IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මාස හතට මත් කිලෝ 900ක්:සැකකරුවන් 15000ක් පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක)

මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා රට පුරා සිදුකළ මෙහෙයුම්වලින් රුපියල් කෝටි 900 වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 15000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොග අතර හොරොයින් කිලෝ 473 ක්, අයිස් වර්ගයේ මත්ද්‍රන්‍ය කිලෝ 300 ක්, ගංජා කිලෝ 3485 ක ප්‍රමානයක් තිබු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

හොරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 12890 දෙදෙනකු, අයිස් සම්බන්ධයෙන් 1457 දෙනකු , ගංජා සම්බන්ධයෙන් 8509 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිසිය, විශේෂ කාර්ය බලකාය ,නාවික හමුදාව, රේගුව, වෙරළ ආරක්ෂක බලකාය, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන අංශවවල සහයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම මත්ද්‍රව්‍ය බොහොමයක්ම ජාත්‍යන්තර මුහුදේ සිට දකුණු මුහුදු සහ උතුරු මුහුද ආශ්‍රිතව බෝට්ටුමගින් රැගෙන ආ මත්ද්‍රව්‍ය බවද හෙතෙම කියා සිටියේය.

මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයව සහ ප්‍රවාහන කරන ප්‍රධාන සැකකරුවන් 40 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර මෙම මත්ද්‍රව්‍ය ජාතයන්තරව මෙහෙයවන පුද්ගලයන්, දේශිය වශයෙන් මෙහෙයවනන් සහ ලංකාවට බොට්ටුමගින් රැගෙන ඒමට දායක වු බෝට්ටුකරුවන්, බෝට්ටු පදවනන් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 



අදහස් (6)

මාස හතට මත් කිලෝ 900ක්:සැකකරුවන් 15000ක් පොලිස් දැලේ

pathmasiri Friday, 30 July 2021 05:45 PM

අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ?

:       0       12

සෙනවි Friday, 30 July 2021 05:51 PM

අල්ලන මත්කුඩු වලට මොනවද වෙන්නේ..?

:       0       7

විපරමා Friday, 30 July 2021 08:03 PM

හොර පාරෙන් යනවා ඇති... කුඩු කියන්නේ සල්ලිනේ... සමහරු නම් කියනවා වාෂ්ප වෙනවා කියලා.

:       0       4

siri Friday, 30 July 2021 07:02 PM

ඒ වුණාට කිසිම දවසක ඕවා ගෙන්වන ලොකු ලොක්කෝ අල්ලා ගන්නවා දකින්න නෑ නේද?

:       0       5

Sri Lanka Friday, 30 July 2021 07:50 PM

හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න. ජයවේවා..!!! 

:       1       3

Warnakulasuriya Shirantha Saturday, 31 July 2021 02:21 AM

රට ඇතුලට මේ බඩු එන එක නවත්තන්න බැරි ආරක්ෂක අංශය , රට ඇතුලෙ ඒවා කවදා ඉවර කරන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 623 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1750 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site