IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මහින්ද කාලේ රටේ ආර්ථිකය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)
 
මහින්ද  රාජපක්ෂ මහතා අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට  සම්බන්ධ සියලූම අංශ වලට උපදෙස් ලබා දී තිබේ.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම ආමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වලින් අලූතින්  සකස් කළ වාර්තා ජනවාරි මස දෙවැනි දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාරදීමට නියමිතය.


මෙම වාර්තාව බාර දුන් පසු  රටේ ආර්ථිකයට අදාළව ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග පිළිබඳව  අග‍්‍රාමාතයවරයා විසින් තීරණ ගැනීමට නියමිතය.



අදහස් (38)

මහින්ද කාලේ රටේ ආර්ථිකය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි

Amila Friday, 28 December 2018 10:06 AM

රනිල්ට ඉතින් ඕක මහින්දගෙන්ම අහන්න තිබුණානේ... ගොඩක් මිනිස්සු නොදන්නවා වුණාට දෙන්නා අතිජාත මිත්‍රයෝ. අරයා මෙයා අාරක්ෂා කරනවා වගේම මෙයා අරයව ආරක්ෂා කරනවා. 2015 කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කිව්වා.. ඒකට මොකවත් කරේ නෑ. 26ත් කුමන්ත්‍රණයක් වුණා කිව්වා. ඒකත් ඉතින් ඔහොමම යටයනවා...

:       31       198

Amila Friday, 28 December 2018 10:06 AM

රනිල්ට ඉතින් ඕක මහින්දගෙන්ම අහන්න තිබුණානේ. ගොඩක් මිනිස්සු නොදන්නවා වුණාට දෙන්නා අතිජාත මිත්‍රයෝ. අරයා, මෙයා අරක්ෂා කරනවා වගේම මෙයා අරයව ආරක්ෂා කරනවා. 2015 කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කිව්වා ඒකට මොකවත් කරේ නෑ. 26ත් කුමන්ත්‍රණයක් වුණා කිව්වා.. ඒකත් ඉතින් ඔහොමම යට යනවා...

:       9       237

Raveendra Friday, 28 December 2018 10:08 AM

බොහෝම හොඳයි.. ඒ වගේම ඔහේගේ කාලෙත් වාර්තාවක් විශේෂයෙන් මහබැංකුවේ හොරකම ගැන, අර්ජුනව ගෙනාවේ ඇයි? ඒ විස්තරත් එක්කම වාර්තාවක් දුන්නොත් හොඳයි. ඔහේගේ ශරීර සෞක්‍යයට... ඔහේ ඒ වාර්තාව දුන්නත්, නැතත් මහජනතාව ගාව තියෙනවා " මහජන මුදල් හොරා කාපු හැමකෙනාගේම" වර්තාවක්ම. නිකන් බබාහුකුම් එපා... හතරට ගැනගන්න බැරි තොත්ත බබාලා....

:       1203       1804

සමන්තFriday, 28 December 2018 11:46 AM

ඇයි ලොක්කා ඔයා මේ කළබල වෙලා? ඇයි වැඩ අවුල් වෙයි කියලා බයද? ඔය තග් දේශපාලනේට මිනිස්සු බය වෙච්ච, රැවටුනු කාලයක් තිබුණා. ඒවා දැන් ඉවරයි. මහ බැංකු මංකොල්ලය...! මහබැංකු මංකොල්ලය...! ගෑවට වුනේ මොකක්ද කියලාවත් දන්නවද? හිතුවද වෙන බැංකුවක් වගේ කියලා? එහෙම දෙයක් වුනානම් අධිකරණයට යන්න පුලුවන්කම තියෙද්දී කෙකර ගාන්නේ බිත්තර දාන්න වෙන්නැති. දවස් 52ක කුමන්ත්‍රණයක් කරලා... මිනිස්සු ඉස්සරහා පචවෙලා, රටේ ආර්ථිකය විනාශ කරපු හැටි අපි දැක්කා. ඒවා හොයන්නේ, බලන්නේ නැතුව ඉන්නද කියන්නේ?

