IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ අභියාචනය විභාගයට ඊවා එපායැයි එජාපය ඉල්ලයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.
 
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයත්, අනිත් පිරිසට ඇමැති ධුරත් දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබේ.
 
එය ඊයේ කැඳවූ අතර හෙට (14) පෙත්සම සලකා බැලීමට නියම කැරිණි.
 
ඒ අනුව මෙම අභියාචනා පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ (විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි) කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය අද මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
 
එමෙන්ම එම පූර්ණ විනිසුරු මඬුල්ලක ඊවා වනසුන්දර විනිසුරුවරිය ඇතුළත් කර නොගන්නා ලෙස තවත් මෝසමක් ගොනු කර තිබේ.



අදහස් (26)

මහින්දගේ අභියාචනය විභාගයට ඊවා එපායැයි එජාපය ඉල්ලයි

indra Thursday, 13 December 2018 07:33 AM

ඒ කියන්නේ උසාවිය තීන්දු තීරණ දෙන්නේ නීතිය අනුව නොවේද? අපට හිතන්න තියන්නේ එජාප දිනුවොත් එහි ඇත්තේ එයාලට පක්ෂග්‍රාහී අය, උසාවියත් අද වෙනකොට වරප්‍රසාදවලට මුවා වෙලාද? රටේ මහජනයාට ඉතිරිව ඇත්තේ මොනවද? රට නැත, ආගම නැත, ජාතිය නැත ඉදිරියේදී උණ්ඩයක් අපට හිමි වෙනු ඇත. මගේ රටට තෙරුවන්ගේ සරණයි .....

:       0       2

sam Thursday, 13 December 2018 07:56 AM

ඊවා වනසුන්දර මහත්මිය මීට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුවක් විභාග කිරීමෙන් ඉවත් වුණා. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මහතා සමග තියන හිතවත් කමයි. නමුත් මහින්ද මහතාගේම නඩුවක් උසාවියට ඉදිරිපත් කලවිට වනසුන්දර මහත්මිය ඉවත් නොවුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්

:       2       1

rama Thursday, 13 December 2018 08:37 AM

ඒක අමුතු සෙල්ලමක් විනිසුරු මඩුල්ල තෝරන්නේ එජාපයෙන්ද? තමන්ට අවශ්‍ය කට්ටිය දාල තමන්ට අවශ්‍ය තීන්දුව ගන්නද හදන්නේ මේක අධිකරණයට බලපෑම් කිරීමක් නෙවේද?

:       2       5

සනත් ඉතාලිය Thursday, 13 December 2018 08:53 AM

අඹ ගෙඩියක හැඩය ගත්ත මහා මුහුදෙන් වටවෙච්ච අරුම පුදුම රටක් තියනව ඕයි. තමන් කමති විනිසුරු වරුන් පත්කරගෙන නඩු අහන රටක් ඕයි

:       3092       5718

කොකිල Thursday, 13 December 2018 09:08 AM

හොද යෝජනාවක්

:       0       0

මුනසිංහ Thursday, 13 December 2018 09:18 AM

ඒ කියන්නේ මෙයාට පක්ෂපාත අය තමයි අධිකරනයේ නඩු අහන්න ඕන.

:       0       21

Sampath Pathirana Thursday, 13 December 2018 09:57 AM

දැන් එතකොට නඩු තීන්දු දෙන්න ඕනි එයාලා නම් කරන විනිසුරුවරු ඉදිරියේදීද ? ඒකද ප්‍රජාතන්ත්‍රවාදය ?

:       0       12

suran Thursday, 13 December 2018 10:08 AM

මෙහෙමත් ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්ද? ඔය මෝසම මගින් විනිසුරුවරියගේ වෘත්තිය අභියෝගයකට ලක්කොට තිබෙනවා. විනිසුරුවරුන් වැඩි කිරීමේ ප්‍රශ්නයක් නොමැත... නම් සඳහන් කරමින් විනිසුරුවරු ඉවත්කරන්න ඉල්ලීම නීතියට කරන අවමානයක් නොවේද?

:       0       25

Bandara Thursday, 13 December 2018 10:09 AM

ඇයි ඒවාට රනිල් අකමැති?

:       0       10

amali Thursday, 13 December 2018 10:13 AM

දැන් එතකොට එජාපෙට ඕනේ විදියටද නඩු විභාග කරන්නේ?

:       0       0

SAMPATH Thursday, 13 December 2018 10:37 AM

රනිල්වයි සම්බන්දන්වයි අනුරවයි දැම්මනම් හරිනේ එහෙනම්.

:       0       20

srimala Thursday, 13 December 2018 10:45 AM

ඊවා වනසුන්දර විනිසුරුවරිය, තමා මහින්ද රාජපක්ෂ මහතාගේ ළඟම මිතුරියක් බවත් මහින්ද විසින් තමාව විනිසුරුවරිය ලෙස පත් කළ බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. එමනිසා ඇය මෙම නඩුවෙන් ඉවත් වීම වඩාත් සුදුසුයි.

