(විනීතා එම් ගමගේ)
සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද, එම චෝදනාව නැති කර ගැනීමේ වගකීම සියලු දෙනාටම ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇතැම් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති එම චෝදනාවට පිළීතුරු දීමට නම් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්‍රමානුකූලව අවම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
අමරවීර මහතා මේ අදහස් පළ කළේ උස්වැටකෙයියාව වෙරෙළේ දී මාධ්‍ය අමතමිනි. වෙරළට ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් කලා ශිල්පි ලලිත් සේනානායක මහතා විසින් උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
සාගර දූෂණයට බරපතල ලෙස බලපාන ප්ලාස්ටික් හා පොලිතීන් නිසා වාර්ෂිකව අප රටේ මත්ස්‍ය අස්වැන්න පවා ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව අධ්‍යයනයන් මගින් තහවුරු ව ඇතැයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේය. ඊට හේතුව මයික්‍රොප්ලාස්ටික් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වන බවත් තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වූ බවත් හෙළි කළ අමාත්‍යවරයා ධීවර කටයුතු සඳහා නික්ම යන ධීවරයින්ට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළ බව ද කියා සිටියේය. එමෙන්ම ධීවර වරායෙන් සාගරයට යන විට ඒ ඒ බෝට්ටු ගෙන යන ප්ලාස්ටික් භාජන හා පොලිතීන් පිළිබඳව තමන් වාර්තාවක් තබා ගත් බවත් ඔවුන් ආපසු එනවිටත් ඒවා ආපසු ගෙන ආ යුතු බවත් සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කිරීම මුළුමනින්ම තහනම් කළ බවත් සිහිපත් කළේය.
කුඩා දරු පරපුර පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම නම් වැඩිහිටියන් ඔවුන්ට ආදර්ශමත් ලෙස ජීවත් විය යුතු යැයි ද නමුත් රටේ වැඩිහිටි පරම්පරාව අද අපේ පරිසරයට කරන විනාශය දුටු විට සැබවින්ම ලැජ්ජා විය යුතුය බවත් පැවසූ අමාත්‍යවරයා, සේනානායක මහතා ප්ලාස්ටික් හා පොලිතීන්වලින් පරිසරයට සිදුවන හානිය ගැන මෙම නිර්මාණයෙන් පෙන්වා දී ඇතැයි ද පැවැසීය.
1980 දී අපේ වාර්ෂික මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ 03ක් වූ නමුත් 2018 වනවිට එය ටොන් 53,000 දක්වා අඩුවී ඇතැයි ද ඊට ප්‍රධාන හේතුව සාගර ජලයට එකතු වන මයික්‍රොන ප්ලාස්ටික් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම බවත් ඔහු පෙන්වා දුන්නේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුහුදට පොලිතින් දමන රටවලින් 5වැනි තැන ශ්‍රී ලංකාවට
kamal Friday, 08 January 2021 10:01 AM
ලෝකයේ පළමුවැනි ස්ථානය දිනාගන්නා තෙක් අපි පසු නොබලා වැඩකරමු. මොනතරම් හොඳ දෙයක්ද? 5 වැනි තැන දිනාගැනීමට හැකිවීමත්..
Kamal KoyralaFriday, 08 January 2021 12:06 PM
ඔව්, අපි කෝවිඩ් 19 හොඳ කළ රට කියලා සර් ගිනස් වාර්තාවක් තිබ්බා කියලා මුට්ටි දේවි කිව්වනේ... සේරමත් එහෙමයි.
CHANDIMA Friday, 08 January 2021 04:44 PM
මදි හොඳටම මදි.. ආආසියාවේ පළමු තැනටවත් ඇවිත් නැතිනම් වැඩක් නැහැ.
Nandana Pererea Friday, 08 January 2021 07:18 PM
මේක මැන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්? මීට වඩා පරිසරය විනාශ කරන රටවල් නැද්ද? කාලයක් වායුගෝලයට වැඩිපුරම කාබන්ඩයොක්සයිඩ් මුදාහරින රටක් ලෙස ලංකාව නම්කර තිබුණා. ඒ දර පිළිස්සිම නිසාලු.. මීට වඩා වාහන සහ කර්මාන්තශාලා තිබෙන රටවල් නැද්ද? බටහිර යුද්ධ වලින් හා අත්හදා බැලිම් වලි්න් කොපමණ පරිසරයට හානි සිදුවෙනවද?
69lakshaya Saturday, 09 January 2021 04:59 AM
දෙන්නම් සපෝර්ට් එක ලංකාව ලෝකෙන්ම 1වැනි තැනට ගන්න.
Roshan Saturday, 09 January 2021 05:09 AM
පොලිතීන් තහනම් කරන එක ප්‍රායෝගික නෑ. සමහර අවස්ථාවලදී පොලිතීන් අවශ්‍ය වෙනවා. කරන්න ඕනේ පොලිතීන් බෑග් එකකට රු.10 වගේ අවම මිලක් නියම කරන එක. ලැබෙන ආදායමෙන් කොටසක් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට යොදවන්න ඕනේ...