(ලලිත් නවරත්න)
පැවති තද සුළං තත්වයත් සමඟ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ කිලෝ මීටර් තුනහමාරක මුහුදු තීරය ඛාදනයට ලක්වීමෙන් නිවෙස් සහ මාර්ග පද්ධතිය මුහුදට බිලිවීමේ බරපතල අර්බුද කීපයකට ගම්මු මුහුණ පා ඇත.
අක්කර 130 ට අධික වපසරියක්ව තිබූ මෙම ධීවර ගම්මානයේ පවුල් 160 ක් වෙති.දිගින් දිගටම සිදුවන ඛාදනය හේතුවෙන් මෙම භූමි ප‍්‍රමාණය වර්තමානයේ අක්කර 80 ක ප‍්‍රමාණය දක්වා අඩුවී ඇත. ඔවුන්ගේ එකම ජීවන වෘත්තීය වන ධීවර කර්මාන්තය ද මෙම ඛාදනය හේතුවෙන් අඩපණ වී තිබේ.
ධීවරයින් සුළුතරයක් විසින් පවත්වාගෙන යන ඉස්සන් කර්මාන්තයට ද ඉස්සන් ආහාරවල සහ කර්මානතයට අවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමෙන් අත්හැර දමා ඇති අතර කීපදෙනෙකු විසින් පවත්වාගන යන එම කර්මාන්තය දිගින් දිගටම විවිධ රෝගවලට ලක්වීමෙන් අසාර්ථකවී ඇත.
බෝට්ටු වලින් හා මාදැල් රැකියාවෙන් නෙළා ගන්නා මත්ස්‍ය සම්පත් ප‍්‍රවාහනය කරන්නාවූ මුතුපංතිය උඩප්පුව මාර්ගය පසුගිය තදසුළං තත්වයක් සමඟ ඛාදනයට ලක්වීමෙන් ගමනාගමනයට පරිහරණයට කළ නොහැකි තත්වයකට පත්ව තිබේ.
එම හේතුවෙන් මුහුදු තීරයේ ඇති නිවෙස් ගණනාවක් මුහුදට බිලිවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටින බවත් ඉතිහාසයේ කිසිම කාලයක මෙවන් සුළගක් සහ ඛාදනයක් කිසිම කලක සිදු නොවූ බව ගම්මු කියති.
පවතින අධික සුළං තත්වයෙන් වෙරළ තීරුවේ ඇති පොල්ගස් මගින්ද නිවෙස් වලට විශාල තර්ජනයක් එල්ලවී ඇති අතර ගම්මුන් විසින් එම පොල් ගස්ද කම්බි යොදා බැද දමා ඇත.
මේවන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව ගල්වැටි දමමින් මුහුදු ඛාදනය වළක්වා ගැනීමට උත්සාහ කළත් ස්ථාන කීපයක ගල්වැටි දැමීම වෙනුවට ජලරළ පහර වැලක් වීමට වැලිකදු ගොඩගසා ඇත ඛාදනයේ බරපතල බව හේතුවෙන් දැමූ ගල්වැටිද මුහුදට බිලිවෙමින් තිබෙයි.
එකම ජීවන වෘත්තිය වූ ඉස්සන් කර්මාන්තයෙන් සහ ධීවර කර්මාන්තයෙන් ජීවත්ව රටේ ආර්ථිකයට විදෙස් විනිමයෙන් දායකත්වය සපයන්නට වෙර දරන මෙම ජනතාවට ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලති.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුහුදු ඛාදනයත් සමඟ මුතුපංතිය ධීවර ගම්මානය අනතුරේ
අසරණයා. Monday, 22 July 2019 02:06 AM
පෝට් සිටියේ ප‍්‍රතිඵල ඔන්න.