IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘මේ ආණ්ඩුව විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ‘‘

(අංජුල මහික වීරරත්න)

ගමෙි මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ආණ්ඩුව දැන්වත් දේශපාලන උද්දච්ච කමින් මිදී සෞඛ්‍ය උපදෙස් සහ පළපුරුදු දේශපාලන නායකයන්ගේ උපදෙස් අනුව තීරණ ගතයුතු බවද විජයවර්ධන මහතා කියයි.

රට මුහුණපා ඇති වත්මන් අර්බුද පිළිබඳව අදහස් දක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ රුවන් විජයවර්ධන මහතා "වෛරස වෙිදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙිත් සිටිනවා. ඒ මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. නමුත් ආණ්ඩුව එම විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම නිසයි.

වසංගතයක් යනු දේශපාලන තීරණ ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් නොවේ.වසංගතයක් මැඩලීමට නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් බව බාලාංශයේ දරුවෙක්ට වුණත් තේරෙන කාරණයක්. ආණ්ඩුව දැන් බල්ලගේ වැඩේ බූරුවා කරන්නා වගේ කොරෝනා මර්දනයටත් දේශපාලනය ඈඳාගෙන තිබෙනවා"යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කියයි.

 



අදහස් (15)

‘‘මේ ආණ්ඩුව විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ‘‘

Sara Tuesday, 01 June 2021 02:47 AM

ඔබතුමා හොඳටම කළා මතකයි අපිට...

:       4       15

Ravindra Tuesday, 01 June 2021 02:56 AM

ඔව් සර්... ඔයා ශ්‍රී ලංකාවේද?

:       5       11

chandima Tuesday, 01 June 2021 03:26 AM

විශේෂඥ කිව්වේ රනිල්ට වෙන්න ඇති. පසුගිය දවසක වජිර අබේවර්ධන මහත්තයා කියලා තිබුණේ මේවගේ වෙලාවක රට කරවන දැනුම තියෙන්නේ එතුමාට කියලා.. ඒත් ඒ තරම් දැනුම් සම්භාරයක් ඇති එතුමා බලයට පත්වෙලා උන්නු කාලේ රටට කරපු දෙයක් නැහැනේ...අන්තිමේ... ඒත් ළඟදී එතුමා ආයෙත් පාර්ලිමේන්තු එනවා කියලා තිබුණා.. අර පින් මන්ත්‍රීකමට පත්වෙලා.. සමහර විට විශේෂඥ දැනුම දෙන්න වෙන්න ඇති..

:       4       21

SL Tuesday, 01 June 2021 03:52 AM

අනේ ලොක්කා, පැත්තකට වෙලා ඉන්නවද? කරපු මගුලකුත් නැහැ... බුද්ධි තොරතුරු 300 ගානක් ඇවිත් බෝම්බ ගහනකල් බකන් නිලාගෙන ඉඳලා දැන් එනවා.

:       4       22

වීරවිජේ Tuesday, 01 June 2021 05:29 AM

බොම්බ පුපුරනකං වගකීම දැක්කා. අනේ නිකං යන්න...

:       5       22

kasun Tuesday, 01 June 2021 05:55 AM

අනේ මේ යන්න මහත්තයෝ... මගුලක් කියවනවා.

:       4       12

Rata Perata Tuesday, 01 June 2021 06:14 AM

බලයේ ඉන්න කාලේ මේ අර වගකීම් පැහැර හැරිය නිසා තමයි. ඊට වඩා සිය ගුණයකින් රට විනාශ කරන මේ අසාර්ථක ජනාධිපති හා රජය ඉන්නේ...

:       1       3

Keppetipola Tuesday, 01 June 2021 06:43 AM

ඒකනේ කියන්නේ විමල්, ගම්මන්පිලගෙන් අහන්න තිබුණා..

:       8       7

විපරමා Tuesday, 01 June 2021 06:45 AM

ඒකටනේ ඔය වියත්මග කියලා මොලකාරයින් ටිකක් පත්වෙලා ඉන්නේ...!!! 

:       9       7

fairoos Tuesday, 01 June 2021 07:00 AM

උඩ කමෙන්ට් දාන අය තාම කියලනා සර් ට පුලුවන් කියලා

:       10       7

de silva Tuesday, 01 June 2021 08:22 AM

එහෙම උපදෙස් අවශ්‍ය නැහැ. දේශීය ක්‍රමයට පැණි බීලා.. මුට්ටි ගඟේ දමලා ඕක ගොඩින් බේරගන්න පුළුවන්..

:       2       3

Hamid Tuesday, 01 June 2021 10:05 AM

බොරදියේ මාළු බානවා...!!!

:       0       3

විජේ Tuesday, 01 June 2021 10:49 AM

අමතක වුණාද?, ඔයා තමයි පාස්කු ප්‍රහාරය කාලේ ආරක්ෂක ඇමැති...!!!

:       0       2

රමනී Tuesday, 01 June 2021 11:24 AM

සංචරණ නීති අනුව රැස්වීම් තහනම් වුණාට ඔයාලා එජාප රැස්වීම් සිරිකොත ඇතුලේ තිබ්බේ කොහොමද? විශේෂඥ උපදෙස් අනුවද? පියුමිලා විතරක් නෙවෙයි මේ අයවත් අත්අඩංගුවට ගන්න ඕනෑ.

:       1       2

de silva Tuesday, 01 June 2021 05:25 PM

විජේ ඔබට මතක් කරමි... පාස්කු ප්‍රහාරේ කාලේ ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 13 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 29 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 145 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 253 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 167 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 290 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site