IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මහාචාර්ය ගාමිණී රණසිංහ නව තනතුරේ වැඩ අරඹයි

(ඩයනා උදයංගනී)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා අද (10) සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාරගත්තේය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම නව පත්වීම සිදුකර ඇති අතර ඔහු සිය පත්වීම් ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අතින් ලබාගත්තේය.
මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා දකුණු ආසියානු පුරාවිද්‍යා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
මෙරට පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරට පත්වූ ලාබාලම පුද්ගලයා වන මහාචාර්ය රණසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් 2004 වසරේදී ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා) විශේෂ උපාධිය ලබාගත්තේ පළමු පෙළ පන්ති සාමාර්ථයක් ද සහිතවය.
කැලනිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත්, ඉන් පසු චීනයේ ෂියාමන් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබාගෙන ඇත.
එය මුහුදු පුරාවිද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ආචාර්ය උපාධිය වන අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානයද හිමිකරගෙන තිබේ.



අදහස් (3)

මහාචාර්ය ගාමිණී රණසිංහ නව තනතුරේ වැඩ අරඹයි

AnandaR Wednesday, 10 March 2021 04:16 PM

මහදුරුතුමනි, මගේ හෘදයාංගම සුබපැතුම්..!!!

:       0       2

Senarath Thursday, 11 March 2021 05:05 AM

අපේ උණුසුම් සුබපැතුම් ඔබතුමාට..!!!

:       0       1

එම් ජී ඩී නිරූපා විජයන්ති Saturday, 09 March 2024 10:55 AM

අනේ මගේ දරුවාටත් ඔබතුමාට ලැබුණා වගේ එක ගුරුවරයෙක් ලැබුණා නම් මේ සැරේ O/L විභාගෙට සතුටින් මුහුණ දෙන්න තිබුණා.. යුනිෆෝම් එක අන්දලා පාසලට යවන්නේ එයාගේ නන්ගි ලකුණු කරලා දෙන පිටපත් කිරීම අරගෙන... කිසිම ගුරුවරයෙක් ළඟටවත් ගන්නේ නෑ... මගේ දරුවා ඔටිසම්... ඒත් ලියන්න, කියන්න තේරුම් ගන්න පුළුවන් දරුවෙක්... නමුත් සාධාරණයක් වෙලා නෑ මේතාක්.. මට තියෙන ගැටලුව නම් මෙවැනි දරුවන්ට අත්වෙන ඉරණම මොකක්ද දක්ෂයින් අතිදක්ෂයින් කරන්න හදන මේ පාසල් පද්ධතිය තුළ මා වැනි අසරණ දෙමාපියන්ට මොන සහනයක්ද? අඩු තරමින් විශේෂ දරුවෙක් විදිහට ඒ ආරක්ෂාව උදව්ව ඇතිව ලියන්න ඉල්ලීමක් කලා ඒකටත් සහනයක් ලැබුනේ නෑ සර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 922 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 219 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1605 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2012 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1922 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site