:       0       2

සෙනෙවි Thursday, 13 December 2018 11:05 AM

ඒ කියන්නේ එජාපයට හිතවත් අය දාලා නඩු අහන්න කියන එකද?

:       0       0

සෙනෙවි Thursday, 13 December 2018 11:08 AM

ඒ කියන්නේ අනිත් අය දාලා කරගන්න පුළුවන් කියන එක ද?

:       0       0

iron Thursday, 13 December 2018 11:20 AM

සාධාරණ ඉල්ලීමක්

:       2123       1313

Shantha qatar Thursday, 13 December 2018 11:21 AM

මොන විකාරද මේවා ..... පිට රටවල් වල ඉන්න මිනිස්සු අපෙන් අහන ප්‍රශ්න වලට දෙන පිළිතුරු අපි ළඟ නෑ.... ලංකාව කියලා කියන්නත් ලැජ්ජයි...

:       21       133

kamil Thursday, 13 December 2018 11:21 AM

ඉතා සාධාරණ කාලොචිත් ඉල්ලීමක්

:       1124       538

kamal Thursday, 13 December 2018 11:24 AM

නීති විද්‍යාලයේ ඉතා හොඳ යාලුවෙක් ලු ඔහු ඇයට උසස්වීම් දීලලු එමනිසා ඉල්ලිමා ඉතා සාධාරණයි... එය ඉටු කිරීම ඇති විශිෂ්ඨයි...

:       1225       535

සමන් රත්නප්‍රිය පෙරේරා Thursday, 13 December 2018 11:27 AM

අනිත් පැත්තේ අයත් කිවොත් ඕකම මොකද කරන්නේ? එතකොට අපේ රටේ මටත් පුලුවන්ද මම කැමති විනිසුරුවරයෙක් දලා නඩු අහගන්න? එම අයිතිය එහෙනම් හැමෝටම දෙන්න ඕනේ.

:       512       1326

අනුර පැස්කුවල් Thursday, 13 December 2018 11:33 AM

විනිසුරුවරියක් චරිතාපදානයක් ලියනවා රටේ යම් බලගතු පුද්ගලයෙක් තමා සමග කොපමණ කුළුපගුද කියල. එවැනි විනිසුරුවරියක් එම පුද්ගලයා සම්බන්ධ නඩුවක් ඇසීම කෙතරම් සදාචාරාත්මකද?

:       1301       1142

රවින් Thursday, 13 December 2018 12:03 PM

සාමාන්‍යයෙන් කෙරෙන්නේ විනිසුරුවන් විසින්ම නඩු ඇසීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වගේම නඩුවේ පාර්ශව දෙකෙන්ම එකපක්ෂයකට හැඟේ නම් විනිසුරු පක්ෂපාතිත්වයක් දක්වනවා කියා එ් පිළිබඳව ඉහළ උසාවියෙන් තීන්දුවක් ගෙන වෙනත් විනිසුරුවෙකු ලවා නඩුව විභාගයට ගැනීමට ඉල්ලීමක් කළ හැකිය. උදා. මහින්දානන්ද, බැසිල් රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීම්... මෙය අප රට දැනට පවතින නීතියට අනුකූලයි.

:       0       0

Jehaan Thursday, 13 December 2018 12:27 PM

ඕක මොකද්ද? හොර පෙරකදෝරුවන් පිනුම් ගහන රටක, වෙහෙරත් ගිල්ල මට අග්ගලාව කජ්ජක්ද කිව්වාලු...

:       0       5

Buddika Thursday, 13 December 2018 12:55 PM

බොහෝම සාධාරණ ඉල්ලීමක්... පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවෙදීත් මහින්ද ඉල්ලුවනේ 7ක් හෝ 9ක්... ඒක දුන්නා වගේම මෙයත් සාධාරණයි. අනෙක් පැත්තෙන් පැමිණිල්ල හෝ විත්තිය දන්නා හඳුනන කෙනෙක් ඉන්න එක සදාචාරාත්මකද?

:       31       1

පාල ගාල්ලගේ Thursday, 13 December 2018 01:49 PM

එක් විනිසුරුවරයකු හැර කීවට තමන්ට ඕන අය ගන්න බැහැ.සමන් සනත් කියන කතාව වැරදියි. තමන්ට අධිකරණයෙන් මෙම ඉල්ලීම කරන්න අයිතියක් තියෙනවා. කෙනෙකු නම් කර ඉල්ලන්න නම් අයිතියක් නැහැ

:       0       4

Chanak los angeles Thursday, 13 December 2018 04:40 PM

සමන් රත්නප්‍රියට අනුර පැස්කුවෙල් කියලා තියෙන තේරෙනවා කියා සිතමි

:       349       214

anura Friday, 14 December 2018 12:32 PM

රඟපෑම වෘත්තිය කරගත් මන්ත්‍රීතුමෙක් පසුගිය දිනක කරපු කථාව සත්‍ය බව සනාථ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 83 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 835 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 220 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site