IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘මේ ගොවියාටත්, ගොවිතැනටත් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙලාවක්‘

(ඩයනා උදයංගනී)

කෘෂිකර්මාන්තයට, ගොවියාට හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා තෛපොංගල් දිනය මෙවර සමරන්නේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට අවශ්‍යම මොහොතක යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ සිංහල, දමිළ සියලු ජන කොටස්වල හිත් දිනාගත් සහෝදරත්වයෙන් කටයුතු කරන දේශපාලන පක්‍ෂයක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති තෛපොංගල් දින සැමරුමට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද පැවසීය.

“අපේ රටේ අපි සෑම කෙනෙක්ම පොදුවේ සමරන උත්සව අතර තෛපොංගල් උත්සවයත් තිබෙනවා. එය හින්දු ජනතාවගේ ආගමික උත්සවයක් වුවත් කෘෂිකර්මාන්තයට හා පශු සම්පත සඳහා හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා මෙම උත්සවය අප කාටත් වැදගත්. සිංහල බෞද්ධ සංස්කෘතියත්, දමිළ හින්දු සංස්කෘතියත් අතර ඉතා දීර්ඝකාලීන සම්බන්ධතාවයක් තිබෙනවා. මගේ දේශපාලන ජීවිතයේදී පොළොන්නරුවේ සිටින දමිළ ජනතාවත් සමඟ දීර්ඝ කාලයක් තෛපොංගල් උත්සවයට සහභාගී වී තිබෙනවා. කෘෂිකර්මාන්තයට ගොවියාට ගවයාට ආශීර්වාදය ලබාගන්නා මේ මොහොතේ අපේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ රටේ සිංහල, දමිළ සියලු ජන කොටස්වල හිත් දිනාගත් සහෝදරත්වයෙන් කටයුතු කරන දේශපාලන පක්‍ෂයක්.” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති මහින්ද අමරවීර, පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උප ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

 

 



අදහස් (8)

‘මේ ගොවියාටත්, ගොවිතැනටත් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙලාවක්‘

චන්දන Wednesday, 12 January 2022 03:09 PM

ඔයාගේ සහෝදරයා නිසා පාරිභෝගිකයින්ට දෙවියන්ගේ පිහිට ඕනෑවෙලා තිබෙනවා...

:       0       8

fairoosWednesday, 12 January 2022 05:26 PM

එතකොට අපේ සර් තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       3       2

BamunuarachchiWednesday, 12 January 2022 07:27 PM

නැතිනම් ඔහෙලා කොරෝනා වලින් පස්වෙලා බොහොම කල්.

:       0       0

JundaThursday, 13 January 2022 01:51 PM

කවුද කිව්වෙ?

:       0       0

BamunuarachchiFriday, 14 January 2022 04:48 PM

සර් හොඳට කළේ නැතිනම් මොවුන් කොරෝනා වලින් පොළවට පස්වෙලා බොහොම කල්... එහෙනම් අටලුගමත් මිනී කනත්තක් කරන්න තිබුණා. අපේ කරුමේට එහෙම වුණෙත් නැහැ...

:       0       0

siri Wednesday, 12 January 2022 06:15 PM

අනේ යන්න මහත්තයා නිකන් සුදුලූනු පුච්චන්නේ නැතුව.

:       0       0

Bamunuarachchi Wednesday, 12 January 2022 07:24 PM

දෙවිවරු බොහොමයි මොන දෙවියාගෙන්ද පිහිට ඉල්ලන්නේ?

:       0       0

LGPJ Thursday, 13 January 2022 01:58 PM

දැන් ලංකාවේ වී ගොවියන් රවට්ටන්න හදනවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 37 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 57 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 305 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 127 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 368 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 582 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site