(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහපොල පොල්හේන හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ අතක් වෙන්වන සේ කපා කකුලකට ද බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා දින 10කට පසු කැස්බෑව හංදියේ දී ඊයේ (20) අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබුවේ අනුර සිල්වා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි
සැකකරුවන් දෙදෙනා සහ බරපතළ තුවාල ලද පුද්ගලයා මිතුරන් වන අතර මීට සති දෙකකට පමණ ඉහත දී තුවාල ලද පුද්ගලයා ඔහුට අයත් තීරෝද රථ ය රුපියල් එක්ලක්ෂ 10000ක මුදලකට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි උකසට ලබාගන්නා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොළමුන්නේ බබා නොහොත් සුලෝචන නැමැත්තාට උගසට තබා මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි .
එම සිද්ධියෙන් අනතුරුව රුපියල් 5000 ක මුදලක්ද තුවාල ලද පුද්ගලයා ප්‍රධාන සැකකරුගෙන් ඉල්ලාගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර ජංගම දුරකථනයෙන් සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදු කර තිබූ බව පොලිසිය කියයි
ප්‍රධාන සැකකරු ඔහුගේ තවත් මිතුරකු සමඟ තියුණු ආයුධයක් ද රැගෙන තුවාල ලද පුද්ගලයාගේන් උකසට ලබාගත් තීරෝද රථයෙන්ම නිවස අසලට පැමිණෙන විට පොල්ලක් අත දරාගෙන ඔහු සිට ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනා පොල්ල අත දරාගෙන ගෙන සිටි තුවාලකරුට පහර දී අනතුරුව තියුණු ආයුධයකින් ද පහර දී ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබිණි
කැස්බෑව පොලිසියේ මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් දෙදෙනා ගාල්ල ඥාති නිවසකට පලාගොස් සැඟව සිට අනතුරුව රත්නපුරට ගොස් ඊට දින කිහිපයක් සැඟව සිට යළි කොළමුන්න නිවස කරා පැමිණෙමින් සිටියදී ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී පහර දීමට යොදා ගත් තියුණු ආයුධය ද සොයාගත් බවත් ,පහරදීම සඳහා සැකකරුවන් දෙදෙනාගේ තීරෝද රථයද පොලිසිය භාරයට ගත් බවත් පොලිස් නිලධාරියකු පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බරපතළ තුවාල ලද පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මහමඟදී අතක් කපා පළාගිය දෙදෙනා අත්අඩංගුවට