IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ

(විනීතා එම් ගමගේ)

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප‍්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති රැස්වීමක දී හෙළි විය.

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති ඉඩම හා ඊට යාව ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තීරය අල්ලා ගනිමින් මෙම පිරිස කණු සිටවා ඇතැයි එම දෙපාර්තමේන්තු දෙකට ලැබී තිබූ පැමිණිල්ලක් මත පරිසර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් හා වෙරළ සංරක්ෂක නිලධාරින් ද අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ද සමග ඉකුත් 3 දා එහි ගොස් කළ පරික්ෂාවක දී මෙම ඉඩම් අල්ලා ගැනීම දැක ගැනීමට හැකි වී ඇත.

අනතුරුව එම නිලධාරින් විසින් එම ඉඩම්වල ගසා ඇති කණු ඉවත් කරන ලෙසත් එසේ නොකල හොත් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් අදාල පිරිසට දන්වා ඒ පිළිබදව පොතුවිල් පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇත

කෙසේ වෙතත් එම පැමිණිල්ල පිළිබදව කිසිදු විභාගයක් සිදු වී නැති නිසා ඉකුත් 12 වැනිදා පොලිස් ආරක්ෂාව ද  සහිතව එහි ගොස් එම කණු ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ නිලධාරින් හා පුරා විද්‍යා නිලධාරින් කටයුතු කර තිබේ.

පුරා විද්‍යා පනත අනුව මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු පනත අනුව ද මේ සදහා නිලධාරින්ට බලය පවතින බැවින් එසේ ඉවත් කළ බවත් ඉන් අනතුරුව එම ඉඩම් අල්ලා ගත් පිරිස පොතුවිල් පොලිසියේ කර ඇති පැමිණිල්ලකට අනුව එකී කණු ඉවත් කළ රජයේ නිලධාරින්ට එරෙහිව පොතුවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.

ඇදිරි නීතියට මුවාවී ජාතික උරුමයන් විනාශ කරන පිරිසකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකල පොලිසිය එම උරුමය රකින්නට ක‍්‍රියාත්මක වන රජයේ නිලධාරින්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීම පුදුමයට කරුණක් යැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.

මුහුදු මහා විහාරයේ ඉඩම් සීමාව හදුනාගැනීම හා ගැසට් කිරීම පිළිබදව පරිසර අමාත්‍යංශයේ අද (13)පැවති සාකච්ඡාවක දී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා මේ මේ තොරතුරු හෙළි කළේය

 



අදහස් (11)

මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ

Nuwan Wednesday, 13 May 2020 02:02 PM

මේක පුදුම වැඩක්නේ? මුස්ලිම් පල්ලියක අගලක් අල්ල ගත්තොත් කව්රුහරි මුළු මුස්ලිම් කට්ටියම මන්න පොලු අරන් එන්නේ. නමුත් ගැසට් කරලා තියෙන බෞද්ධ උරුම අක්කර ගණන් අල්ලගන්නකොට ඒවා නවත්වන නිලදාරීන්ට මෙහෙමද සලකන්නේ? කව්ද මේවා පිටි පස්සේ ඉන්නේ?

:       0       0

kakkutta Wednesday, 13 May 2020 02:18 PM

ජනාධිපතිපති, අගමැති, ආරක්ෂක ලේකම්, තාම ගිය ආණ්ඩුවේ අය වෙන්න ඇති..

:       0       0

යහපාලනය Wednesday, 13 May 2020 02:57 PM

උරුමයක් නැති අයට, අන් අයගේ උරුමය දකිනකොට ඇස් වලට අනිනවා වගේ ඇති.

:       0       0

Prabha Wednesday, 13 May 2020 04:48 PM

මෙ චන්දෙ අතළග තියෙද්දී ඔවැනි නොහොඹිනා වැඩ නොකර හිටියොත් හොදයි අධ්‍යක්ෂකතුමෝ...

:       540       170

මුණසිංංහThursday, 14 May 2020 01:45 AM

මෙයාටත් ඉඩම් කොටසක් ලැබිලා වගේ...!

:       0       0

සේන Wednesday, 13 May 2020 08:26 PM

පොතුවිල් පොලීසිය අයිති ඉන්දියාවටද, පාකිස්තානයටද? මධ්‍යම රජය මේ ගැන වහා ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරමි.

:       0       0

මුණසිංහ Thursday, 14 May 2020 01:44 AM

පොතුවිල් පොලිසියත් අනවසර පදිංචිකරුවන්ගේ "ග්‍රහණයට" හසුවී ඇති බව පැහැදිලියි. වහාම ඔවුන් ඉන් නිදහස් කර සුදුසු පියවර ගන්න.

:       0       0

Ratne Thursday, 14 May 2020 02:46 AM

පොතුවිල් පොලීසියේ සේවය කරන කාලකණ්ණි පිරිසගේ වැඩ තහනම් කර නිසි පරීක්‍ෂණයක් කළ යුතුය.

:       4       602

දිමුත් Thursday, 14 May 2020 05:03 AM

පුදුම වෙන්න දෙයක් නැහැ. බෞද්ධ රටක් වුනු මාලදිවයිනේ අද වනවිට සියලු බෞද්ධ නටඹුන් විනාශ කරලා.

:       0       76

නෙවිල් Thursday, 14 May 2020 06:36 AM

එතකොට ඒගොල්ලෝ කියන්නේ පුරාවිද්‍ය ඉඩම බලෙන් අල්ලන එක හරි කියලාද ?

:       0       36

SL Saturday, 16 May 2020 06:39 AM

මේක තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවකයෝ පගා අරගෙන ඕනෙම කෙනෙකුට ඕනෙම නීති විරෝධී වැඩක් කරන්න දෙනවා. දැන් මේ අල්ලාගෙන ඉන්න ඉඩම්වල තියෙන ගෙවල් වලට විදුලිය ,ජලය ,දුරකථන පහසුකම් දුන්නේ කවුද? ඒ අයත් අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පොලීසියේ ඉන්න රජෙයෙන් පඩි අරගෙන රටටම කෙළවන අය ටිකයි, රාජ්‍ යසේවයේ ඉන්න ආණ්ඩුවෙන්ම පඩි අරගෙන නීතිවිරෝධී වැඩ කරන පගා මරුවෝ ටිකයි නැතිනම් මෙලහටත් මේවා විසඳිලා. බලෙන් අල්ලාගෙන එනවා පොලිසියට පැමිණිලි කරන්නත් ...මොන ජාතියේ උනත්. මේ සියලුම ඉඩම් නැවත අයිති තැනට බාරදීලා මොවුන් යායුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 105 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 74 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 103 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 417 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 148 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 467 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site