:       1154       824

RaveendraFriday, 28 December 2018 02:30 PM

සමන්ත මයාවෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප කිසිවිට කලබල වී නොමැත. අපට කිසිඳු පක්ෂයක් නොමැත. අපට නම් මහින්ද, රනිල්, සිරිසේන එක වල්ලේ පොල්ය. රතු මලයලා ලපටි කුරුම්බාය. අප හැමවිට කව්රු කළාත් හොඳ නම් එය හොඳ ලෙසත්, වැරදි නම් එය වැරදි ලෙසත් කීමට පසුබට නොවන්නෙමු. දියවන්නා ඔයේ හිඟන්නන් 225ම ජීවිතේ ගෙවා ගන්නේ සහ සුරසැප විඳින්නෙත් ඔබේ මෙන් අපේද බදු මුදල් වලින්. එමෙන්ම ඔබ මෙන්ම සියල්ලෝම අද දිනත් කුසගින්න නිවාගත්තෙත්, හෙට දිනත් එසේ කරන්නෙත් අපගේ දහදිය ලේ කඳුලින් උපයාගත් සහ උපයන විදේශ විනිමයෙන් බවත් ආඩම්බරයෙන් කීමට කැමැත්තෙමු. අප කිසිදිනක අපගේ මාතෘභූමියට ණය නැත. අප අපගේ මව්බිම හැමවිටම වචනයෙන් හෝ ඉදිරියෙන් තැබීමට මේ මොහොතේත් උත්සාහ කරන්නෝය...

:       406       1009

සේනක Friday, 28 December 2018 02:46 PM

මහබැංකුව මංකොල්ල කනකොට ඒකේ කොටස් කාරයෙක්ද කොහෙද? තමුන්නාන්සේලා කොහොම කඩේ ගියත් ඉදිරි මැතිවරණයේදී ජනතාව තීරණය කරයි මොනවාද කරන්නේ කියලා...?

:       288       456

prabha Friday, 28 December 2018 10:10 AM

මෙයාලා වාර්තා හදහද ඉන්නවා. රට වලපල්ලට යනවා.

:       107       254

dilum Friday, 28 December 2018 10:17 AM

හිනස්සවන්න එපා යකුනේ...

:       100       270

Bamunuarachchi Friday, 28 December 2018 10:46 AM

මම හිතන්නේ ජනතාවට සහන සලසන්නේ කොහොමද කියලා ඉගෙනගන්නද කොහෙද?

:       116       446

pjFriday, 28 December 2018 10:36 PM

ජනතාවට සහන සලසන මුවාවෙන් පරම්පරා ගණනකටම සෑහෙන්න ගසාකන හැටි ඉගෙන ගන්න ඕනෑ නම් මෙන්න යායුතුම තැන...

:       0       2

BamunuarachchiSunday, 30 December 2018 03:58 AM

කාපු පතට පහරන්න එපා හලෝ... එහෙම එවුන්ට පස්ස පැත්තේත් පිළිකා එනවා .

:       18       0

chanak los angelesSaturday, 29 December 2018 01:25 AM

අනුන් ලවා විභාග පාස් කරගත් පුද්ගලයින්ගෙන් ඉගෙන ගන්න යන පුද්ගලයා කව්ද?

:       0       14

BamunuarachchiMonday, 31 December 2018 12:18 AM

විභාග වලින් දැනුම මනින මැට්ටා කවුද ? අනේ අපොයි මෙහෙමත් මිනිස්සු! මොකක්ද පාස් කරලා තිබෙන විභාගය?

:       0       0

BamunuarachchiSaturday, 29 December 2018 07:34 AM

මහින්ද මහතා කීවා බදු ගැනිල්ලත් මලනොතලා රොන් උරනවා වගේ කෙරෙන්න ඕනේ කියලා. ඒ නිසා බුලත් අතක් දීල වැඳලා හරි ඒ ක්‍රමය අහගන්න.

:       37       25

දිලුම් Friday, 28 December 2018 10:52 AM

හිටපු අවුරුදු තුන හමාරටම නොකරපු ඒවා දැන් කරන්න දඟලනවා. අනේ අපි තොත්තබබාලා කියලද හිතන් ඉන්නේ...? ඔහේත් මේ රටට කරපුව ගැන වාර්තාවක් රටට දුන්නොත් ඒකත් ලොකු දෙයක්.. අනේ අපිට නම් ඔහෙලගෙ මූණූ පේනකොටත් පුදුම සතුටක් ඇති වෙන්නේ. නොදකින්...

