IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මහ දවල් අමු අමුවේ කොල්ලයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටිය ලෝරන්ස් මාවතේ රථගාලකදී පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදල් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා මංගල උත්සවයකට සහභාගිවීම සඳහා රථය ගාල්කිරීමට සූදානම් වෙද්දී ආරක්ෂිත හිස් වැස්මක් පැළඳි පුද්ගලයකු පොලිසියෙන් යැයි පවසා අත් මාංචු දමා එම මෝටර් රථයේ පිටුපස අසුනට දමා පලාගොස් ඇති බවත් මද දුරක් ගොස් රන්මුදු දෙකක සහ අත් පළඳනාව පැහැරගෙන ඔහුගේ බිරිඳ ද එම ස්ථානයට ගෙන්වන ලෙස තර්ජනය කර තිබූ බවත් පොලිසිය කියයි.

එම පුද්ගලයා දෙමළ බසින් සිය බිරිඳ අමතා පත්ව ඇති තත්වය පැහැදිළි කර ඇයට උත්සව ශාලාවෙන් පිටතට නොඑන ලෙස දැනුම්දී ඇති බව කී පොලිසිය කොල්ලකරු අදාල පුද්ගලයා පෞද්ගලික බැංකුවක ඒ.ටීඑම්. යන්ත්‍රයකට ගෙන ගොස් රුපියල් 30,000 ක මුදලක් ද බැංකු කාඩ් පත යොදා ලබාගෙන ඇති බවත් සඳහන් කළේය.

කොල්ලකරු පැහැරගත් පුද්ගලයා සමග මංගල උත්සව ශාලාව ආසන්නයට නැවත පැමිණීමේදී පොලිස් නිලධාරීන් එහි රැඳී සිටිනු දැක මෝටර් රථය නවතා පලාගොස් ඇති බවත් පලාගිය පුද්ගලයාගේ බවට සැක යතුරුපැදියක් රථගාල ආසන්නයේ තිබියදී සොයාගැනීමෙන් අනතුරුව ලියාපදිංචි අංකය ඔස්සේ කළ පරික්ෂාවේදී එය කිරිඳිවැල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වූ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (1)

මහ දවල් අමු අමුවේ කොල්ලයක්

Demuni Uduwara Thursday, 09 December 2021 11:19 PM

අවදියෙන් සිටින්න..! මෙවැනි අපරාධ සිදුවිය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 89 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 864 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 872 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site