IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

(නිමල් ජයරත්න)

රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රුපියල් කෝටි 280 ක ආදායමක් අහිමි වන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසයි. 

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය  කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව අවධානරණය කළේය.   පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සභාපතිවරු රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණයක කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වි වගා කිරීම වර්ජනය කරන්න තීරණය කළා.

රජය රටින් රතු කුඩු වගයක් ගෙන්වලා. මේ මහපොළොවත්, වී ගොවිතැනත් අමු අමුවේ මරන්න හදනවා.ඒ ගෙන්වන රතු කුඩු මේ පසට,කොතරම් සුදුසුද යන්න කිසිදු පරීක්ෂණයක් කර නැහැ. ඒ නිසා අපි රජයට  කියනවා කරුණාකරල මහ කන්නයේ වී වගා කිරීමට රසායනික පොහොර වහාම ලබා දෙන්න කියලා.

කාබනික පොහොරවලින් වී වගා කරන්න කැමතියි කියලා ජාතික ගොවි සම්මේලනය දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනකු කැමතියි කියලා කෘෂිකෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා.ඒක අමූලික බොරුවක් කිසිම ගොවි නායකයකු එහෙම ප්‍රකාශයක් කර නැහැ.

පොළොන්නරුවේ ගොවීන් හැටියට අපි ඒකමතිකව තීරණය කළා කාබනික පොහොරවලින් වී වගා කරන්නෙේ නෑ කියලා. අපි රටේම ජනතාව මේ කියන්නේ ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ රට සාගතයක් කරන්න එපා.

 



අදහස් (5)

මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

mahesh Tuesday, 19 October 2021 11:57 AM

කමක් නැහැ. අපි ගඩා ගෙඩි කාලා හරි ජිවත් වෙලා ඊලඟ පාරත් මේ හොරු ටිකටම ඡන්දේ දෙනවා.

:       1       11

කාබනිකා රාජපක්ෂ Tuesday, 19 October 2021 01:31 PM

ඒකට මොකද? කෘෂි ඇමති කෝටි 8ක් දීලා කාබනික ඇඩ් කෙරුවනේ... ඒ හොදටම ඇති. කුඹුරක් පය ගැටුනු නැති බී ඇන්ඩ් එස්ලා... තවත් බාගෙට තැම්බුනු බිත්තර වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ළපටි නළු නිළියෝ කාබනික පෝරෙන් ගොවිතැන් කරන මැජික් එක ගමේ ගොයියන්ට හරි අපූරුවට කියා දුන්නේ.. ඒ මදිද? කාබනික පෝර ගැන කතා වෙද්දිම ඇඩ් හදලා රට ස්වයංපෝෂිත කරලා ඉවරයි. ඔන්න ආණ්ඩුව පිටිපස්සේ ඉන්න මුදලාලිලාගේ තරම. වෙච්ච දේකුත් නෑ කෝටි ගානක් වියදම් කරලත් ඉවරයි. ඊළඟ සැරෙත් මේ කට්ටිය හදන ඇඩ් බලලා ඡන්දෙ දෙන්න පිංවතුනේ....

:       0       2

fairoos Tuesday, 19 October 2021 01:36 PM

කොරෝනා නිසා අපේ සර් ෆේල්

:       3       1

de silva Tuesday, 19 October 2021 02:42 PM

ආණ්ඩුව මේ කොරෝනා අස්සේ එක එක විකාර කරන්නේ නැතුව ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ගෙනත් දුන්නානම් මෙහෙම වෙන්නේ නැහැ.

:       0       0

Rohana Tuesday, 19 October 2021 04:53 PM

මේක බක පණ්ඩිතයින්ගේ ආණ්ඩුවක්. ගොවි ජනතාවගේ ඉල්ලීම් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. අන්තිමට. වෙන්නේ සහල් ගිනිගනන් වලටවත් හොයාගන්න බැරිව හාමතේ මැරිල යන්න තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 613 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 149 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 167 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 365 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 652 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 279 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site