:       106       543

RaveendraFriday, 28 December 2018 12:02 PM

සහතික ඇත්ත මේ පාදඩයෝ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඔක්කොම මැරිලා ඉපදිලා අලුතින් සහ මේ අය විතරක් පරණයි කියලා... අනේද කියන්නේ? එතකොට එකී මෙකි නොකී දේවල්.... හිතං ඉන්නේ බබාලා කියලා අනිත් අය...

:       434       490

sisira Friday, 28 December 2018 10:56 AM

ඩොලර් එක රුපියල් 187ත් පැනලා.. ආයේ මොන වාර්තාද? අවුරුදු 3ක වාර්තාවල ප්‍රතිඵල තමයි..

:       113       534

chanak los angeles Friday, 28 December 2018 09:02 PM

ජම්පරය අන්දවන්නම ඕනේ ...

:       58       6

BamunuarachchiSunday, 30 December 2018 03:42 AM

බැංකු හොරුන්ට ජම්පරය හොඳ වැඩියි. රටේ ආර්ථිකයට කළ හානියට අමුඩය අන්දවා ගෝල් ෆේස් පිටියට ගෙනැල්ලා ගල් ගැසිය යුතුය. පළමු ගල මම ඔලුවටම ගහන්නම්...

:       0       0

V.warnakulasuriya Friday, 28 December 2018 10:30 PM

අපේ දේශපාලකයන් තවමත් ඉන්නේ සෙල්ලම් ගෙවල් හදන වයසකයි. පුංචිකාලේ අපි වරදක් කළාම ඇයි අරයත් කළේ කියා සම කරගැනීමේ උත්සාහයක යෙදුනෙමු. එහෙත් රටක් පාලනය විය යුත්තෙත් එසේමද? කිසිවෙකුට වැරදි නොකිරීමටත්, වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබාදීමටත් ක්‍රමයක් ගැන කිසිවෙකුත් කතා නොකරන්නේ එය තම පංතියේ අවශ්‍යතාවයක් නිසාද යන්න අපට සිතන්නට සිදුවේ. එයාගේ වැරදි මෙයා කියනවා. මෙයාගේ වැරදි එයා කියනවා. අවුරුදු 70ක් අපි මේවා අහනවා හැරෙන්න හිර ගෙදරක දවසක් ගත කළ දූෂිත දේශපාලකයෙක් ගැන අසා නැත්තෙමු...

:       0       52

Bamunuarachchi Friday, 28 December 2018 11:47 PM

මේ උන්දෑ රට ගැනවත්, මහා බැංකුව ගැනවත් දන්නා කෙනෙක් නොවෙයි වගේ... රනිල්ගේ රත්තරන් චේන්, බ්‍රේස්ලට් ලැබෙයි ලැබෙයි කියා රනිල් පස්සේ යන කෙනෙක්... මට මතක් වෙන්නේ "පෛඩ් පයිපර් ඇන්ඩ් රැට්ස්" කතාවේ නලා කාරයා පස්සේ ගිය මීයෝ රැළ...

:       113       136

rocky Saturday, 29 December 2018 01:32 AM

මහින්දලාගේ පවුල්වල සහ බමුණා වැනි දාසයන් හිතවතුන් ඒ අයගේ දේපල උපයා ගත් ආකාරයත් ඒ කාලේ මහ බැංකුව කබ්රාල් යටතේ කොල්ල කාපු ආකාරයත් ඔය ගමන්ම පරීක්ෂා කර බලන්න! මහබැංකු කොල්ලය ගැන ඔක්කොම රහස් පටස් ගාලා එලියට දානවා කියපු ජනාධිපති තුමා අැයි එහෙම කරන්න බය? කරන්න බැහැ. ඔක්කොම හොරු!

