(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී ඉංගන්තිලක)
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා ප්‍රාදේශිය සභා රැස්වීම අතර තුර එල්ල වූ විදුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
මස්කෙළිය ප්‍රාදේශිය සභා සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්විම පවත්වගෙන යද්දී මෙම පහරදීම සිදුව ඇත.
ආණ්ඩු පක්ෂයේම මනත්‍රීවරයකු මෙම පහරදීම සිදු කර ඇත.
මස්කෙලිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකදී මෙම පහරදිම සිදු වූ බව පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ.
මේ හේතුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබිමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගත්තාය.
මේ සම්බන්ධයෙන් පෙරියසාමි ප්‍රදිපනන් මහතාට පහර දුන්නේ යැයි කියන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි එස්.ඒ.දිසානායක මහතාගෙන් අප කල විමසුමක දී මෙසේ කීය.
මස්කෙලිය ප්‍රදේශයේ තම පාක්ෂිකයකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදි කිරිමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු සිදු කරන අවස්ථාවේ එම මාර්ගය ඉදි කරනවාට අකමැති පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදිපන් මහතා සභාව තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරි තවත් මන්ත්‍රිවරයකුට පහර දිමට උත්සහ කළ අවස්ථාවේ එය වලක්වා ගැනිම සදහා තමන් අතතිව තිබු විදුරුවකින් උප සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කළ බව කීය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මස්කෙළිය උප සභාපති පහරකා රෝහලේ
fairoos Monday, 13 December 2021 05:23 PM
ලබන අවුරුද්දේ වෙනකොට උඩින් ඉන්න අයටත් මේක තමයි වෙන්නේ...!
Anura Monday, 13 December 2021 10:39 PM
දැන් දැන් මිනිස්සු ඉවසන්නේ නැහැ