IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මුළු දිවයිනටම අද රත්‍රී11 සිට සංචරණ සීමා

(නිමන්ති රණසිංහ)

දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා අද මධ්‍යම රාතී‍්‍රයේ සිට පනවන අතර එම සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලූයම 4.00 දක්වා කි‍්‍රයාත්මක කෙරෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම, ලබන 25 වැනිදා රාති‍්‍ර 11.00 සිට 28 වැනිදා අලූයම 4.00 දක්වා යළිත් සංචරණ සීමා කි‍්‍රයාත්මක කෙරෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

කොවිඞ් වයිසර ව්‍යාප්තිය සීග‍්‍ර ලෙසින් වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් පවතින නිසාත් වෙසක් සතිය නිමිත්තෙන් සිදුවන මහජන ඒකරාශීවීම් වැළැක්වීම සඳහාත් මෙම පියවර ගත් බව ඔහු පැවසීය.

සංචරණ සීමා ලිහිල් වන 25 වන අඟහරුවාදා අලූයම 4.00 සිට රාතී‍්‍ර 11.00 දක්වා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් පිටතට යා හැකි බව ද සඳහන් වෙයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය සහ සේවා කටයුතු සදහා මෙම සංචරණ සීමා පැනවීම කිසිදු බාධාවක් නොවන බව ද හමුදාපතිවරයා පැවසීය.

මෙම සංචරණ සීමාවන් පැනවීමෙන් අපේක්ෂා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඒ හේතුවෙන් මෙම කාලසීමාවේදී තම නිවෙස්වලටම වී සිටීමට වග බලා ගන්නා ලෙසත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (3)

මුළු දිවයිනටම අද රත්‍රී11 සිට සංචරණ සීමා

arun Friday, 21 May 2021 03:10 PM

අදහස හොඳයි පැහැදිලි මදියි...

:       2       6

hesaFriday, 21 May 2021 09:25 PM

මට තේරුණු විදිය අද මධ්‍යම රාත්‍රියේ සිට පනවන අතර එම සංචරණ සීමා ලබන 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වාත්, 22,23,24, දිනයන් එදිනම එනම් 25 වැනිදාම අළුයම 04:00 සිට රාත්‍රී 11:00 දක්වා පැය 19 ක් සීමා සහිතව, ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් පිටතට යා හැකි බව ද සඳහන් වෙයි. එසේම, නැවත එදිනම එනම් 25 වැනිදා රාති‍්‍ර 11.00 සිට 28 වැනිදා අලූයම 4.00 දක්වා යළිත් සංචරණ සීමා කි‍්‍රයාත්මකයි 26,27 දිනයන්...

:       0       1

Sri Lanka Friday, 21 May 2021 09:19 PM

ඔය සීමා දාලා ඕක නවත්වන්න බැහැ. හැදුණත්, මැරුණත් ඒ අය දිනුම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 522 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 173 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 82 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 79 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 693 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 872 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site