(තිළිණි ද සිල්වා)
ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ විභාගයට ගැනෙන මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාළව හිටපු අගවිනිසුරු කේ.ඒ.ශ්‍රී පවන් මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (26) හිටපු අගවිනිසුරුවරයාගේ වැල්ලවත්තේ පිහිටි නිවසට යෑමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.
එම පැමිණිල්ලට අදාළ 2015 ‐ 2018 කාල සීමාවේ මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සභාපති ධූරය නිලබලයෙන් බාර වූයේ හිටපු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට හෙයින් මෙලෙස ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසන් සභාව තීරණය කළ බවද එහි ප‍්‍රකාශයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව කොමිසමේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කොමිසමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් හෙට (26) දින පෙරවරු 8.30 ට ඒ මහතාගේ නිවසට යෑමට නියමිතය.
මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා හිටපු උසස් අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා වත්මන් රාජ්‍ය සමයේ රජයේ ආයතනවල සිදුවූ වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය පැවැත්වේ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහපොළ අරමුදල ගැන ප්‍රකාශ ගන්න ජනාධිපති කොමිසමේ නිලධාරීන් හෙට හිටපු අගවිනිසුරුගේ නිවසට