:       39       104

BamunuarachchiSaturday, 29 December 2018 04:53 PM

හලෝ බමුණාට බැනලා වැඩක් නැහැ. බමුණා කියනදේ වැරදී කියලා පැහැදිලිව ඔප්පු කරන්න. බමුණා මහින්දගෙන් වුණු සේවය පැහැදිලිව කියනවා. ඔබලා රනිල්ගෙන් බලයේ සිටි කාලයට සිදුවූ සේවය කියන්න. මහින්දගෙන් බමුණා කියන සේවය ඉටු වුනේ නැතිනම් ඒ බවත් කියන්න. බමුණා කියන, රනිල් බැංකුව මංකොල්ල කන්න විජාතික යාළුවාට ඉඩ දීපු බව සල්ලි බෙදාගත් බව හා තව කාරණා කොමිසමේ සාක්ෂිවල කියැවුණා. රටේ ජනාධිපති රනිල් ළඟ තියාගෙන මුහුණටම කිව්වා. නමුත් මහින්දගේ වංචා හොයන්න කව්රුත් කොමිෂන් සභා දැම්මේ නැහැනේ. ඒ මොකද? වැඩ බැරි බාස්ලා කරුණු ගැන වාද කරන්නේ නැහැ කතා කරන පුද්ගලයා ගැන වාද කරනවා. මෙහෙව් අයටත් ශිල්ප සෑදේ.

:       19       0

BamunuarachchiMonday, 31 December 2018 12:30 AM

ඔක්කොම හොරු තමයි හොරු අතරින් රටට විශාල සේවයකළ හොරා කවුද කියලා කියන්නකෝ. රනිල් රටට සේවයක් කලාද? කෙරුවානම් මොකක්ද? බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. මහින්ද රටට කරපු සේවයත් ඔබටම කියන්න පුළුවන් ඔබ කුහකයෙක් නොවෙයිනම්.

:       0       0

සෙනෙවි Saturday, 29 December 2018 02:04 AM

මෙය මහින්ද මහතාගේ කුමන කාලයට අදාළදැයි පැහැදිලි නැත. මොහුට කළ යුතුව තිබුනේ 2015ට පෙර කාලය සම්බන්ධයෙන් මෙවැන්නක් කිරීමයි.

:       8       2

BamunuarachchiSunday, 30 December 2018 03:56 AM

2004-2009 කාලය ගැන කතා කලානම් වඩාත් හොඳයි. එතකොට තමන්ගේ රෙද්ද තමන්ම ගැලව ගත්තාවෙනවා. ඒ වගේම දුෂ්කර අවස්ථාවල රටේ ආර්ථිකය මෙහෙයවන හැටි ඉගෙන ගන්න පුළුවන්. නැතුව මොන ගොබ්බයද විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන්නේ සෙනෙවි?

:       0       24

සෙනෙවි Saturday, 29 December 2018 02:04 AM

මෙය මහින්ද මහතාගේ කුමන කාලයට අදාළ දැයි පැහැදිලි නැත. මොහුට කළ යුතුව තිබුනේ 2015ට පෙර කාලය සම්බන්ධයෙන් මෙවැන්නක් කිරීමයි. එසේ කර ගණන් හිලව් අැතිව රට භාර ගැනීමයි. එසේවුවානම් අවජාතක ප්‍රශ්නවල අයිතිය ජනතාවට දැනගත හැකිව තිබුණි.

:       20       1

සමන්ත Saturday, 29 December 2018 03:14 AM

සමන්ත මෙන්න පළවෙනි ඡන්ද ප්‍රතිඵලය. ඔය දවස් 52 කුමන්ත්‍රණය අතරතුර මහජන සේවය නිසා සිගිරිය නගින්නවත් වෙලාවක් නොතිබුණු දේශප්‍රේමියෙක් රාජගිරිය ප්‍රදේශයෙන් කෝටි හතහමාරකට මහා මන්දිරයක් අරගෙන ඇති බව සැලවී තිබේ. වැඩිදුර විස්තර ළඟදීම.

:       19       227

Hafeel Saturday, 29 December 2018 06:21 AM

රනිල්, මහින්ද, මෛත්‍රී තමන්ට අවාසි වෙනකොට එක් එක්කනාගේ වැරදි හොයනවා. නමුත් කාටත් දඬුවම් දීලා නැහැ.

:       0       5

BamunuarachchiSaturday, 29 December 2018 10:55 AM

හලෝ බාර ගත්ත වැඩේ පැත්තකින් තියලා අනිකාගේ නම කියමින් වැරදි හොයන එක, හොරා හොරා බැංකු හොරා කියමින් හෝ අනුන් ලවා කියවීම මහින්දගේ න්‍යායපත්‍රයේ කොටසක් නොවෙයි.

:       73       94

Bandara Saturday, 29 December 2018 07:50 AM

තවත් සමන්ත වගේ රනිල්ට කඩේ යන අය ඉන්නවනේ.

