකට උපයන රුපියල් 2000ක් වගේ මුදලක් තවත් අයෙක් විනාඩි දෙකෙන් වගේ උපයනවා. දොස්තර කෙනෙක්ගේ චැනල් ගාස්තු ඒ වගේ.. ඉතින් මෙතරම් විෂමතාවයක් තිබීම සාධාරණයිද? එම නිසා අදායම් මට්ටම් අනුව වැඩිවන පරිදි බදු වැඩිකර එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබාදීම සුසුදුයි.

:       9       8

SunimalSaturday, 25 September 2021 04:18 PM

දේශපාලුවෙකුට ගොට්ට අල්ලන එක තමයි කරන්න වෙන්නේ ? මොකද උන්ට හරිහමන් උගත්කමක්, සුදුසුකමක් තියෙනවා කියලද ?

:       1       9

de silva Saturday, 25 September 2021 01:05 PM

දේශීය නිෂ්පාදකයෝ දිරිමත් කරනවා කියලා ඒ අයට පමණක් වැසි වන විදිහට වැඩ කරන්න එපා නිෂ්පාදකයෝ පමණක් නොවේ රටේ පාරිභෝගික අප ගැනත් සිතන්න.

:       2       13

ase Saturday, 25 September 2021 03:30 PM

ඔය ටික හැම අයවැයකට පෙරම මතුරන මන්ත්‍රණයනේ? අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ, බේරේ පලුවකුත් නැහැ කීවා වගේ තමයි.

:       1       12

ගමේ එකාලා Saturday, 25 September 2021 04:16 PM

පවුලේ ආණ්ඩුව වැඩිම හරියක් බෙදාගනී. කෑම මිල අඩුකරයි. වෙන මොනවද?

:       2       10

Harsha Saturday, 25 September 2021 10:03 PM

දීපු බදු සහන නැතිකරලා ආන්ඩුව ඉවරම කරගන්න හදන්නෙ.

:       1       5

kapila Sunday, 26 September 2021 12:18 AM

ජනාධිපතිතුමා කලින් තිබුන අදායම් බදු සීමාව වසරකට 450,000 සිට 3,000,000 දක්වා වැඩි කළා. බැසිල් ලොක්ක ඕක 300,000 ට ගේනවා. බලාගෙන හිටපල්ලා.

:       0       0

69Lakshaya Sunday, 26 September 2021 12:29 AM

මෙතුමා අපේ ආර්ථිකේ ගොඩ දානවා දානවාමයි

:       1       0

අබිලින් Sunday, 26 September 2021 07:08 AM

දැලට කූනිස්සෝ, හාල්මැස්සෝ, හුරුල්ලෝ, සාලයෝ අහුවුණත් මෝරු හා තල්මසුන් අහුවෙන්න බැහැ නේද? මේ අයවැයත් එහෙම වේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1803 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site