(ඩයනා උදයංගනී)
අමාත්‍යාංශවල මහජන දිනය ලෙස වෙන්කර ඇති බදාදා දිනයේ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් වෙනත් කටයුතු යොදානොගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහාම වෙන්කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇත.
බදාදා දිනවල වෙනත් කිසිම රැස්වීමක් යොදා නොගෙන කාර්යාලයේ රැඳී සිටින ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් දෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඇමැතිවරුන්ට පවසා තිබේ.
තම ගැටලු විසඳාගැනීම සඳහා දුරබැහැර සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ගැටලු එම ස්ථානයේදීම කාර්යක්‍ෂම විසඳා දෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය.
සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේ රාජ්‍ය නිලධාරීන් බදාදා දිනවල විවිධ රැස්වීම් සම්මුඛ සාකච්ඡා යොදාගැනීමට නිසා මහජන දිනයේදී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න විසඳීමට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගැනීමට නොහැකි වන බව අමාත්‍යවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.
එබැවින් ප්‍රශ්න විසඳගැනීමට එන ජනතාවට හිස් අතින් ආපසුයාමට සිදුවන බව ද ඇමතිවරුන් ජනාධිපතිවරයාට පැවසූ බව කී ඇමැතිවරයා එයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා මෙම පියවර ගත් බව ද කීවේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහජන දිනයේ ඇමැතිවරුන් හා නිලධාරීන් අමාත්‍යාංශයේ රැඳී සිටීම අනිවාර්යයි
Deepal Nirosh Thursday, 03 September 2020 09:09 AM
දැන් කී වතාවක් මේ කාරණයට චක්‍රලේඛ නිකුත් කරලා ඇද්ද? තව කී පාරක් ඉදිරියටත් නිකුත් කරයිද මන්ද? මේකත් අර රට සංවර්ධනය කරනවා වගෙයි...
Puppa Thursday, 03 September 2020 09:26 AM
ඕවා කටින් විතරයි... එයාලාව අල්ලන්න සක්කරයාටවත් බැහැ. දැන් ඒ අය ඉන්නේ විනෝදෙන්..