(රේඛා තරංගනී ෆොන්සේකා)
පළාත් පාලන ආයතන හතක කසළ බැහැරලන කරදියාන කුණු කන්දේ භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු කන්දට බැහැරලීම තහනම් කර පළාත් පාලන ආයතනයන දැනුවත් කිරීම කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසයි.
කරදියාන කුණු කන්දට මහ නගර සභා තුනකින් නගර සභා තුනකින් සහ ප්‍රාදේශීය සභාවකින් කසළ මුදාහැරෙන අතර ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,මොරටුව මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සහ කැස්බෑව නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, මහරගම නගර සභාව මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතාගෙන් විමසීමේ දී පැවසුවේ බස්නාහිර පළාතේ ඇති කුණු කඳු 21 එකක් වන කරදියාන කුණු කන්දට කසළ මුදාහැරීම අවසන් සීමාවට පැමිණ තිබෙන බැවින් මෙය ආපදා තත්වයක් ලෙස සළකා කටයුතු නොකළහොත් කුණු කඳු කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බවයි.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ ඛේදවාචකය පූර්වාදර්ශයක් කර ගනිමින් 2019 දෙසැම්බර් මාසයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් කරදියාන කුණු කන්ද භූමි ස්ථායිතා පරීක්ෂණ තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ බව මාන්නප්පෙරුම මහතා කීය.
තවද ස්ථායිතාවයේ මෙම තත්ත්වය උදාවීමට හේතු ලෙස අධිකාරිය මගින් පෞද්ගලික ආයතනයක් සමග සම්බන්ධ වෙමින් 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ වාණිජ මෙහෙයුම් කටයුතු ඇරඹීමට සැලසුම් කර තිබු දිනකට මෙට්‍රික් ටොන් 500 ධාරිතාවයෙන් යුතු විදුලි ව්‍යාපෘතිය ප්‍රමාදවීම දැඩි බලපෑම් එල්ල කර ඇති බව ද වැඩිදුරටත් පැවසීය.
ව්‍යාපෘතිය ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි විමසා සිටි අතර එහිදී ඔහු පැවසූවේ රජයේ පාර්ශවයන්ගේ ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසියාකාරයෙන් ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ මන්දගාමී වීමෙන් විදුලි ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වු බවයි.
නිසි කලට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට හැකි වූයේ නම් කරදියාන කුණූ කන්දේ භූමිය ස්ථායිතාව පිළිබඳ ගැටලු මතු නොවන බව පෙන්වා දෙන ඒ මහතා වර්තමාන රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය නිලධාරීන් කාර්‍යක්ෂම කිරීමේ නව වැඩපිළිවෙළ සමග මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.
විදුලි ව්‍යාපෘතිය බලගැන්වෙන්නේ නම් කසල කරදියට මුදාහැරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව සඳහන් කළ ඒ මහතා දැනට මෙම ක්‍රියාත්මක වීම සිදු කළ යුතුව ඇති බව කීය.
ඒ සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා මෙන්ම මෙම වාර්තාව පැමිණි දින සිටම පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ බවත් විකල්ප ස්ථාන හඳුනාගන්න ලෙසටත් ඒ ඔස්සේ ක්‍රියාත්මක වන ලෙසටත් ඔවුන්ට දැන්වු බව ඔහු පැවසීය.
එහි මුලික පියවරක් ලෙස ඉඳුල් අපද්‍රව්‍ය 10% දක්වා අඩු කරන ලෙසද දැනුම් දී තිබුණු බව සඳහන් කළ නලීන් මහතා එසේ දැනුම් දී තිබුණද ඉඳුල් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉතාමත් ඍණ මට්ටමේ පැවති බවද පැවසීය.
බස්නාහිර පළාත තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති පළාත් පාලන මට්ටමින් කසළ 75% භාවිතයට ගමු යන සංකල්පය යටතේ ක්ලීන්අප් 75 යන වැඩසටහන මෙන්ම එහි තෙවැනි පියවර ලෙස පළාත් පාලන බල ප්‍රදේශ තුල නිවාස මට්ටමින් කසළ සම්පතක් කර ගැනීමේ පියවරක් ලෙස කොම්ෆෝස්ට් නිෂ්පාදනය කරවීමේ සැලසුම්ද ක්‍රියාත්මක කළ බව පැවසීය.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මිශ්‍ර-අවශේෂ කසළ කරදියානට බැහැර කිරිම හෙට සිට තහනම්