:       8       40

chinthaka Saturday, 29 December 2018 07:52 AM

අවුරුදු හතරකට පස්සෙද මතක් වුනේ? රටේ ආර්ථිකය කාලා දාලා ගොඩ එන්න බැරිම විදිහට. ඔයා තවත් හිටියොත් රටේ ජනතාවට අබ සරණ තමයි.

:       0       41

Bamunuarachchi Saturday, 29 December 2018 09:20 AM

හලෝ වැඩබැරි බාස්ලා තමයි තමන්ට ජොබ් එකක් පැවරුණාම වැඩේ නොකර අනිකා ගැන සොයන්න කාලය ගතකරන්නේ. 2000 මහින්ද මහතා යුද්ධයකුත් සමග රට බාරගෙන නහයෙන් අඬමින් රනිල් මොනවද රටට කලේ කියා කියා සිටියේ නැත. රනිල්ගේ, චන්ද්‍රිකාගේ හෝ ප්‍රේමදාසගේ යුද්ධ කෙරුවාවල් සෙව්වේ නැත. එජාපයින්ට අවුරුදු 25 සංවිධානය කරගන්න බැරුව සිටි හමුදාව සංවිධානය කරගෙන දකුණේ මිනිසුන්ට නොදැනෙන්න ත්‍රස්තවාදය සමූලඝාතනය කළා. ඒකාලේ බදු ගැසුවේ නැහැ. රුපියල බාල්දු වුනේ නැහැ. අද රටට කරපු වැඩකුත් නැහැ. බදුත් ගහලා දැන් මහින්ද මොනවද කලේ? හොයන්න මුදලුයි කාලයයි කන්න යනවා. ඕවා රටක නායකයෙකුගේ වැඩද? ලැජ්ජයි හලෝ ලැජ්ජයි.

:       335       400

chandima Saturday, 29 December 2018 02:49 PM

නටන්න බැරි එකා කරන්නේ පොළොවේ ඇදේ හොය හොයා ඉන්න එකනේ.

:       0       30

BamunuarachchiSunday, 30 December 2018 03:47 AM

හැබැයි වැටුනමත් අඩව්වක් හැටියට බලා ඉන්න එජාපයින්ට පෙනෙනවා. නැතුව මෙයා වැටුණා කියා දකින්නේ නැත..

:       0       12

BamunuarachchiSunday, 30 December 2018 03:48 AM

චන්දිම ඔන්න ඔහොම බෝලේ උඩ දාන්න මම ඩෑෂ් එක දෙන්නම්...

:       0       0

Dasa Saturday, 29 December 2018 06:41 PM

අපි හිතුවේ රටේ ආර්ථිකයට අදාල පියවර ගත්තේ 2015 මුල්ම කාලේ කියලයි. ඒ කියන්නේ මෙතුමාට හොඳ ආර්ථික දර්ශනයක් තියෙනවා කියලා කියන කතාව මිනිස්සු රවටන්න කියන කතාවක් වෙන්න ඕනෑ.

:       0       0

Deepal Nirosh Sunday, 30 December 2018 10:09 AM

මහින්ද මුදල් අැමති කාලේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. ඒත් ආර්ථිකය ක්‍ර‍මානුකූලව වර්ධනය වුණා. මහාමාර්ග ඇතුළු රටේ යටිතල පහසුකම් ප්‍ර‍වර්ධනය වුණා. රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා වුණා. සේවක වැටුප් කලින් කල වර්ධනය වුණා. රටේ ණය බර දළ දේශීය නිෂ්පාදියට ප්‍ර‍තිශතයක් ලෙස පාලන මට්ටමක තිබුණා. කුප්‍ර‍කට මහ බැංකු මංකොල්ලය තරමට නො වුණත් දූෂණ සහ මුදල් අවභාවිතාත් යම් මට්ටමකට තිබුණා. මහින්ද මෑත අගමැති කාලේ නම් අවසාන ලක්ෂණය හැර අනෙක්වා නම් නිරීක්ෂණය වුනේ නැහැ. එය ටික දැන දැනත් බොරු කොමිසන් දාලා ආයිත් වාර්තා මොකටද?

:       13       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 73 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1367 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 460 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 258 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 227 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 400 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site