මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතා මියගියේ නම්, ඔහුගේ මළ සිරුර පාර්ලිමේන්තුව ඉදිරිපිට දින තුනක් එල්ලා තබන්නැයි පාකිස්තානු විශේෂ අධිකරණය අද (19) නියෝග කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට පසුගිය අඟහරුවාදා (17) මරණ දණ්ඩනය නියම විය.
මරණ දඬුවම නියම කිරීමේදී එම වගන්තියේ වරදක් තිබී ඇති බව පාකිස්තානු රජය විසින් පැවසීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කිරීමට මුෂාරෆ් මහතා සූදානමින් සිටින බවට ඔහුගේ නීතීඥවරුන් කළ ප්‍රකාශයකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
දැනට 76 හැවිරිදි වියේ පසුවන මුෂාරෆ් මහතා පකිස්තානයෙන් බැහැර වී ඩුබායි නුවරදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.
පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් මුෂාරෆ්ට එරෙහිව 2014 වර්ෂයේ දී රාජද්‍රෝහී ක්‍රියාකිරිම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන ලදී. නවාස් ෂරීෆ් වර්ෂ 2013 යළි බලයට පත්වීමෙන් පසුව නඩුව ගොනු කර ඇත.
මුෂාරෆ්ට සාධාරණ නඩු විභාගයක් ලබා නොදුන් බව නීතිපති අන්වර් මන්සූර් මහතා සඳහන් කරයි.
(රොයිටර් ඇසුරිනි)
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුෂාරෆ් මියගියොත් සිරුර දින 3 ක් එල්ලා තබන්නැයි නියෝග
janis Thursday, 19 December 2019 12:07 PM
අනේ දෙවියනේ, මේවගේ අධිකරණයක් අපේ රටට නැහැනේ. රට විනාශ කරන දේශපාලන නරියන් එල්ලා මරලා මදි...
සමන් - ඕමානය Thursday, 19 December 2019 01:34 PM
අපොයි දෙයියනේ, මහා තිරිසන් ක්‍රියාවක්. මැරුණු මනුස්සයෙකුටත් දඬුවම් දෙන මේ අමනුස්ස නීති කොහෙන් ආවාද මන්දා...! මනුෂ්‍යකමටත් නිගාවක්.
SadiFriday, 20 December 2019 01:12 AM
බිය නොවන් සොයුර... මෙහෙ දිවුරුවේ රුවන්වැලි මහා සෑය ළඟනේ... නඩු නෑ..
abaranFriday, 20 December 2019 01:34 AM
අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා.. එහෙම වුනොතින් අපේ රට පාලනය කරන්න අඟහරු ලෝකෙන් තමයි කට්ටිය ගෙනෙන්න වෙන්නේ...
ධම්ම Thursday, 19 December 2019 01:19 PM
පාකිස්තානු අධිකරණය හා හමුදාව ස්වාධීන ආයතන වේ. ඒවා රජයට අභියෝග කිරීමට තරම් බලසම්පන්නයි...
කපුරුහාමිThursday, 19 December 2019 02:30 PM
ඒකටත් එක්ක අපේ රටේ... දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවන් කියන කියන පදේට නටන රූකඩ, කටුකන අය, හෙන්චයියන්... තමයි වැඩිපුරම ඉන්නේ...
hemantha Friday, 20 December 2019 03:50 AM
ඔය නීතිය අපේ රටේ තිබුණානම් මේ වෙනකොට 225 පාර්ලිමේන්තුව ඉදිරිපිට එල්ලලා...
Wigi Friday, 20 December 2019 09:41 AM
වැඩය අනුමත කරන්න බැහැ.
sampath Friday, 20 December 2019 12:22 PM
මේ මනුස්සයා ලංකාවට ඇවිත් යද්දී ප්ලේන් එකේ ඉන්ධන අවසන් වෙනකම් උඩතියලා මරන්න සැලැස්මක් තිබුණා. පස්සේ කොහොමහරි ජීවිතය බේරාගෙන රටේ බලය ලබාගත්ත මේවා දේශපාලන පලිගැනීම් වෙන්න පුළුවන්...
ravin Friday, 20 December 2019 07:11 PM
සමන් - ඕමානය, වෙන කොහෙවත් නොවෙයි. ඔබ සිටින නරකාදියේ තමයි ඔය ජරා නීති තියෙන්නේ...