(බිඟුන් මේනක ගමගේ)
මහවැලි උපදේශක සේවා කාර්යාංශය ඈවර කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සිය කාර්යාංශ නිලධාරින්ට දැනුම් දෙනු ලැබ ඇතැයි එහි නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
ඒ අනුව ගණන් බේරා වසා දමා සමාගම සතු වත්කම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරාගැනීමට නියමිත යැයි ද විශේෂ කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකින් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.
මෙම දැනුම්දීම නිසා ඇතැම් ආයතන සමග එළැඹ තිබූ ගිවිසුම්ගත ව්‍යාපෘති රැසක්ම අතරමග නතර කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මහවැලි උපදේශක සේවා කාර්යාංශ සේවක මණ්ඩලය සම්බන්ධයෙන් ගන්නා පියවර මේ වනතුරු දැනුම් දී නැති නමුත් සමාගම වසාදැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසීය.
සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය ද පසුගිය කාලයේ ඉල්ලා අස් වී යැයි කී හෙතෙම සැකකටයුතු
ආකාරයට සිදු වූ මූල්‍ය ගනුදෙනුවක් ඊට හේතු යැයි ද කීවේය.
ආයතනය ලාභ ලබන තත්ත්වයේ පැවතියේ යැයි ද වසා දැමීමට කිසිදු හේතුවක් නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මහවැලි අධිකාරියට අනුබද්ධිත සමාගමක් වන මහවැලි උපදේශක සේවා කාර්යාංශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතී.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහවැලි උපදේශන සේවා කාර්යාංශය ඈවර කරයි